Thursday 30 August 2018


ඥනාර්ථ ප‍්‍රදීපය

මෙම පුවත්පත් ආරම්භ වන්නේ 1866 ජූනි මස 07 වන බ‍්‍රහස්පතින්දා දිනය. මෙම පුවත්පතෙහි පළමු කර්තෘවරයා වූයේ ජුවාන් ප‍්‍රනාන්දු මහතා ය. එතුමා සිංහල පාඨමාලාචාර්යවරයෙකි. ඥනාර්ථ ප‍්‍රදීපය ලෙස පළ වූ ප‍්‍රථම පුවත්පත මුද්‍රණය කරනු ලැබුවේ කොළඹ කොටහේන අනත් දරු පාසලේහි පළමු පුවත්පත පිටු 4 කින් සමන්විත වූ අතර එතුළ කාලීන වශයෙන් වැදගත් තොරතුරු සේ ම කතෝලික ආගමික කරුණු කාරණා මෙහි අන්තර්ගත කර තිබේ.

මෙම පුවත්පත පළවන මුල් සමයේ අගරදගුරු පදවියක් නොතිබූ අතර එකල පැවතියේ ඥණපදවියකි . එ් අනුව ‘‘පීඨ ඉලාරි පූජකවරයාපත‍්‍රයේ අනුශාසක වශයෙන් ආරම්භක සමයේ කටයුතු කර තිබේ.

ඥනාර්ථ ප‍්‍රදීපය සතියකට වරක් බැගින් ප‍්‍රකාශයට පත් කර ඇති අතර සෑම බ‍්‍රහස්පතින්දා දිනක ම පුවත්පත පළ කරන ලදී. මෙම පුවත්පත සාමාන්‍ය පුවත්පත් වෙළඳපල තුළින් මිලට ගන්නේ නම් එක පත‍්‍රයක් පැන්ස 03 ක් පමණ වූ අතර ,
කර්තුවකට (මාස 03 ට) මුදල් ගෙවා පුවත්පත වෙන් කර ගැනීමට ද පාඨකයාට අවකාශ සලසා තිබුණි. මාස 03 සඳහා සිලිං 2 යි පැන්ස 06 ක් ගෙවිය යුතු විය.

එකල පුවත්පත ‘‘ලංකාවේ හවුල් ගණන් නියම වූ කතෝලික සමාගමමඟින් නිකුත් කරන ලද අතර එම සමාගම පවුම් 2000 ආරම්භක ප‍්‍රාග්ධනයක් යොදවා සාමූහික සමාගමක් ලෙස ආරම්භ කරන ලදී.

මුල් කාලයේ පටන් ම ඥනාර්ථ ප‍්‍රදීපයේ මුදල් භාර ගැනීමට කොළඹ කොටහේන , මොරටුව , කළුතර , ගාල්ල , මහනුවර , මාතලේ , ගම්පොළ , තංගල්ල, කඩුගන්නාව, රත්නපුර , නුවරඑළිය , බදුල්ල , මීගමුව , ජාඇල , පමුණුගම , ආදී ප‍්‍රදේශ රාශියක් නියෝජනය කරමින් නියෝජිත මහතුන් පත්කර තිබිණි. ඒ අනුව පෙනී යන්නේ මෙම පුවත්පත ආරම්භක අවධියේ පටන් ම දීප ව්‍යාප්තව පැවැති බවයි.

පළමු පුවත්පතේ පටන් ම සඳහන් වන්නේ පුවත්පතෙහි ලිපි සැපයීමේදී අන් අයට අපහාස කිරීමට, සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට, අන් අය හෙළා දැකීමට කටයුතු නොකළ යුතු බවත් ‘‘සභාවේ යහපතත් සැදැහැවතුන්ගේ යහපතත් සඳහා ’’ ලිපි පළ කළ යුතු බවත් ය.

පළමු පුවත්පතෙහි   අපට ලියුම් එවන තැනැත්තන්ටයනුවෙන් ප‍්‍රකාශනයක් දක්වා තිබේ. එනම්,
 ඊර්ෂියා , ක්‍රෝධ පිරිමසා ගන්නා අදහසින් අපහාස කර ලියා එවන සෑම ලියුම් වළකනු ලැබේ

යනාදී වශයෙන් දක්වා ඇති අතර එතුළින් පෙනී යන්නේ පුවත්පත ආරම්භයේ පටන් ම සමාජ යහපැවැත්ම සකස් කරලීම උදෙසා කටයුතු කළ බවයි.

1866 ජූනි 7 වන දින පළවූ ප‍්‍රථම ඥනාර්ථ ප‍්‍රදීපය පුවත්පතෙහි මුල් ම කතුවැකිය තුළින් කියා සිටින්නේ ඥනාර්ථ ප‍්‍රදීපය ජනතාවගේ ආත්මීය සංවර්ධනය උදෙසා පළ කරන්නක් බවයි. එහි මාතෘකාව වනුයේ,

මූලාරම්භය හෙවත් ඥනාර්ථ ප‍්‍රදීප තත්ත්වය

පළමු පුවත්පතෙහි පළවූ ප‍්‍රවෘත්ති අතර කඩුගන්නාව දුම්රිය මාර්ගය කඩිනමින් සකස් වන බව පවසමින් ලිපියක් පළවී තිබේ.

 රේල්වේ නොහොත් දුම්රථය යන පාර ලෙස එහි ශීර්ෂ පාඨය සකස් කර තිබේ.
ආරම්භක පුවත්පතේ පටන් මේ දක්වා විවිධ කතුවරයන් , සංස්කාරකවරුන් යටතේ පුවත්පත තුළ විවිධ වෙනස්කම් නිර්මාණය වී ඇති අතර මෙම පුවත්පතේ මුල් ම කර්තෘ ජුවාන් ප‍්‍රනාන්දු මහතා වූ අතර ඔහුගෙන් පසුව එ්.එච්.පී දබරේරා , එ්.එම් ජයවර්ධන ආදී ලෙස කර්තෘත්වය ක‍්‍රමයෙන් වෙසන් වී තිබේ.

පුවත්පතෙහි කුතුවරුන් පිළිබඳ කතා කිරීමේදීත් ගරු මර්සලීන් ජයකොඩි පියතුමා ඉතා සුවිශේෂී චරිතයක් වෙයි. ඔහු පුවත්පතට සම්බන්ධ වී පුවත්පතේ වෙනස්කම් රාශියක් සිදු කර ඇති අතර ඔහු කර්තෘවරයා වන්නේ 1940 දශකය තුළයි.
1866 කොටහේනේ ප‍්‍රකාශයට පත් වූ පුවත්පත , 1900 ආරම්භයේ පටන් බොරැුල්ලට රැගෙන එන ලදී.

පළමු පුවත්පතේ පටන් ම කාලීනව අත්‍යාවශ්‍ය කරන කරුණු කාරණා පළ කරමින් ආගමික මෙන් ම කාලීනව වශයෙන් වැදගත් තොරතුරු සිදුවීම් ආදියද අන්තර්ගත කර තිබේ.

නිදසුන්

 වගා කටයුතු හා වාරි මාර්ග වල අවශ්‍යතාව පිළිබඳ ලිපි

 කොරළවැල්ලේ සිදු වූ මිනීමැරුමක් සම්බන්ධයෙන් ද ලිපියක් පළවී ඇත.

‘‘වෙළදාමනැමැති තීරුවක් වෙන් කර ඇති අතර අපනයනය කරන ලද භාණ්ඩ වල මිල ගණන් ආදිය එතුළ දක්වා ඇත. එය ව්‍යාපාරිකයන් සඳහා ප‍්‍රයෝජනවත් දෑ එහි වේ.

මෙම පුවත්පත 1866 සිංහල මාධ්‍යයෙන් ආරම්භ විය. 1869 දී ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ද පුවත්පත පළ කිරීම අරඹා තිබෙන අතර එය මැසෙන්ජර්නම් විය. එ් අනුව ආරම්භයේ පටන් ම අද දක්වා ම දියුණු මුද්‍රණ ක‍්‍රම භාවිතා කරමින් පෙරට වඩා ඉතා දියුණු මට්ටමින් පවත්වාගෙන එන බව ද පැවතිය යුතු ය. මේ වන විට වෙබ් ඔෆ්සෙට් මුද්‍රණ යන්ත‍්‍ර මගින් එහි මුද්‍රණය කරනු ලබයි. බෙදා ගැනීම් ජාලය ද පුළුල් වී ඇති අතර මෙහි සාමාන්‍ය පුවත්පත් වෙළෙඳපලෙන් මිළට ගැනීමට අවකාශයක් නොමැති අතර කතෝලික දේවස්ථාන වලින් මිළට ගැනීමට හැකි ය. එහෙත් මීගමුව හා ජාඇල ප‍්‍රසිද්ධ පොත් අලෙවි කරන ආයතන වලින් එම පුවත්පත් ලබා ගැනීමට හැකි විය.

මේ වන විට පුවත්පත සමතල රටාවන් මුද්‍රණ කොටස, වර්ණ පිටු භාවිතය ආදිය ඔස්සේ සතිපතා පිටු 32 ක් සහිත පුවත්පතක් ලෙස පළ කරනු ලබන අතර, විශේෂ අවස්ථා වලදී අතිරේක පුවත්පත් ලබා දීම ද සිදු කරයි.

වර්තමානය වන කතෝලික මුද්‍රණාලය නම්, කොළඹ අගරදගුරු හිමිපාණන් යටතේ පවතින ස්වාධීන ආයතනය මඟින් ඥනාර්ථ ප‍්‍රදීපය පුවත්පත පළ කරනු ලබයි. එය පාලනය කරනු ලබන අධ්‍යක්ෂකවරයා වනුයේ මහේන්ද්‍ර ගුණතිලක පියතුමන් ය.
1900 පමණ වන විට මුද්‍රණාලය හා පුවත්පතේ හිමිකාරීත්වය කොළඹ අගරදගුරු පදවිය ප‍්‍රදානය කරන ලද හෙයින් එම පදවිය හරහා පුවත්පතේ විකාශනය සිදුවිය. මෙම පුවත්පතේ වර්තමාන හිමිකාරීත්වය දරන්නේ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ය. ඔහු වත්මන් අගරදගුරු තුමා ය.

හිමිකාරීත්වය අගරදගුරු පියතුමා යටතේ පැවතිය ද, පුවත්පතේ සියලූ කටයුතු කලමනා සිදුවන්නේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන මහේන්ද්‍ර ගුණතිලක පියතුමන් අතිනි. සිංහල පුවත්පතේ (ඥනාර්ථ ප‍්‍රදීපය) වත්මන් කර්තෘවරයා වනුයේ ආචාර්ය ගුරු කැමිලස් ප‍්‍රනාන්දු පියතුමන් ය.

වත්මන් පුවත්පතේ අන්තර්ගතය දෙස බලන විට එය ආගමික ප‍්‍රවෘත්ති , අගමික , විදේශ ප‍්‍රවෘත්ති , සමාජීය වශයෙන් තිබෙන කාලීන ගැටලූ පිළිබඳ ලිපි, ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති , කතෝලික දහම පිළිබඳ දැනුවත් කිරීමේ ලිපි , පවුල් ජීවිතය සාර්ථක කර ගැනීම උදෙසා මඟ පෙන්වන ලිපි, කලාව සම්බන්ධ ලිපි, වෙළඳ දැන්වීම් අදිය තුළින් සකස් වී ඇත.
මෙහිදී වෙළඳ දැන්වීම් පළවන්නේ කිසියම් තෝරා බේරා ගැනීමකට යටත් කර වන අතර මංගල යෝජනා ආදිය පිළිබඳ පළ කිරීමේදී කිසිසේත් ම කුලය පළ කරනු නොලැබේ. ගබ්සාවන් හා සම්බන්ධ දේවල් පුවත්පතේ කීර්තිනාමයට හානි වන කවරවුම දැන්වීමක් පුවත්පතේ පළ නොකරයි.

මෙම පුවත්පතේ වාණිජකරණයට යටත් වූ වෙළඳ දැන්වීම් කලාවක් නොමැති අතර, පල්ලිවල තොරතුරු , මංගල්‍යයන් පිළිබ`ද විස්තර ආදිය පළ කරයි. එමෙන් ම පොත් පිළිබඳ මිය ගිය අයගේ සිහි කිරීම්, මංගල යෝජනා ආදිය පළ කරනු ලබයි. එහිදී අවශ්‍යයෙන්ම ප‍්‍රමිතිය පිළිබඳව දැඩි සැලකිල්ලක් කරනු ලබයිි .

මෙම පුවත්පත හුදෙක් කතෝලික දහම පිළිබඳ ප‍්‍රචාරය කරන ප‍්‍රකාශනයක් පමණක් ම නොවන අතර, අන්‍ය ආගමික සමඟින් සාමූහික සම්මිශ‍්‍රණයක් ලෙස ද විටෙක හඳුනා ගත හැකි අතර දේශපාලනික , ආගමික , සමාජීය , යන කාරණා සම්බන්ධයෙන් ද පුවත්පත තුළ තොරතුරු අන්තර්ගත කර තිබේ.


වැඩිදුර  තොරතුරු සැපයීම :- ශිරාන් මෛත‍්‍රී
සහකාර සංස්කාරක
ඥනාර්ථ ප‍්‍රදීපය
කතෝලික මුද්‍රණාලය

No comments:

Post a Comment

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...