Wednesday 19 September 2018


මාධ්‍ය නිදහස හා ජනමාධ්‍ය


මාධ්‍ය නිදහස යන්න ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළත් දේශපාලන ක්ෂේත‍්‍රය තුළත් එක සේ සංවාදයට බඳුන් වන කාරණාවකි.
මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් ම පිළිගෙන, සහතික කර ඇති භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට අතිශය වැදගත් ය.
අතීතයේ දී තොරතුරු හා දැනුම ප‍්‍රකාශයට පත් කිරිම සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රම හා ප‍්‍රාථමික මූලාශ ඔස්සේ සිදු විය. එහෙත් වර්තමානය වන විට තාක්‍ෂණික දියුණුවත් සමඟ දියුණු සන්නිවේදන භාවිතයක් දක්වා විකාශනය වී ඇත. තොරතුරු සමාජගත වීමේ ක‍්‍රමික වර්ධනයක් සමඟ ප‍්‍රකාශන නිදහස පිළිබඳ සාකච්ඡුාවට ලක්විය.

අතීතයේ සිට මේ දක්වා වූ කාලච්ෙඡ්දය තුළ මිනිසාගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන නොනවත්වා ක‍්‍රියාවට නැංවෙයි.

”1215 මැග්නා කාටා ගිවිසුම”, 1776 ඇමරිකානු නිදහස් සටන, සහ 1971 අයිතිවාසිකම් ප‍්‍රකාශනය, 1789 ප‍්‍රංශ විප්ලවය ආදී ප‍්‍රකාශන, විප්ලව හරහා අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය බිහි වූ අතර මානව හිමිකම් නීතියෙහි පිබිදීම උදෙසා 19 වන සියවසේ දී තෝමස් හොබ්ස්, ජෝන් ලොක් වැනි දාර්ශනිකයන්ගේ මත පදනම් විය.

මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය 1948 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය, 1966 ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය, 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ අන්තර් ජාතික සම්මුතිය හා පසුව කී සම්මුති දෙකට අදාළ වෛකල්පිත සම්මුතීන් 02ක් අන්තර්ගත කරමින් සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පනත එළි දක්වීමත් සමඟ බලවත් ලෙස ස්ථාවර විය.

අයිතිවාසිකම් යන්න මානව අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම් ලෙස දෙආකාරයකට බෙදේ. විශ්වයේ සමස්ත මානව වර්ගයාට අදාල වන්නා වූ අයිතිවාසිකම් මානව අයිතිවාසිකම්වේ. මේ ආකාරයට වර්ධනය වන්නා වූ මානව අයිතිවාසිකම් අතරින් යම් යම් අයිතිවාසිකම් එක් එක් රාජ්‍යයන් විසින් තම රටේ සාමාජික, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික හා වෙන යම් ආවේණික තත්ත්වයන්ට උචිත වන ආකාරයට පමණක් උකහා ගෙන, එසේත් නැතිනම් අත්‍යවශයෙන් ම රැකිය යුතු යැයි තමන් පිළිගන්නා අයිතිවාසිකම් එ් එ් රටවල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර නෛතිකව බලාත්මක කළහ. එම අයිතිවාසිකම් අපි මූලික අයිතිවාසිකම්ලෙස හඳුන්වමු.

එ් අනුව මානව අයිතිවාසිකම් වලින් යම් යම් අයිතිවාසිකම් ක‍්‍රමිකව විකාශනය වීම හරහා මූලික අයිතිවාසිකම් බවට පත්වී ඇති අතර එ් අනුව එක් එක් රටවල් පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් එක හා සමාන නොවේ. උදාහරණයක් වශයෙන් අප ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවතුල මූලික අයිතිවාසිකමක් ලෙස ජීවත්වීමේ අයිතියපිළි නොගත්ත ද දකුණු අප‍්‍රිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ එය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනී.

ශ‍්‍රී ලංකාවේ වත්මන් (1978) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිච්ෙඡ්දය මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ඡා වෙයි.

10 වන ව්‍යවස්ථාව

            සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස (සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට, හා ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය)

11  වන ව්‍යවස්ථාව

01.       සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම
(නීතිය පසිඳලීම සහ ක‍්‍රියාත්මක කිරිම ද නීතියේ රැුකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය)

02.       කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය, හෝ උපන් ස්ථානය යන හේතු සාධක මත හෝ ඉන් කවරක් හෝ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේ ය.

13 වන ව්‍යවස්ථාව

            අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඬුවම් කිරිමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩ නීති පැනවීම තහනම් කිරිම

01.       නීතියෙන් නියම කරනු ලැබූ කාර්යය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තෙකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේ ය. යම් තැනැත්තෙකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද එ් හේතුව එ් තැනැත්තාට දැන්විය යුතු ය.

02.       අත්අඩංගුවේ තබා ගනු ලැබූ හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ සෑම තැනැත්තෙකු ම නීිතියෙන් නියම කරගත් කාර්ය පටිපාටිය අනුව ආසන්නත ම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු අතර, නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව එ් 
විනිශ්චයකාරවරයා විසින් කරනු ලැබූ ආඥව මත සහ ආඥවප‍්‍රකාර මිස, එ් තැනැත්තා තව දුරටත්, අත්අඩංගුවෙහි තබා ගැනීම හෝ රඳවා ගැනීම හෝ එ් තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම නොකළ යුත්තේ ය.

14 වන ව්‍යවස්ථාව

භාෂණයේ ,රැස්වීමේ, සමාගමයේ, රැුකියාවේ සහ යාම් - ඊම් යනාදියේ නිදහස

()     භාෂණයේ නිදහසට සහ ප‍්‍රකාශනය ඇතුළු අදහස් පල කිරිමේ නිදහස

()    සාමකාමීව රැස්වීමේ නිදහස

()    සමාගමයේ නිදහස

()     එකලාව හෝ අන් අය හා සමඟ ප‍්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාස ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප‍්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප‍්‍රකාශ කිරීමේ නිදහස

()     එකලාව හෝ අන් අය හා සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහස

()     එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යානුකූල රැුකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහස

()   ශ‍්‍රී ලංකාව තුළ යාම් - ඊම් නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරිමේ නිදහස

()     ශ‍්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහස

                                                                        යනාදියට හිමිකම් ඇත්තේ ය.

වර්තමානය වන විට ප‍්‍රකාශන නිදහස, මූලික මිනිස් අයිතිවාසිකම් යනාදිය පිළිබඳ කොපමණ නීති සම්පාදනය වී තිබුණත්, කොපමණ සාකච්ඡුා කළත් මාධ්‍ය හිංසනය නම් නතර වී නොමැත. මාධ්‍යයට කරනු ලබන බලපෑම් නතර වී නොමැත.

මාධ්‍යවේදීන් විවිධාකාර වූ ශාරීරික හා මානසික හිංසනයන්ට ලක් වී තිබේ. හිංසනය යනුවෙන් අර්ථවත් වන්නේ යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මඟින් හිරිහැරයට හෝ පීඩාවට පත් වීම ය. මෙම හිරිහැර කිරීම, අතුරුදහන් කිරීම, පැහැරගෙන යාම, රඳවා තබා ගැනීම යනාදිය ශාරීරික හිංසනයට අයත් වේ. රැුකියාව අහිමි කිරීම, මාධ්‍ය ආයතන වසා දැමීම, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නා බව ප‍්‍රකාශ කිරීම ආදිය මඟින් මානසික හිංසාවන් සිදුවේ.
ජනමාධ්‍යවේදයාගේ රස්සාව යනු ඇත්ත වසන් කිරිම ම රස්සාව කරගත් අය පිළිබඳ ඇත්ත කීම ය .”                                 
                                                                                                      -    බිල් මොයර්ස් -

මේ තුළින් පැහැදිලි වන්නේ ජනමාධ්‍යවේදියා යනු, සත්‍යය ගවේෂණය කරමින් නිවැරදි දේ වාර්තා කිරීම වෙනුවෙන් ක‍්‍රියා කරන්නෙකු බවයි. ඇත්ත වසන් කරන්නන්ගේ තොරතුරු සොයා යාමේදී ජනමාධ්‍යවේදියාට ඇතැම් අවස්ථාවල හිංසනයට ලක්වීමට සිදු වේ. එහෙත් ඔහුගේ කාර්යය වන්නේ නිසි පරිදි සත්‍ය තොරතුරු වාර්තා කිරිමයි. 

එක්සත් ජනපදයේ ඇති ප‍්‍රධානතම ආයතනය වන්නේ වෘත්තීමය පත‍්‍රකලාවේදීන්ගේ සංගමයයි. එහි සදාචාර පූර්විකාවේ දැක්වෙන පරිදි,
ජනතාව දැනුවත් කිරීම, සාධාරණත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනමය. පත‍්‍රකලාවේදීන්ගේ වගකීම නම් සත්‍ය සොයා ගොස් සිදුවීම් පිළිබඳව සාධාරණ විස්තරයක් සැපයීම ය. පත‍්‍රකලාවේදීන් මහජනයාට අවංක විය යුතු ය. වෘත්තීය අවංකභාවයේ පදනම වන්නේ පත‍්‍රකලාවේදීන්ගේ විශ්වාසනීයත්වය යි.
පුවත්පත් නැති ආණ්ඩුවක් ඇති සමාජයක් සහ ආණ්ඩුවක් නැති පුවත් පත් ඇති සමාජයක් අතර තේරිමකට බල කරතොත් නොපැකිලිව ම තෝරා ගන්නේ දෙවැන්නයි.
        -   තෝමස් ජෙෆර්සන් -

මේ අනුව පුවත්පත් මාධ්‍ය යනු, ගාමක බලවේගයක් හිමි සමාජයේ පෙර ගමන්කරුවෙකු බව පැහැදිලි වේ.මාධ්‍ය නිදහස යනු සිය පුරවැසියන්ට සහ ඔවුන්ගේ සමාගම්වලට මෙන්ම ප‍්‍රවෘත්ති වාර්තාකරුවන්ට සහ ඔවුන්ගේ ප‍්‍රකාශනවලට නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරිමට රජය දී ඇති ඇපය ය. ප‍්‍රවෘත්ති එකතු කිරිම සහ ජනතාව අතර බෙදා හැරීමට සහ තොරතුරු ලබා ගැනිමට ද මෙය අදාළ වේ. බොහෝ රටවල මෙය ආරක්ෂාව සඳහා ව්‍යවස්ථානුකූල හෝ නීතියට ප‍්‍රතිප‍්‍රධාන පවතී.

රාජ්‍ය තොරතුරු ලබා ගැනීමේදී තොරතුරු වර්ගීකරණයක් පවතී. සංවේදී වර්ගිකෘත්ත රහසිගත හෝ ජාතික අභිලාෂය ස`දහා අවශ්‍ය වශයෙන් තොරතුරු වර්ග කෙරේ. මේවායින් කුමක් අනාවරණය කළ යුතු ද යන්න රජය විසින් තිර කරයි. බොහෝ රටවල ජාතික අභිලාෂයේ සීමාවන් නිර්වචනය ස`දහා මාධ්‍ය නිදහස පිළිබඳ නීති යොදා ගැනේ.



Monday 10 September 2018



තේ වෙනුවට coke





සවස කාර්යාලීය කටයුතු කලමනා අහවර වී, තෙහෙට්ටුවෙන් යුතුව තරුණ යුවල නිවසට පැමිණෙන්නේ සිය විඩාව නිවා ගැනීමේ මූලික පරමාර්ථය පෙරදැරිව වග පෙනී යයි. නිවසට ගොඩවූ විගස තරුණ බිරිය කෝප්ප දෙක පසෙකින් තබා වතුර කේතලයක් ලිප මත තබයි.

තරුණ සැමියා පසෙකින් තබන ලද වාහනයේ යතුර, සුඛෝපභෝගී ගෘහ භාණ්ඩ ඔස්සේ අනියමින් සන්නිවේදනය කරනුයේ මොවුන් විධායක පංතියේ රැකියා කරන, ධනවත් යුවලක් බවයි. එමෙන් ම සාමාන්‍ය පවුලක මෙන් නොව, මෙහි ඇත්තේ නවීන පන්නයේ උඳුනකි. එය සාමාන්‍ය ගෑස් ලිපකට වඩා මිල අධික වූවකි.

එමෙන් ම මෙහි සැමියාගේ ඇඳුම් පැළඳුම් තුළින් ද දිස් වනුයේ ඔහු ඉහළ පැලැන්තියේ රැුකියාවක් කරන මහත්මයෙකු බවයි. බිරිය ඇඳ ඇති ඇඳුම් කාන්තාවන් කාර්යාලීය කටයුතු සඳහා අඳිනු ලබන නවීන මෝස්තරයෙන් මසන ලද ඇඳුමකි. එතුළින් දිස්වනුයේ ද ඇය කිසියම් පෞද්ගලික අංශයක රාජකාරී කරන්නියක බවයි.

තවද බිරියගේ රතු පැහැති හැට්ටය තුළින් කෝක-කෝලා පිළිබඳ සන්නිවේදනය කෙරෙන අතර ම පසුකාලය තුළ ද රතු මිශ‍්‍රිත වර්ණ භාවිතයක් හඳුනා ගත හැකි ය.
මෙහිදී බිරිය තේ පානයක් සකස් කිරීමට සූදානම් වේ. වතුර කේතලයේ වතුර උණුසුම් වූ බවට නිකුත් කෙරෙන හඬ සවනට වැකුණු සැමියාට සිහිවන්නේ වෙනකකි. ඔහු සිය බිරිය විඩාපත්ව තේ පිළියෙල කරන්නට සැරසෙනු දැක වහා ගොස් ශීතකරණය තුළ වූ කෝක-කෝලා බෝතල් දෙකක් ඉන් ඉවතට ගනී. පසුව තේ කෝප්ප යුගල පසෙකට කරයි. එය ප‍්‍රබල සංඥාවකි. තවද කෝප්පයක් ගෙන ඊට වඩා කෝක-කෝලා පානය වඩා යහපත් එකක් බව පෙන්වා දෙයි.

මේ අවස්ථාව මෙම දැන්වීමේ ප‍්‍රබලත ම අවස්ථාව ලෙස පැවසීමේ වරදක් නැත. සාමාන්‍යයෙන් කවරවුව රටක, නගරයක, ගමක අයෙක් විඩාව, තෙහෙට්ටුව මඟහරවා ගැනීමට උණුසුම් තේ, කෝපි හෝ චොක්ලට් වැනි උත්තේජක පානයන් ලබා ගනී.
මෙහිදී පෙන්වා දෙනුයේ එවන් ප‍්‍රබෝධමත්, උත්තේජනයකට කදිම විසඳුම වනුයේ තේ පානය නොව, කෝක-කෝලා පානය බවයි.

මෙහිදී තරුණ සැමියාගේ කෙළිලොල් බව, ආකර්ෂණීය පෙනුම, ජවය පිරුණු හැසිරීම් රටා ආදිය යොදා ගෙන ඇති අතර මේවා තරුණ ප‍්‍රජාව ආකර්ෂණය කරගැනීමට සමත් ය. බිරිය ද ඔහුගේ හැසිරීමෙන් වික්ෂිප්තව සිටිනු පෙනේ. තාරුණ්‍ය තුළ, අලූත සිදුවූ විවාහය තුළ පවතින මිහිර, සැහැල්ලූව, සතුට, විනෝදය වැනි කාරණා වඩා ආකර්ෂණීය අන්දමින් මෙතුළ හුවා දක්වමින් මනෝමය වශයෙන් ග‍්‍රාහකයා තුළ පවතින සිහින ලොවකට ආමත‍්‍රණය කරනු ලබයි.

ධනවත් ලෙස, යානවාහන සහිතව, නවීන ගෘහභාණ්ඩ, නවීන විදුලි උපකරණ පිරුණු සුඛෝපබෝගී නිවසක තම සැමියා හෝ බිරිය සමඟ සතුටින් වෙසෙන්නට තාරුණ්‍ය තුළ ඇත්තේ අමරණීය සිහිනයකි. කෝක-කෝලා පානය එම සිහිනය යථාවක් කරවන බවට ග‍්‍රාහකයා වෙත සන්නිවේදනය කෙරේ.

ලොව වැඩි ම පිරිසකගේ පි‍්‍රයත ම පානය බවට පත්ව ඇති ‘‘තේමුලින් ම සොයා ගෙන ඇත්තේ චීනය විසිනි. දහවෙනි සියවසේදී පමණ ජිවත් වූ චීන අධිරාජ්‍යයෙකු වූ හුයිසුන් (1100-1126)  සැබෑ ම තේ රසවතෙක් ලෙස සැලකේ. කෝපි පානයට ද එවන් ම ඉතිහාසයක් ඇත.

එමෙන් ම චොක්ලට් සහිත උණුසුම් පානයක් ද මායාවරුන් විසින් මීට වසර දෙදෙහසකට පමණ පෙර නිර්මාණය කළ බවත්, අද වන විට මෙම පානය ද ලොව පුරා අතිශය ජනපි‍්‍රය වූ පානයක් වන බවත් නොරහසකි.

මෙලෙස මානව වංශකතාවේ අක්මුල් සමඟ ලේ නෑකම් පවත්වනු ලබන එවන් උත්තේජක පානයන් ඉවතලමින් කෝක-කෝලා හි ආගමනය, අද වන විට ඔවුන්ගේ අභිමතය පරිදි ම සමාජගතවී ඇත්තේ මෙම දැන්වීම් ඔස්සේ යොදා ගෙන ඇති ජනපි‍්‍රය සංස්කෘතිකාංග නිසාවෙනි. නිරන්තරයෙන් ප‍්‍රශ්නවල පීඩනයට පත්ව සිටින මිනිසුන්ට මෙම දැන්වීම් තුළින් පෙන්වන අධියථාර්ථය ඔස්සේ මැවෙන මනෝරාජිකය මිහිරි ය. එමෙන් ම දැන්වීමේ, පි‍්‍රයාව කෝක-කෝලා පානය කරන්න ඉඩ දෙන්න, යනුවෙන් පවසනුයේ සිත්ගන්නා සුළු මිහිරි සංගීතමය ස්වරයකිනි. එය ද ග‍්‍රාහක මනස කෝක-කෝලා මිළදී ගැනීමට පොළඹවා ලන්නකි. මෙතෙක් සාම්ප‍්‍රදායිකව, ගතානුගතික ලෙස පානය කළ තේ, කෝපි පානයත් වෙනුවට අනවශ්‍ය පාරිභෝජනයක්, අත්‍යවශ්‍ය එකක් ලෙසින් ග‍්‍රාහක මනස තුළ ගොඩනඟන්නට මෙම දැන්වීමේ යොදා ගෙන තිබෙන ජනපි‍්‍රය සංස්කෘතික ලක්ෂණ ප‍්‍රබල හේතුවක් බවට පත්ව ඇතැයි පෙන්වා දිය හැකි ය.

වීඩියෝව නැරඹීම සඳහා පිවිසෙන්න...

https://www.youtube.com/watch?v=rc4OPxPV9R4

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...