Friday 10 August 2018




 ටී.එන්.එල්. ප‍්‍රවෘත්ති, ඉෂිනි වික‍්‍රමසිංහ පෙරේරා සහ මාධ්‍ය නිදහස පිළිබ`ද ඇ`දි කාටුන් ආශ‍්‍රිත විග‍්‍රහය  -  02   






1996.12.28 දින  TNL  රූපවාහිනියේ විකාශනය වූ ප‍්‍රවෘත්ති විකාශනය අරඹයා රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූ බව නොරහසකි. එම වාර්තාකරණය තුළින් LTTE සංවිධානයේ ප‍්‍රතිරූපය වර්ධනය වී මෙරට හමුදාවේ ප‍්‍රතිරූපය වර්ධනය වී මෙරට ආරක්ෂක අංශවල ප‍්‍රතිරූපය බිඳ වැටුණු බවත්, එලෙස සිදු කිරීමෙන් මෙරට ආරක්‍ෂක අංශය හෑල්ලූ කළ බවටත් ඔවුන්ව අධෛර්යට පත් කළ බවටත් TNL නාලිකාවට හා එහි ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂිකා ඉෂිනි වික‍්‍රමසිංහ පෙරේරා මහත්මියට බොහෝ චෝදනා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් එල්ල විය.

මෙම ප‍්‍රවෘත්ති විකාශනය ත‍්‍රස්තවාදයට හිතෛෂී වූවක් ය, යන චෝදනාව එල්ල කරමින් ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. මෙම සිදුවීම් සිදුවන කාලය තුළ එවකට විධායක ජනාධිපති වූ ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විදේශ සංචාරක නිරත වෙමින් සිටියා ය.

ඇය යළි ලංකාවට පැමිණෙන විට ත‍්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ මාධ්‍ය පාලනය කරන බවට, මාධ්‍ය නිදහස අහිමි වී ඇති බවට, ප‍්‍රකාශන නිදහස රජයේ අතකොළුවක් බවට පත්ව ඇති බවට දැඩි ලෙස චෝදනා එල්ල වන්නට විය.

මෙම කාටූනය එස්.සී.  ඕපාත විසින් අඳින ලද්දක් වන අතර චන්ද්‍රිකා මහත්මියගේ මුහුණේ ඇත්තේ ප‍්‍රසන්න පෙනුමක් නොවේ. ඇගේ ඔසරියේ බෝඩරය තුළ විධායක ජනාධිපති ලෙස ලියා තිබීම උපහාසාත්මක වුව ද, ඉන් ගම්‍යමාන වන්නේ ඇයට ඇති බලය යි. ඇයගේ ශරීරය ඉතා ම විශාල ලෙස ඇඳ තිබීම තුළින් ද ඇගේ බලවත් බව පිළිබිඹු කරවයි. ඇය
 දෙ අතින් පිරිමින් දෙදෙනෙකු උස්සාගෙන සිටින අන්දම දක්වා තිබීම ද උපහාසාත්මක මෙන්ම දුටුවනම හාස්‍ය මතු කිරීමට ද හේතුවේ. පිරිමින් දෙදෙනෙකු ඔවුන්ගේ කණ් වලින් එකවර දෙඅතින් උස්සාගෙන සිටින්නට ප‍්‍රායෝගිකව මෙලොව සිටින කිසි`දු කාන්තාවකට නොහැකි ය. එහෙත් විධායක ජනාධිපති යන බලය නිසාවෙන් ඇයට එවන් යෝධ ශක්තිමයක් හිමිව ඇති බව ව්‍යංගාර්ථයෙන් විද්‍යාමාන වේ.

ඇයගේ වම්පස එවකට මාධ්‍ය ඇමති ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා ද දකුණු පසින් එවකට ආරක්ෂක ඇමති ලෙස කටයුතු කළ අනුරුද්ධ රත්වත්තේ මහතා ද දැක්වෙයි.
TNL තුලින්  සිද්ධිය විකාශනය වූ පසු මොවුන් විසින් ප‍්‍රසිද්ධියේ වෙල්ලාලි හමුදා කඳවුර සම්බන්ධ සිද්ධිය හා පවතින යුධ වාතාවරණය පිළිබඳ ජනතාවට අදහස් ඉදිරිපත් කළ අතර, TNL නාලිකාව එවන් ප‍්‍රවෘත්තියක් පළ කරන තෙක් ම ජනතාවට යුද්ධය පිළිබඳ කිසිදු තොරතුරක් මෙම ඇමතිවරුන් විසින් ලබා දී නොතිබුණි. මෙලෙස ප‍්‍රවෘත්තයක් පළවූ පසුව වහා ජනතාව ඇමතූ මොවුන් පිළිබඳ සියල්ලන් මවිතයට පත් විය. ඒ කෙසේ වෙතත් චන්ද්‍රිකා මහත්මිය මොවුන්ගේ කණෙන් අල්ලාගෙන සිටින්නේ මාධ්‍යයට එරෙහිව කටයුතු කිරීම සඳහා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගත්තේ ඇයි ද? යන ප‍්‍රශ්නය අසමිනි. ඔවුන්ගේ මුහුණු තුල බියට පත් වූ බවක් දැක ගත හැකි අතර ම කදුළු ද වගුරනු පෙනේ. එතුළ යම් උපහාසයක් ගම්‍ය කරවන්නට  ඕපාත සිය කාටූනය තුළින් සමත්ව ඇත. මොවුන් දෙදෙනාගේ දෙකණින් ඔසවා ගෙන, සොලවන බව ඔවුන් වටා දක්වා ඇති රේඛා තුළින් ගම්‍ය වේ.

මාධ්‍ය ඇමති ලෙස කටයුතු කරනු ලබන මංගල සමරවීර ආරක්‍ෂක නිල ඇඳුමක් හැ`ද බස්තමක් අතතැව සිටිනු දැක්වීම හාස්‍යයකි. ඔහුගේ අතින් එම බස්තම ගිලිහෙන බවක් දක්නට ලැබෙන අතර විධායක ජනාධිපතිකම කෙතරම් බලවන්ත වූවක් ද යන්නත්, කාන්තාවකගේ ගෝරනාඩුව හමුවේ පිරිමින් කෙතරම් බියට පත්වන්නේ ද යන්නත් මෙම කාටූනය තුළින් උපහාසයට නඟා ඇත. එපමණක් ද නොව මෙතරම් දැවැන්ත පුරුෂ චරිත ඉතා කුඩාවට ඇඳ තිබීමද උපහාසනාත්මක ය.  ආරක්ෂක ඇමති ලෙස කටයුතු කරන අනුරුද්ධ රත්වත්තේ ද ආරක්ෂක ඇඳුමක් පැළඳ සිටින අතර ඔහුගේ හිස පළදින තොප්පිය අතෙහි වෙයි. එතුළින් චන්ද්‍රිකා මැතිණියට ඇති පක්‍ෂපාතීත්වය විධායක ජනාධිපති බලසම්පන්න භාවය පිළිබඳ ඔවුන් තුළ ඇති වන්දිභට්ට දුර්වල මානසිකත්වය ද විද්‍යාමාන වේ.

මේ සියලූ සිදුවීම් දෙස ජනෙල් කවුළුවකින් එහා හිඳිමින් දැක්ක ද, නොදැක්කාසේ සිටින්නේ, හිටපු මාධ්‍ය ඇමති ධර්මසිරි සේනානායක මහතා ය. එතුළින් ද විද්‍යාමාන වන්නේ ,
ජනාධිපතිනිය මෙලෙස කණෙන් ඇල්ලූව ද ඉන් එහා කිසිදු ආන්ත‍්‍රාවක් ඇගෙන් සිදු නොවන නිසා මෙය එතරම් ගණන් නොගත යුත්තක් නොවන්නේ ද?

ප‍්‍රකාශන නිදහස , මාධ්‍ය නිදහස යන්නෙහි සැබෑ ස්වරූපද මෙයයි. එය රජයේ, ඔවුන්ගේ වන්දිභට්ටයන්ගේ තෝතැන්නක් මිස, පුරාජේරු කියමින් පෙන්වාලන තරම් විසිතුරු නිදහසක් හෝ අයිතියක් මාධ්‍යයට නොමැත.



No comments:

Post a Comment

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...