නිදහස් දැහැන


ටී.එන්.එල්. ප‍්‍රවෘත්ති, ඉෂිනි වික‍්‍රමසිංහ පෙරේරා සහ මාධ්‍ය නිදහස

වෙල්ලාලි කඳවුරට එල්.ටී.ටී.ඊ.ප‍්‍රහාරයක් එල්ලවමින් තිබෙන බවට ටී.එන්.එල්. රූපවාහිනිය ප‍්‍රවෘත්තියක් විකාශනය කළේ ය. මේ ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් ටී.එන්.එල් රූපවාහිනියේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂිකා ඉෂිනි පෙරේරා මහත්මියගෙන් ප‍්‍රශ්න කිරීම පසුබිම් කර ගනිමින් මෙම ආන්දෝලනය ඇති විය. සිදුවීම් මාලාව ආරම්භයේ දී මෙහි ඇත්ත නැත්ත කුමක්දැයි වටහා ගැනිමට බොහෝ දෙනාට නොහැකි වූ නමුත් සතියක් පමණ ගෙවී යන විට බොහෝ කරුණු පැහැදිලි වන්නට පටන් ගත්තේ ය. එසේම, මේ සිද්ධීන් පිටුපස සිටින බලවේග මොනවාදැයි හඳුනා ගැනීමටද එ් සම`ගම අවස්ථාව ලැබුණි.

ටී. එන් .එල් සම්බන්ධ ඇති තතු

ටී.එන්. එල් සිද්ධිය සම්බන්ධ ඇති තතු හෙළි වන්නට පටන් ගත්තේ රජය බොහෝ ප‍්‍රමාදවීමෙන් පසුව එ් පිළිබඳ තත්ත්වය පැහැදිලි කරන්නට වූ විට ය. ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ අමාත්‍යතුමා සහ ප‍්‍රධන පෙළේ පොලිස් නිළධාරීන් සහභාගී වූ රූපවාහිනීි හා ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡුාවෙන් පසුව බොහෝ දෙනාට ඇති තතු වටහා ගැනීමට හැකිවිය. එහෙත් ඇති ප‍්‍රශ්නය වන්නේ මේ තොරතුරු ඊට කලින් හෙළි නොකළේ මන්ද යන්නයි.
කිසියම් සිද්ධියක් ඇති වූ විට එ් පිළිබඳව යථා තත්ත්වය වහා පැහැදිලි කිරීමට රජය ඉදිරිපත් නොවීමෙන් සිදුවන්නේ ජනතාව තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති වීමයි. එම අවුල් සහගත තත්ත්වය තම වාසියට හරවා ගැනීමට සතුරු බලවේග වලට අවස්ථාව සැලසේ. රජයට එරෙහිව ගෙන යන ප‍්‍රචාර සත්‍යයයි සිතනන්ට ජනතාව පෙළඹේ.
තරමක් ප‍්‍රමාද වී වුව ද ටී.එන්.එල්. සිද්ධිය සම්බන්ධයෙන් රත්වත්තේ අමාත්‍යතුමා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් කළ කරුණු පැහැදිලි කිරිම ප‍්‍රශංසනීය වන්නේ මේ නිසා ය. ටී.එන්.එල් සිද්ධිය පසුබිම කර ගනිමින් ප‍්‍රශ්න දෙකක් මතුවිය. ඉන් පළමුවැන්න නම්,කිසියම් ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයකින් ප‍්‍රශ්න කිරිම මාධ්‍ය නිදහසට එල්ල කරන තර්ජනයක් ද යන්නයි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ මාධ්‍යවේදීන්ගෙන් ප‍්‍රශ්න කිරීමට හෝ ඔවුන් අත්අඩංගුවට ගැනීමට හෝ අයිතියක් තිබේද? නැතිනම් එය සදාචාරාත්මක යන ප‍්‍රශ්නය මෙහිදී මතු වූ දෙවන කරුණයි.
කිසියම් ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් රහස් පොලීිසිය ජනමාධ්‍ය ආයතන වලින් හා ජනමාධ්‍යවේදීන්ගෙන් ප‍්‍රශ්න කළ ප‍්‍රථම වතාව මෙය නොවේ. එවැනි අවස්ථා අපේ ඉතිහාසයේ එමට ය. විශේෂයෙන් එදා විපක්ෂය පුවත්පත් වලට එරෙහිව රහස් පොලීසිය මෙහෙයවූ ආකාරය රහසක් නොවේ. එදා ඇත්ත ජන දින හා දිනකර පුවත්පත් කාර්යාලවලට රහස් පොලීසිය කඩා වැදුණේ වරක් දෙවරක් නොවේ. එවැනි අවස්ථාවල ඊයෙත් අප බලන්නට නෑදෑයන් ආවායයි එම ප‍්‍රශ්න කිරීම වාර්තා කිරීමට එම පත‍්‍ර පුරුදුව සිටියේ ය.

එහෙත්, මෙහිදී පෙන්වා දිය යුතු තවත් කරුණක් තිබේ. එනම්, බුද්ධ ශාසනයටත්, මහා සංඝරත්නයටත් තර්ජන එල්ල වූ වකවානුව ගැන අද බොහෝ දෙනාට අමතක වී තිබෙන බවයි.

ජේ.ආර්.ජයවර්ධන පාලන සමයේ දී ශාසන විරෝධී ක‍්‍රියා මුලින් ම ආරම්භ වූයේ ලබු¥වේ සිරිධම්ම හිමියන් වැඩ විසූ ගැටඹේ විහාරයට කටු කම්බි ගැසීමෙනි. 88 - 89 භීෂණ සමය වන විට බෞද්ධ භික්ෂූන් වහන්සේගේ ජීවිත වලට හා වෙහෙර විහාරස්ථාන වලට එල්ල වී තිබූ තර්ජනය අද කාටත් අමතකය. දහසකට අධික භික්ෂූන් වහන්සේ ටයර් සෑයේ අපවත් වු අන්දම ගැන අද කතා කරන්නේ කීයෙන් කී දෙනා ද?

මාධ්‍යවේදීන්ට ඇති අයිතිය

කිසියම් පුවතක් සම්බන්ධයෙන් බලධාරින් ප‍්‍රශ්න කළ විට එම පුවත ලැබුණු මාර්ගය හෙළි නොකිරීමට මාධ්‍යවේදියාට ඇත්තේ පාරිශුද්ධ අයිතියකි. එම පාරිශුද්ධ අයිතිය ගැන ප‍්‍රශ්න කිරීමට කිසිවකුට පුළුවන්කමක් නැත. එය අද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ සදාචාරාත්මක පිළිගැනීමකි. එවැනි ශුද්ධ වූ අයිතියක් තිබෙන මාධ්‍යවේදියා අනියම් බියක් ඇති කර ගත යුතු නැත.
කිසියම් පුවතක් ලැබුණේ කෙසේදැයි හෙළි කිරිමට මාධ්‍යතවේදියා බැඳී නැතිවාක් මෙන් ම කිසියම් පුවතක් වුව ඊට අදාළ කරණු සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට මේ රටේ නීතියට අනුකූලව පොලීසියට හා ආරක්ෂක අංශවලට ඇති අයිතිය ද බැහැර කළ නොහැකි ය. මාධ්‍යවේදීහු රටේ නීතියට ඉහළින් සිටින කොටසක් නොවෙති. ඔවුන්ගේ කිසියම් වැරදි හෝ සැක කටයුතු ක‍්‍රියා කලාපයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න මතු වූ විට රටේ නීතිය අනුව ක‍්‍රියා කළ හැකි ය. එසේ නීතිය ක‍්‍රියාත්මක වන විට මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් කළ යුතුව ඇත්තේ නීත්‍යානුකූලව එම තත්ත්වයට මුහුණ දීමයි.
ටී.එන් එල්. සිද්ධිය සම්බන්ධයෙන් රත්වත්තේ අමාත්‍යතුමා සහ සෙසු පොලිස් නිළධාරීන් ප‍්‍රකාශ කළ අන්දමට මෙම පුවත විකාශනය වූ දෙසැම්බර් 28 වැනිදා සිට 31 වනදා දක්වා වූ දින 4 තුළ දී ම එ් පිලිබඳව ටී.එන්.එල් රූපවාහිනිය ප‍්‍රතිචාරයක් දක්වා නැත. අනෙක් අතට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වී ඇත්තේ එම පුවත සකස් කළ සංස්කාරවරයාගෙන් සහ එය විකාශයට පත් කළ ප‍්‍රවෘත්ති නිවේදකයාගේ තොරතුරු ලබා ගැනීමට පමණි.

මාධ්‍යවේදිනියක හැටියට මීට කලින් කිසිවිටකත් හඳුනාගෙන නොසිටි ඉෂිනි වික‍්‍රමසිංහ පෙරේරා මහත්මිය අත්අඩංගුවට ගැනීමට හෝ ඇයගෙන් ප‍්‍රශ්න කිරීමට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යතාවයක් තිබුණේ නැත. එහෙත් පෙරේරා මහත්මිය මේ පුවත පිළිබඳව සියලූ වගකීම් භාරගත් බැවින් ඇයගේ ප‍්‍රකාශයක් සටහන් කොට ගෙන එදින ම ඇය මහේස්ත‍්‍රාත්වරයා හමුවට පමුණුවා පැය කිහිපයක් තුළදී ඇප පිට නිදහස් කොට තිබුණි. මෙය නීත්‍යානුකූලව සිදු වූ සාමාන්‍ය ක‍්‍රියා පටිපාටියකි.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත

එහෙත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ඇතැම් අය මතු කළ ප‍්‍රශ්නය වූයේ මේ සිද්ධියට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත ඈදා ගත්තේ මන්ද යන්නයි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ මාධ්‍යවේදීන්ට එරෙහිව ක‍්‍රියා කිරීම නුසුදුසු බව ඔවුන්ගේ තර්කය විය. මෙය විවාදයට තුඩුදුන් කාරණයකි. පළමු කොට පෙන්වා දිය යුතු කරුණ නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිරිසිදු සිවිල් සමාජයක් පතන කිසිවකුත් ත‍්‍රස්තවාදය මර්දනය කිරිමේ පනත අනුමත නොකරන බවයි. එම පනත මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට හා නිදහසට එල්ල වූ තර්ජනයකි. එය කවරදාක හෝ රටේ නීති පොතින් ඉවත් කළ යුතු පණතකි. වත්මන් රජය විපක්ෂයේ සිටියදීත් එම පණතට විරුද්ධ වූයේ එ් නිසා ය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත පිළිබඳ තත්ත්වය එසේ වුවත් අද එය මේ රටේ නීති සංග‍්‍රහයේ ඇතුළත් නීතියකි. ආරක්ෂක අංශ ක‍්‍රියා කරන්නේ තමන්ට දී ඇති නීතිමය රාමුව තුළ ය. ත‍්‍රස්තවාදය යනු බෝම්බ පිපිරවීම, පහර දීම, අවි ආයුධ ලඟ තබා ගැනීම් හෝ රජයට විරුද්ධව ආයුධ සන්නද්ධව සටන් කිරීම පමණක් නොවේ. ත‍්‍රස්තවාදයට අනුබල දීම ද එ් යටතේ එල්ල කළ හැකි චෝදනාවකි.

පොලිස් නිළධාරීන් පෙන්වා දුන් අන්දමට ටී.එන්.එල්. සිද්ධිය සම්බන්ධයෙන් උපයෝගී කරගෙන ඇත්තේ ත‍්‍රස්තවාදයට අනුබල දීම පිළිබඳ චෝදනාවයි. මෙම පණත අනුව ජාතිවාදය ඇවිලවීමට, ජාතීන් අතර සමගිය පළුදු කිරීමට හේතුවන ක‍්‍රියාවන් ද, ත‍්‍රස්තවාදී ගණයටම වැටෙන චෝදනාවකි. එ් අනුව ,කිසියම් ප‍්‍රවෘත්තියකින් ජාතිවාදය හා ත‍්‍රස්තවාදය ඇති වන්නේ නම්, හෝ එසේ ඇතිවිය හැකි බවට සැකයක් පහළ වන්නේ නම් ආරක්ෂක අංශ වලට එ් අනුව ක‍්‍රියාකිරීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකි ය.
ජෙනරාල් රත්වත්තේ අමාත්‍යතුමා පෙන්වා දුන් අන්දමට ටී.එන්.එල්. ප‍්‍රවෘත්තිය මාධ්‍ය නිදහස පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. එය යුධ වැ`දී සිටින සෙබළුන්ගේ ජීවිත පිළිබඳ ප‍්‍රශ්නයකි. එසේ ම එම සිද්ධිය හේතු කොට ගෙන ජාතිවාදී කලකෝලහාල ඇති වීමේ අනතුරක් පිළිබඳ ප‍්‍රශ්නයකි.

වෙල්ලාලි කඳවුරට පහර දී ඇති බව හා එම ප‍්‍රහාරය ව්‍යවර්ථ කළ බවට සඳහන් වැකි කිහිපයක් ප‍්‍රවෘත්තියක සඳහන් වූවා නම් එය මේ යුගයේ එතරම් අලූත් ප‍්‍රශ්නයක් වන්නේ නැත. එහෙත් එම පුවත අතිශයෝක්තියෙන් හුවා දැක්වීම හා ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරන මොහොතේදී ම සිදුවන ආකාරයෙන් ත‍්‍රාසජනක ලෙස ඉදිරිපත් කිරීමට උත්සහ දැරීම තුළින් සිදුවන්නේ දැන දැන ම හෝ නොදැන හෝ කිසියම් මාධ්‍ය ආයතනයක් එල්.ටී.ටී.ඊ යේ අතකොළුවක් බවට පත්වීමයි. එමඟින් තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට හා ජාතිවාදී කළකෝලහාලවලට අත වැනීමයි.
ටී.එන්.එල්. ප‍්‍රවෘත්තිය ඉහත කී අනතුරුවලට හේතුවන බව ආරක්ෂක අංශ වලට වැටහී ගියේ නම් එ් පිළිබඳව කරුණු සොයා බැලීමට ඔවුන්ට අයිතිය තිබේ. අදාළ පුවත පළ කළ මාධ්‍ය ආයතනයේ යුතුකම විය යුත්තේ තමන්ගේ පුවත පිළිබඳව ආරක්ෂක අංශ කිසියම් විමසීමක් කළ බව දැනගත්තේ නම් ඔවුන් සමඟ කතා බහ කොට එය නිවැරදි කිරීමයි. තමන්ගේ පුවත සම්බන්ධයෙන් ආරක්ෂක අංශ උනන්දු වූ බවක් තමන් දැන නොසිටියේ යයි කීම මාධ්‍ය ආයතනයකට තරම් වන්නේ නැත. රටේ සිදුවන සියල්ලක් ගැන ම ඇස් කන් දල්වා ගෙන සිටින මාධ්‍ය ආයතනයනයක් රහස් පොලීසිය තමන් පසුපස එන බව නොදැන සිටියේ යැයි කීම විහිළුවකි.

කුමන්ත‍්‍රණකාරී ස්වභාවය

මෙම සිද්ධිය පිටුපස ඇති කුමන්ත‍්‍රණකාරී ස්වභාවය පැහැදිලි වන්නේ මෙම නිහැඬියාව හා කට්ටි පැනීම තුළ ය. ටී.එන්.එල්. සිද්ධිය උපයෝගි කර ගනිමින් අනවශ්‍ය කළබැගෑනියක් ඇති කිරීමට කුමන්ත‍්‍රණකාරී බලවේගවලට අවස්ථාව ලබාදීම මෙහි වෑයම වී තිබේ. මේ සිද්ධිය මුල් කර ගෙන ඊට විරෝධය පළ කිරීම සඳහා එක් වූයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ඇතැම් අය පමණක් නොවෙති. එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු ද, කෑමොර ගසන ජාතිවාදීහු ද පෞද්ගලීකරණයට එරෙහි වීමේ මුවාවෙන් පිහිටුවා ගෙන ඇති විවධාකාර වූ සුරැුකීමේ සංවිධානවල නියෝජිතයෝ එකම ධජයක් යටතේ එකට එක් වූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ මාධ්‍ය නිදහස රැුක ගැනීම නොවේ. අනවශ්‍ය කළබැගෑනියක් ඇති කිරීමටයි.
මේ සිදුවීම මුල් කරගෙන ඊට ආසන්න දිනවලදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ඇතැම් දෙනා කොළඹ දී රැුස්වී පැවැත්වූ සාකච්ඡුාවලින් හා ගෙන ඇති තීරණ වලින් ද එ් බව පැහැදිලි ය. මෙම සාකච්ඡුා හා තීරණ ගැනීම සඳහා පැවති සාද සඳහා වියදම් දැරුවේ කවුද? යන ප‍්‍රශ්නය මෙහිදී ඉතා තදින් ම ඉස්මතු වී තිබේ. මෙම සිද්ධියත් සම`ගම විදේශ මුදල් ද එම මුදල් වලින් ක‍්‍රියාත්මක වන ඇතැම් රාජ්‍ය නොවන සංවිධානය ද අදෘශමාන අන්දමින් සිරිකොත කාර්යාලයය ද එකට එක් වී ඇති බවක් පෙනේ. ඇතැම් මාධ්‍ය ආයතන තමන් දැනුවත්ව හෝ නොදැනුවත් ව හෝ එල්.ටී.ටී.ඊ යේ අතකොළු බවට පත්වී ඇති ආකාරයට ම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ඇතැම් මාධ්‍යවේදීන් ද කුමන්ත‍්‍රනකාරී බලවේගවල බළල් අත් බවට පත්වීම කණගාටුදායක ය.

1 comment:

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...