Sunday 26 August 2018

භාෂාව හා එහි ස්වභාවය

භාෂා මාධ්‍ය ඇති වීම, සිය අදහස් අනිකුත් අයට සන්නිවේදනය කිරීම ස`දහා තම කට හඬ ක‍්‍රමානුකූල ක‍්‍රමයකට හසුරුවා යොදා ගැනීම නැතහොත් කිසියම් ගැලපීම් රටාවකට අනුව ශබ්ද උච්චාරණය කිරීමේ, ක‍්‍රමයක් හුරුපුරුදු කොටගෙන එය වැඩි දියුණු කිරීමෙන් තම සමාජයේ සාමාජිකයින් සමඟ අදහස් හුවමාරු කර ගැනීම ස`දහා කතා කිරීමේ භාෂා නිර්මාණය කිරීමේ හැකියාව මානව වර්ගයට හිමි වීම සන්නිවේදන ඉතිහාසයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් වන්නේ ය. පුරාණ ලෝකයේ විවිධ මානව කණ්ඩායම් මෙසේ තමාට ආවේනික වු කතා කිරීමේ ක‍්‍රමයක් සංවර්ධනය කර ගැනීම නිසා වත්මන් ලෝකයේ අදහස් හුවමාරු කර ගැනීිම ස`දහා මාධ්‍ය කොට ගන්නා භාෂා දහස් ගණනක් දක්නට ලැබේ. මෙම සෑම භාෂාවක ම ආරම්භක අවස්ථාව විමසා බැලීමේ දී නව වචන එක්වීම, ශබ්ද වෙනස්වීම් ආදී වශයෙන් අද පවත්නා තත්ත්වයට ක‍්‍රමයෙන් එ්වා විකාශනය වෙමින් ආ හැටි අවබෝධ කර ගත හැකි ය. ලෝකයේ අනිකුත් සියලූ සතුන් අභිබවා මානවයාට මේ හැකිකම ඇති වුයේ අනිකුත් කිසිම සතෙකුට නොමැති කථා කිරීමේ හැකියාව, ස්වාභාව ධර්මය මගින් මානවයාට ලැබී තිබීම ය. එමණක් නොව අනිකුත් සියලූම සතුන් හා සැසඳීමේ දී මානවයාගේ කපාල ධාරිතාව ඔවුන්ට වඩා විශාල වන හෙයින් මිනිසාට අනිකුත් සතුන්ට වඩා යමක් සිතීම, නිර්මාණය කිරීම ආදී අංශ වැඩි දියුණු කර ගැනීමට තිබු හැකියාව ද මිනිසාට දෙපයින් නැඟී සිටීමේ හැකියාව හා සිය දෑත පාවිච්චි කරමින් වැඩ කිරීමේ හැකියාව ද ලැබී තිබීම අනිකුත් කිසිදු සත්ත්වයෙකුට නොහැකි පරිදි ඉතා හොඳ සන්නිවේදන ක‍්‍රමයක් නිර්මාණය කර ගැනීමට සාධකයක් වී ඇත. මෙසේ කතා කිරීමේ භාෂාවක් නිර්මාණය කර ගැනීම නිසා මානවයාට සිය අදහස් සිය සමාජයේ අනිකුත් සාමාජිකයන් සමඟ හුවමාරු කර ගැනීමට හැකියාව මෙන් ම අවස්ථාව ද උදා වුවා පමණක් නොව එක් එක් පරම්පරාව මගින් සමාජයේ සියලූම අංශ පිළිබඳ එතෙක් රැුස්කොට ගෙන තිබු දැනුම ඉදිරි පරම්පරාවට දායාද කර දීමේ හැකියාව ද හිමි වීමෙන් විශිෂ්ට මානව ශිෂ්ටාචාරයන් පහළ වීම සිදු වී ඇත.

මානව විද්‍යාඥයන් හා පුරාවිද්‍යාඥයන් විසින් දැනට අනාවරණය කරගෙන අති පරිදි ලොව අනිකුත් සතුන්ගෙන් වෙන්ව මානවයා ශිෂ්ටාචාර ගතවීම සිදු වන්නට ඇත්තේ මීට වසර ලක්ෂ දෙකකට පමණ පෙරාතුව ය. එම අවස්ථාවේ දී මානවයා කිසියම් ප‍්‍රමාණයකට ශබ්ද උච්චාරණය කිරීම හා කතා කිරීම කරන්නට ඇති බව සැලකේ. මේ තත්ත්වය ඇති වන්නේ හෝමෝ සේපියන්ස් නැමැති අවධියේ දී බව සැලකේ. මෙසේ මානවයා විසින් යම් දිනක නිර්මාණය කර ගත් භාෂාව සන්නිවේදනයේ දී ඉතා වැදගත් වී ඇත. එය අංශ දෙකක් යටතේ ක‍්‍රියාත්මක වී ඇත.

එහිදී ප‍්‍රථමයෙන් ඉහත සඳහන් කළ පරිදි භාෂණය හෙවත් කතා කිරිමේ භාෂාවක් නිර්මාණය කර ගැනීමත්, දෙවැන්න වශයෙන් එම භාෂණයේ ශබ්ද එක්තරා සංකේත ක‍්‍රමයක් භාවිතා කරමින් වෙනත් අයට සන්නිවේදනය කිරීමට ප‍්‍රයන්ත දැරීම නිසා නිර්මාණය වු ලේඛණ කලාවක් යනුවෙන් ය. ලේඛණ ක‍්‍රමයක් නිර්මාණය වීමට පෙරාතුව පටන් කතා  කිරීමේ භාෂාවක් ඇති වීමත් හේතුවෙන් තමා රැුස් කළ දැනුම හා අත්දැකීම් තම සමාජයේ අනිකුත් අයට සන්නිවේදනය කිරීමට හැකි වීම නිසා එම දැනුම දෙවැනි පරම්පරාවට ද දායාද කරදීමට හැකිවීම සමාජ සංවර්ධනය කෙරෙහි බෙහෙවින් බලපා ඇත. එම`ගින් මානවයාට තම පරිසරය තමාට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට හැකි විය. මානවයා ශිලාචාර වී සංස්කෘතියක් ඇති වීම කෙරෙහි මෙසේ කතා කිරීම මාධ්‍ය කොටගෙන සිය දැනුම සන්නිවේදනය කිරීමට පොහොසත් වීම ප‍්‍රධාන සාධකය වී ඇත. ලෝකයේ මුල් ම සමාජ වල පැවැති අධ්‍යාපන ක‍්‍රමය පිරික්සීමේ දී දේශන මාර්ගයෙන් ද භානක ක‍්‍රමය, මුඛ්‍ය පාඨ වශයෙන් ශබ්ද නගා කියවීමෙන් මතක තබා ගැනීම ද දක්නට ලැබේ. පුරාණ ඉන්දියාවේ බ‍්‍රාහ්මණයන් විසින් උපනිෂද් ඉගැන්වීමේ දී මේ ක‍්‍රමය භාවිත කිරීම මැඬි රැුළක ශබ්ද කිරීමට සමාන කර ඇත. ලේඛණ කලාව ආරම්භව තිබියදිත් කාලයක් යනතුරු මෙම ක‍්‍රමය ක‍්‍රියාත්මක වී ඇති ආකාරය භික්ෂුන් විසින් කොටස් වශයෙන් බෙදාගෙන බෞද්ධ විනය මුඛ පරම්පරානේ පවත්වාගෙන එ්ම දැක්විය හැකි ය. බෞද්ධ සාහිත්‍යයේ භානකවරුන් වශයෙන් සඳහන් වන්නේ මෙසේ මුඛ පරම්පරාවෙන් ධර්මය රැුකගෙන ආ භික්ෂුන් ය. එහෙත් මිනිසුන් විසින් රැුස්කල දැනුම කතා කිරීමෙන් පමණක් සන්නිවේදනය කිරීමේ දුර්වලතා දර්ශනය විය. එනම් කෙනෙකු විසින් කථනය මගින් සන්නිවේදනය කරන ලද දැනුම හෝ තොරතුරු තවත් කෙනෙකුට වෙනසකින් තොරව මතක තබා ගැනීමේ ශක්තිය කොතරම් කාලයක් තිස්සේ පවතී ද යන්න ය. එය එක් එක් පුද්ගලයා අනුව වෙනස් වීමට හැකි බව ය. එසේ දැනුම රැුස්කල යම් මානව කණ්ඩායමක හෝ සිටි දැනුම ඇති තැනැත්තා හදිසියේ මිය ගිය හොත් එතෙක් රැුස් කළ දැනුම නැති වී යෑමට හැකිවීම ආදී දුර්වලකම ඇති වේ. එවැනි සාම්ප‍්‍රදායික අධ්‍යාපන ක‍්‍රමයක දී ගුරුවරයා විසින් ගුරු මුෂ්ටිය තබා ගන්නේ යැයි යන සංකල්පය සමාජයේ දක්නට ඇත්තේ දැනුම සන්නිවේදනය කිරීමේ මෙම ක‍්‍රමය යටතේ ය. එසේ මුඛ පරම්පරාවෙන් දැනුම ලබා දීමේ දී ඉහත කී අයුරු ගුරුවරයා අවසානය දක්වා සිය දැනුම් සම්භාරය සහමුලින්ම ශිෂ්‍යයාට ලබා නොදී ගුරු මුෂ්ටි තබා ගැනීමෙන් පරම්පරා ගණනක් රැුස් කළ දැනුම නැති වී යෑමට ඉඩ සැලසුණි. පුරාණයේ පමණක් නොවන මෙම දුර්වලතා නිසා ශිල්ප ශාස්ත‍්‍ර ක‍්‍රම වලදී දැනුම නැති වී යෑම පාරම්පරික ශිල්ප ක‍්‍රම වලදී ද බොහෝ සෙයින් සිදු වී ඇත. මේ නිසා මිනිසාට සිය දැනුම සන්නිවේදනය කිරීමේ දී මීට වඩා සුරක්ෂිත හා නිශ්චිත උපක‍්‍රමයක් හෝ මාධ්‍යයක් සොයා ගැනීම ඵලදායක විය. භෞතික විද්‍යාත්මකව මානවයාගේ සංවර්ධනයත් සමඟ ම ඊටත් වඩා වේගයෙන් සමාජ සංස්කෘතික සංවර්ධනයක සිදු වී ඇත. මේ තත්ත්වය සන්නිවේදනයේ සංවර්ධනය කෙරෙහි ද බලපා ඇත.

භාෂාව යන්න නිර්වචන කිරීමේ දී සලකා බැලිය යුතු විශේෂ අංශ කිහිපයකි. ශිෂ්ටාචාරය හරහා මිනිසාගේ විශිෂ්ටතම නිර්මාණය වන භාෂාව විස්මිත බවක් ගනි. කෙසේ වුව ද මේ සියල්ල දෙස අවධානය යොමු කරමින් යම් ආකාරයක නිර්වචනයක් ඉදිරිපත් කිරීමට යොමු කළ යුතු අංශ කිපයකි. 01. වාග් විද්‍යා විෂය විය යුත්තේ මනුෂ්‍ය භාෂාවයි. 02. එහිදි භාෂණයට මුල් තැනත් ලේඛණයට දෙවන් තැනත් හිමි විය යුතුය. 03. නිර්වචනය කිරීමේ දී සංයුතිය මෙන්ම කාර්ය භාරය පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. 04. භාෂාව සමාජ නිර්මිතයක් බැවින් සාමාජීය කාර්යන්ටත් මුල් තැන දිය යුතුය. කාර්ය භාරය පිළිබඳව සැලකීමේ දී අදහස් පළ කිරීම, හැඟිම් පළ කිරීම, අභිලාෂයන් පළ කිරීම, සන්නිවේදනය, අන්‍යනෝය සහයෝගීතාවය හා ක‍්‍රියාකාරිත්වය ආදිය ප‍්‍රධාන වේ. මේ සියලූම අංශ කෙරෙහි සැලකිලිමත් වෙමින් නිර්වචනයක් ඉදිරිපත් කිරීම අති දුෂ්කර කාර්යයකි.

‘‘මිනිසා මිනිසෙකු වන්නේ භාෂාව නිසාය’’ - වීලේම් වෙන්හුම්

‘‘භාෂාව නම් මිනිසාගේ මානසික ක‍්‍රියාකාරිත්වයට පර්යාප්ත වන ප‍්‍රකාශනශිලී ගතියෙහි ආකෘතිය යි’’ - ලෙනාඞ් බ්ලූම්ෆීල්ඞ්

‘‘භාෂාමය පද්ධතියක් නම් අර්ථමය වෙනස්කම් මාලාවක් සමඟ බැඳුණු ශබ්දමය වෙනස් මාලාවකි’’ සොසුයයෝ

‘‘භාෂාවක් නම් මිනිසුන් සාමාජීය සමූහයක සාමාජිකයන් ද සංස්කෘතියක කොටස්කරුවන් ද වශයෙන් අන්‍යෝන්‍යමය ක‍්‍රියාකාරී හා සන්නිවේදනය සඳහා යොදා ගන්නා සම්මුතික වු වාග් සංකේත පද්ධතියකි.’’ බර්නාඞ් බ්ලොක්

ඉහත නිර්වචන සෑම අංශයක් කෙරෙහි ම සලකමින් විචාරයට ලක් කළහොත් පරිපූර්ණ කුමක්දැයි යන්න හඳුනාගත හැකි වෙයි. කෙසේ වුව ද  ඕනෑ ම භාෂාවක දක්නට ලැබෙන ආකෘතිකමය වු පොදු ලක්ෂණ කීපයක් මෙසේ දැක්විය හැක.

 ‘‘භාෂාවක් යන්න වාගාලාප හා වචන වලින් නිර්මාණය වී ඇති බව, වාගාලාප වචන නිර්මාණය වී ඇත්තේ කතා ශබ්ද අනුසාරයෙන් බව, වචන හා කථා ශබ්ද, සංකේත (සංඥ) සමූහයක් බව.

 ‘‘සංකේත හා අතර සම්බන්ධතාව සමාජ සම්මුතියක් වන අතර එ්වා සහජ සම්බන්ධයක් නොදක්වන බව.

 එ් එ් බසට සුවිශේෂි වු රටා හා රීති අනුව පද්ධතියක් ලෙස පිහිටන බව.

  ඕනෑම සාමාජයීය අවස්ථාවකට සරිලන ආකාරයෙන් නවතාවයන් සහිත වී ඇති බව.

භාෂාවේ ඉතිහාසය, භාෂාවේ ආරම්භය සම්බන්ධව විවිධ මත පවති. දෙවියන් වහන්සේ විසින් මෙය ආරම්භ කළ බවට ප‍්‍රකාශ කල ද භාෂාවේ ඉතිහාසය මිනිස් ශිෂ්ටාචාරය හා බැඳුණු බව පිළිගත යුතු කරුණකි. ශිෂ්ටාචාරය ම`ගින් විවිධාකාරයට පරිවර්තනය වු මිනිසා උපකරණ නිර්මාණය කිරීමත්, එ්වා පරිහරණය කිරීමත්, ඉදිරි පරපුරට එ්වායේ නිර්මාණය හා පරිහරණය පිළිබඳව කියා දීමත් සිදු කළ අතර එ් සඳහා භාෂාව භාවිතයට ද පෙළඹිණ. මේ ආකාරයට බලන කළ මීට අවුරුදු ලක්ෂයකට පමණ පෙර භාෂාව ඉපදී ඇති බව ඇතැමෙක් ප‍්‍රකාශ කරති. එසේ ම මෙම සංකල්පයට අනුව, අවුරුදු පන්ලක්ෂයකට පමණ පෙර භාෂා පැහැදිලි ලෙස දැක්වීම දුෂ්කර වන අතර වර්තමානය වන විට ලෝකයේ භාෂාවන් තුන් දහසක් පමණ භාවිතයේ ඇතැයි සැලකේ. (වැඩිම පිරිසක් චීන භාෂාව කතා කරයි* භාෂාවේ කාර්යභාරය, භාෂාව හඳුනා ගැනීමේ දී නැතහොත් නිර්වචනය කිරීමේ දී එහි කාර්යාභාරය හකුලා දැක්වීමක් සිදු කොට ඇති බව නිර්වචනයන් විමසා බැලීමේ දී පෙනී යන කරුණකි. බොහෝ විට පොදුවේ නැතහොත් සමාජමය කාර්යයන් ඉටු කිරීම ස`දහා භාෂාව උපයෝගී වන බව පෙනී යයි.

No comments:

Post a Comment

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...