Thursday 26 July 2018

රාහුල හිමි හා මේඝදූතය


සැළලිහිණි සන්දේශය යනු කෝටටේ යුගයෙහි විසූ දීප්තිමත් මම කවියෙකු ලෙස සැලකෙන ෂඞ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශී‍්‍ර රාහුල හිමියන් ලියූ සන්දේශ කාව්‍යයයි.
සිංහලයේ පැරණිත ම සන්දේශ කාව්‍ය ලෙස හ`දුන්වන්නේ ගම්පෙළ යුගයේ දී ලියැවුණු මයුර සන්දේශය යි. සන්දේශ කාව්‍යයන්හි ස්වර්ණමය යුගය වන්නේ කෝට්ටේ යුගය යි. ඉන්පසු එය සීතාවක යුගය ඔස්සේ නූතන අවධිය දක්වා වැඞී ගියේ ය.

රාහුල හිමියන්ගේ උසස් ම කාව්‍යය නිර්මාණය ලෙස සාහිත්‍යකාමීන්ගේ පැසසුම් දිනා සිටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ හයවන පරාක‍්‍රමබාහු රජුගේ කණිටු දියණිය වන ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට, රාජ්‍ය භාරයට පත් පුත් කුමරෙකු ලබාදෙන ලෙස කලණියේ විභීෂණ දෙවියන්ට කෙරෙන ආයාචනයක ස්වරුපයෙනි.

මෙය පද්‍ය 111 කින් සමන්විත වන අතර, නව්‍ය උපමා අලංකාර ආදිය මෙන් ම සුමට සුලලිත පද මාලාවක් සහිත ව ගොඩන`ගා ඇති මෙම සැළලිහිණි සන්දේශය සිංහල සාහිත්‍යය තුළ සුවිශේෂි ස්ථානයක් හිමිකර ගනී.

සැළිලිහිණි සන්දේශයේ අන්තර්ගතය සියුම් ව විමසා බලන විට, රහල් හිමියන් ට ද කාලිදාසයන්ගේ නිර්මාණකරණයේ කසුන් ප‍්‍රතිබිම්බය වැටී ඇතිවග ස්ඵුට කරවා ගත හැකි ය.

සැළලිහිණියේ එන 23 වන කවිය

වෙස`ගන තු`ගු ගන යුග රොන් කොකු ම`ගර
පිස එත ම`ද පවන් ඇ`ද විල් ලිහිණි සර
ගොස අලූයම් පසතුරු සවනතෙහි කැර
ඇස නිදි ගැට හැර නැ`ග සිටු උදාගිර

(වෙස`ගනුන්ගේ උස් වූ පයෝධර යුවළෙහි වූ කොකුම් ආලේපයෙහි රොන් පිසගෙන විල් ලිහිණියන්ගේ නාදය ඇදගෙන, ම`ද සුළ`ග එන කල්හි අලූයම පංචතූර්ය ඝෝෂාව අසා හිරු උදාවන කල්හි ඇස්වල නිදිබර ගතිය හැර නැගී සිටින්න.)

මෙම කවියට මූල ප‍්‍රතිෂ්ඨා වූ ශ්ලෝකයක් මේඝදූතයේ එයි.

‘‘දීර්ඝ කුර්වන් පටුමදකලං කූජිතං සාරසානං
ප‍්‍රත්‍යුෂේ’ර්ධස්ඵුටිත කමලාමෝදංමෛත‍්‍රී කෂායඃ
යත‍්‍ර ස්ත‍්‍රීණං හරති සුරතග්ලානිමංගානුකූලඃ
ශ‍්‍රිප‍්‍රාවාතඃ ප‍්‍රියතම ඉව ප‍්‍රාර්ථනා චාටුකාරංඃ

අලූයමෙහි පතල මදයෙන් මනෝරම්‍ය වූ විල්ලිහිණියන්ගේ නාදය දීර්ඝ කරන්නා වූ, අඩක් පිපිණු පියුම් සුව`ද හා සංස්පර්ශ වීමෙන් ජනිත මනෝරම්‍ය සුගන්ධය ඇති, ශ‍්‍රීප‍්‍රා, නදියෙන් හමා එන ශරීරයට සුවදායක වූ සුළ`ග චාටු ක‍්‍රියාවෙන් තම සිතැ`ගි අයදින්නා වූ වල්ලභයෙකු සේ ම ප‍්‍රමදාවන්ගේ රති විඩා දුරලයි. එ් අනුව සැලලිහිණියේ එම කවිය හා මේඝදූත ශ්ලෝකය අතර ඉතා සමාන අදහසක් ගැබ්ව ඇතිබව පැහැදිලිය.
සැළලිහිණියේ 58 වන කවිය සෘතු සංහාරයේ එන ශ්ලෝක ශ්ලෝක 2 ක අදහස උකහා ගෙන සකස් කර තිබේ.

කැලණි පුරයේ අඹු සැමියන් පිළිබ`ද වර්ණනයේ දී රාහුල හිමි ශෘංගාරය දනවන ආකාරයට මෙ කවිය රචනා කර තිබේ.

‘‘පවර කර කොකුම් ස`දනෙන් තුනු සියල
පවර සුව`ද මල්දම් පැළ`ද මනකල
බැහැර සිතු නෙලූ හිමිනාඹුවෝ කෙළිලාල
එ පුර ඉ`දිති ස`දපානේ ස`දලූවල’’

කොකුම් හා මිශ‍්‍ර ස`දුන් ආලේපය සියලූ ශරීරයේ ම තවරා මා හැ`ගි, සුව`දවත් වූ සිත්කලූ, මල් මාලා පැළ`ද ඔවුනොවුන්ගෙන් සිත් බැහැර නොකළා වූ කෙළිලොල් අඹු සැමියෝ ඒ නගරයේ ස`දලූ තලාවල හ`දපානේ ඉ`දිති.

ඍතු සංහාරයේ ග‍්‍රීෂ්ම ඍතු වර්ණයේදී කාන්තාවන් චන්දන ආලේප කිරීම පිළිබ`ද ව ද, සිසිර ඍතුවේ දී කොකුම් ආලේප කරන බව ද මහා කවි කාලිදාසයන් සඍතුසංහාරයේ දක්වා තිබේ.

එය ශ්ලෝක 2 කින් දැක්වෙන්නක් වන අතර, රාහුල හිමියන් එම ශ්ලෝක 2 ක එකට එක්කහු කර උක්ත පද්‍ය නිර්මාණය කරන්නට ඇතැයි විචාරකයින්ගේ මතයයි.

Monday 23 July 2018


සිවිල් අපහාසය

ශ‍්‍රී ලංකාවේ සිවිල් අපහාසය සම්බන්ධ නීතිය රෝම ලන්දේසි නීතිය මත පදනම් වූ ‘‘අක්ටියෝ ඉන්ජුරියාරුම් නඩුකරයේ විෂය පථයට ඇතුළත් වන අතර මෙහි වරද සිවිල් වගකීමක් ලෙස ද හැඳින්වේ. ‘‘මැකරන්විසින් සිවිල් අපහාසයට අර්ථ දක්වා ඇත්තේ,

 යම්කිසි තැනැත්තෙකු විසින් නීත්‍යානුකූලව සාධාණීකරණයක් හෝ සමාවට හේතුවක් නොමැතිව තවත් තැනැත්තෙකු පිළිබඳව අපහාසාත්මක දෙයක් ප‍්‍රසිද්ධ කිරීම
                                             යනුවෙනි.

සිවිල් අපහාසය සම්බන්ධයෙන් නඩුකරයක් ගෙන එන විටදී එකී සඩුව සාර්ථක වීමට නම් ප‍්‍රධාන අවශ්‍යතා 4 ක් ඔප්පු කල යුතුය. ඒවා නම්,

1.      අදාළ ප‍්‍රකාශය අපහාසාත්මක විය යුතු ය.

2.      අදාළ ප‍්‍රකාශය පැමිණිලිකරු සම්බන්ධයෙන් විය යුතු ය.

3.      අපහාසාත්මක දේ ප‍්‍රසිද්ධ කළ යුතු ය.

4.      විත්තිකරු විසින්  හෙවත් අපහාස කිරීමේ චේතනාවක් තිබිය යුතු ය.

                                                                                                         යන කරුණු වේ.
සිවිල් අපහාසය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ඔප්පු කිරීමේ දී වැඩිබර සාපරාධී අපාසයක් ඔප්පු කිරීමේ භාරය සාධාරණ සැකයෙන් ඔබ්බට  ව්‍යාප්ත වන අතර, වරද සිදු වූවා ද නො වූවා ද යන්න පිළිබඳ සැකයක් තිබිය නොහැක. වරද සිදු නොවූ බවට සැකයක් ඇතිකළ හොත් එකී සැකයේ වාසිය විත්තිකරුට ලබා දීම කළ යුතු ය. ඒ මත විත්තිකරු නිදහස් විය හැකි ය. නමුත් සිවිල් අපහාසයේ දී එලෙස ඇති ඔප්පු කිරීමේ භාරයක් දක්නට නොමැත.

‘‘පේලේවින්’’ ප‍්‍රකාශ කරන ආකාරයට කිසියම් පුද්ගලයෙක් පිළිබඳව සමාජය ඔහුගේ හිතවතුන් විසින් කරන තක්සේරුව නියම තත්ත්වයට වඩා පහත හෙලීමට දායක වන  ඕනෑම ප‍්‍රකාශයක් අපහාසාත්මක බව ප‍්‍රකාශ කරයි. ඒ අනුව බලන විටදී සමාජ තත්වය පහළ වැටෙන ආකාරයට කියනු ලබන  ඕනෑම ප‍්‍රකාශයක් අපහාසයක් ලෙස සැලකිය හැක.
පුද්ගලික චරිතය, වංකභාවය, සදාචාර විරෝධී බව, පෞරුෂයක් නොමැති බව, අගෞරවනීය පැවැත්ම යනාදී මෙන් ම යම් පුද්ගලයෙකු පිළිබඳ අකමැත්ත ප‍්‍රවර්ධනය කිරීම, ඔහු දුර්වල පුද්ගලයෙකු බව ප‍්‍රකාශ කිරීම, දූෂණයට ලක්වූ බව ප‍්‍රකාශ කිරීම, අවජාතක බව, සිහිවිකල බව, ආබාධිත බව කීම අපහාසාත්මක ප‍්‍රකාශයක් විය හැක.
එමෙන්ම කිසියම් පුද්ගලයෙකුගේ වෙළඳ ප‍්‍රසිද්ධිය හෝ ඔහුගේ වෘත්තීමය හැකියාව අවතක්සේරු කරන්නා වූ ප‍්‍රකාශන ද අපහාසාත්මක ප‍්‍රකාශයන් විය හැක. වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු, නීතිඥයෙකු අදාළ වෘත්තිය පිළිබඳ අදක්ෂයෙකු බව ප‍්‍රකාශ කිරීම අපහාසාත්මක විය හැක. ලොව පිළිගත් ගත්කතුවරයා පහත් පෙළේ ලේඛකයෙකු බව ප‍්‍රකාශ කිරීම ද මීට ඇතුළත් වේ.

අපහාසය සම්බන්ධ නඩුකර වල දී විත්තිකරුට තමාගේ නිදහසට ඉදිරිපත් කල හැකි විත්ති මාවත වන්නේ,
  • ·         අනුමැතිය ලබා දී තිබීම (පැමිණිලිකරු විසින්)
  • ·         ප‍්‍රකාශය සාධාරණය කිරීම
  • ·         යුක්ති සහගත අදහස් දැක්වීම
  • ·         අදාළ ප‍්‍රකාශයට වරප‍්‍රසාදයක් හිමිවී තිබීම
  • ·         සාධාරණ විවේචන

                                                                                     යනාදිය වේ. 

මෙම විත්ති වාචක සාර්ථක ලෙස ඔප්පු කිරීම තුළින් අපහාසයක් සිදු වී නොමැති බවට විත්තිකරුට ඔප්පු කළ හැක.
භාෂණයේ නිදහස යන්නට අපහාස නීතිය මගින් ඉහතින් දැක්වූ ආකාරයට සීමාකම් පනවා ඇත. මෙම සීමාකම් නොසලකා කි‍්‍රයාකරන පුද්ගලයන්ට අධිකරණ කි‍්‍රයාමාර්ගයකින් දඩුවම් ලබාදීමට හැකිවන අතර මෙවැනි ක‍්‍රමවේදයක් නොතිබුණා නම් සමාජයේ යහ පැවැත්මට එය හානි සිදු කරනු නො අනුමානය.

Friday 13 July 2018



අරමුණ





ජීවිතයයන්න මේ යැයි නිශ්චිතව ම කිව හැකි කිසිවෙක් මෙතෙක් පහළ වී නොමැත. පහල වන්නේ ද නැත.

ජීවිතය යනු, අනන්තය වැනි, ඉමක් - කොනක් නොපෙනෙන විසල් නොව, සුවිසල් වචනයකි. එය එක් එක් පුද්ගලයා ට තම තම රුචිකර ලෙස, නැණ පමණින් අර්ථ ගැන්විය හැකි නිදහස් වචනයකි. කවදා හිමි වී, කෙලෙසක අහිමි වී යාදෝ හෝ යි නොදත් යමක් ඇත් ද ඒ ජීවිතයයි. ගෙවෙන ගෙවෙන තත්පරයක් පාසා ම, ගතවන විනාඩියක් විනාඩියක් පාසා ම ජීවිතය ගෙවී යන බවත්, මරණය සමීප වන බවත් දනිමු. එහෙත්, ”ජීවිතයයන්න කුමක්දැ යි කියා නිශ්චිතව ම කිසිවෙකුත් නොදනී.

කාලය යන සම්මතය තුළ ජීවිතය යන බහු අර්ථීය පදය අතිශය උද්වේගකර ය. ජීවිතය යනු, කාලය සම`ග කරන්නාවූ අරගලයකි. එකී අරගලය තුළ සියල්ලන්ට ම අරමුණු , අභිප‍්‍රායන්, ආශාවන්, සිහින නම් අනන්ත ය. ප‍්‍රශ්න, බාධක, දුක්, කම්කටොළු, වේදනාවන් ද එතරම් ම අසීමිත ය. ජීවිතය යනු තමා සතු අරමුණු, අභිලාශයන්, සිහින - සඵල කරගනු වස් විසල් වූ දුක් කම්කටොළු , බාධක අභිබවමින් සාර්ථකත්වය ළ`ගා කරවා ගැනීමට දරන්නා වූ බල සම්පන්න විප්ලවයකැ යි සිතේ.

ජායාරූපයේ පෙනෙන අන්දම ට මෙහි ඇති පුද්ගලයා රූපයේ අරමුණු සාක්ක්‍ෂාත් කරලීමට මහත් වූ ආශිර්වාදයක් වී ඇතැයි සිතේ. අවට වූ සියළු ම මහා වෘක්ෂ ලතාවෝ අහස දෙසට එක සීරුවට ඉහළට ඇදීගොස් ඇත. එතුළින් මානව ජීවිතය තුළ ඇති අසීමාන්තික බලාපොරොත්තු, ආශාවන්, අවශ්‍යතාවයන්, සිහින, අරමුණු වල බහුලත්වය දිස් වේ.

එමෙන් ම රූපයේ ඉහළ කෙළවර හා පසුපස පෙදෙස තුළ මීදුම් සහිත බියකරු ස්වභාවයක් ඇති අතර එතුළින් මිනිස් අරමුණු වල විෂමත්වය හා ඒවා සාපල්‍ය කර ගැනීමේ අසීරුව පෙන්නුම් කරයි. එමෙන් ම ඡුායාරූපය තූළ කිසියම් ප‍්‍රාණවත්, මඳ ආලෝකයක් ගැබ් වී තිබීමත්, අහස දෙසට විහිදී ගිය වෘක්ෂයන් හි ඉහළම කොටස් මනා ලෙස දර්ශනය නොවීමත් එම ශාක වල ඉහළ කොටස තුළ ආලෝකය වැඩි ගතියක් තිබීමත් තුළින් විද්‍යාමාන වන්නේ මිනිස් අරමුණු, අභිලාෂයන් වල චංචල භාවයත්, එහි ඉක්මන් වෙනස්වීම් ස්වභාවයත්, අරමුණු වල ඇති විශාලත්වයත්, ඒවා සඵල කරගැනීම තුළ ජීවිතයේ ඉහළට ම ගොස් ආලෝකය තම ජීවිත වලට ද උදා වන බවත්, එහි සාර්ථකත්වය අත්පත් කරගත්තවුන්, සමාජය තුළ මහා ඉහළින් බැබළෙමින්, පහළ දුකකින් මිරිකී ගිය, දරිද්‍රතාවයෙන් අනූන මිනිසුන්ට දර්ශනය කරගත නොහැකි තරමේ මානයකින් වැසී යන බවත් නොවේද?

මෙම ජායා රූපයේ එක ගසක් බිම පෙරළි ඇති අතර එය මතින් ජව සම්පන්න පෙනුමකින් හා ප‍්‍රසන්න ඇඳුම් ආයිත්තම් වලින් සැරසුණු පුද්ගලයෙක් ගමන් ගන්නා අන්දම දිස් වේ. එය මෙම ඡුායා රූපයේ ජීවී බව වඩා තීව‍්‍ර කරලීමට සමත් කොටසයි. ඔහු රතු පැහැති අත්දිග කමිසයකින් ද, කළු පැහැ දිග කලිසමකින් මෙන් ම, දෙපයට මිල අධික නවීන සපත්තු යුගලයක් පැළඳ සිටීම ද, හිසකෙස් නිසි පිළිවෙලකට පීරා සිටීම ද තුළින් විද්‍යාමාන වන්නේ, ඔහු තුළ ඇති ධනාත්මක චින්තනය යි. එමෙන් ම වෘක්ෂයෝ මිනිසා සතු එක් එක් අරමුණු යැයි උපකල්පනය කළහොත්, මෙහිදී එකී එක් අරමුණක් ඔහු නෙලා ගත්තේ යැයි, ගසක් කපා වැටී සිටීමෙන් පෙනේ. එකී අරමුණු සඵල වීමේ උත්කර්ෂය තුළ ගිලී සිටින මිනිසා සිය සාර්ථක කරගත් අභිලාෂය තුළ මනා සැහැල්ලූ, සොම්නස් ලීලාවෙන් එහි ලාභය භුක්ති විඳින අන්දම පටු ශාක කඳක් මත මනා සමබර ඉරියව්වෙන් කිසිදු අපහසුවකින් තොරව ගමන් කරන ආකාරය තුළින් දැක්විය හැක.
ගස් කඳ මත වන මැරී වියළී යමින් පවතින කුඩා කුඩා අතු ශාඛාවන් තුළින් අරමුණු සඵල කරගැනීමට එල්ල වූ විසල් බාධාවන්, සඵල කරගත් අරමුණු මතදී අතිශය කුඩා, බොල්, බල රහිත දේවල් පමණක් බව පෙන්වා දෙයි.

Sunday 8 July 2018



ඍතුසංහාරය


ඛණ්ඩ කාව්‍යයක් හෙවත් කෙටි කාව්‍යයක් ලෙසට සැලකෙන මෙය, කාලිදාසයන් විසින් රචනා කරන ලද්දක් යැයි නොපිළිගන්නේ මෙතුළ ඇති නොපැසුණු බව නිසාවෙනි. ඒ සදහා තර්ක 3ක් ද ඉදිරිපත් වේ.

කාලිදාසයන්ගේ සෙසු කෘතීන් වල දක්නට ලැබෙන දියුණු රචනා ශෛලිය හෝ සදාචාරාත්මක හැ`ගීම් මේ කෘතියෙහි නොතිබීම.

කාලිදාසයන්ගේ සෙසු කෘතීන් 6 ට ම මල්ලිනාථ නම් ව්‍යඛ්‍යනකරු, ව්‍යාඛ්‍යානයක් සපයා ඇතත්, ඍතුසංහාරයට එවන්නක් නොමැති වීම.

අලංකාරිකයන් මේ රචනයෙන් කිසිම පද්‍යයක් හෝ වාක්‍යයක් නිදසුන් ලෙස උපුටා ගෙන නොමැති වීම

කවියෙකුගේ ප‍්‍රථම රචනයක් වශයෙන් ඍතුසංහාරය පරීක්ෂාකර බලන විට එහි දැක්වෙන නොදියුණු ශෛලිය ද කාව්‍ය රචනයට පළමුවරට යොමු වූ තරුණ කවියෙක් පේ‍්‍රමය ගැන පළ කරන අදහස් එතරම් සදාචාරාත්මක නොවීම ද යනාදිය අපේක්ෂා කළ යුතු ය.

මෙම කාව්‍ය සරල සුගම බසකින් රචනා කරන ලද හෙයින් මල්ලිනාථයන් මේ ස`දහා අමුතුවෙන් ව්‍යාඛ්‍යානයක් සැපයීම අනවශ්‍ය යැයි සිතන්නට ඇත. අලංකාරිකයන් මෙයින් නිදසුන් සපයා නොගන්නේ සෙසු කෘතීන් සය (6 ) තුළින් ම ඒ සදහා අවශ්‍ය කාරණා අප‍්‍රමාණ ව ගොනු කරගෙන ඇති නිසාවෙන් යැයි ද සිතිය හැක.

එහෙයින් කාලිදාසයන්ගේ ඍතුසංහාරය පිළිබඳ කරුණු විමසීමේ දී රචනය පිළිබ`ද එතරම් පුළුල් ශඛ්‍යතාවයක් නොතිබුණු සමයේ දී රචිත මුල් ම කෘතිය ලෙස සැලකීම සාධාරණ ය.

කාලිදාසයන් ස්වභාව ධර්මය හා ලෝකය දෙස බලමින් සිතට න`ගාගත් ශෘංගාරාත්මක හැ`ගීම් පළ කරන පළමු රචනය මෙය වේ.

ඍතු 6 ක ලක්ෂණයන් වර්ණනාවට භාජනය වන බැවින් ඍතුසංහාරය යන නම යෙදේ.
මෙහිදී කාලිදාසයන් වර්ෂයේ පළමු ඍතුව ලෙස ගැනෙන වසන්ත ඍතුවෙන් වර්ණනාව නොඅරඹා, ග‍්‍රීෂ්ම ඍතුව විස්තර කරයි. මෙය ඔහුගේ අපූර්ව රචනා ශෛලියේ මූලාරම්භයේ පහළ වූ සුවිශේෂිතාවක් ලෙසට ද දැක්විය හැකි ය.

මෙම ග‍්‍රීෂ්ම ඍතු වර්ණනයේ දී පෙම්වතෙක් පෙම්වතියට අමතන ආකාරය පද්‍ය යොදා ඇති අතර එම ඍතුවේ ඇති තියුණුකම සෑම පද්‍යයකින් ම මතු කරයි. කාමාශාව විරල වූ ඍතුවක් ලෙස කාලිදාසයන් ග‍්‍රීෂ්ම ඍතුව පෙන්ව දී ඇත.

අව්වට, රශ්මියට, ග‍්‍රීෂ්මයට මිනිසුන්ගේ ක‍්‍රියාකාරකම් මෙන් ම චින්තනය ද කලබලකාරී ලෙස හැසිරෙන බව, අධික රශ්මිය නිසා මිනිසා දැඩි සේ වෙහෙසට පත්වන බවත්, කාලිදාසයන් සිය අත්දැකීම් ඔස්සේ පේ‍්‍රමනීය, සෞම්‍ය සිතුවිලි ඇතිනොවීම කෙරෙහි පරිසරයේ ඇති කඨෝර බව සෘජුවම බලපාන බවද සිය අත්දැකීම් තුළින් ගම්‍ය කරගෙන තිබෙන්නට ඇත.

දෙවන සෘතුව වර්ෂා සමය පිළිබ`ද විස්තර කරයි. මෙහිදී සම්භෝග හා විප‍්‍රලම්භ නම් දෙවැදෑරුම් ශෘංගාර රසය දැනවීමට ගර්ජනා, විදුලිය, මොනර නැටුම්, දිය ඇලි, ගංගා, ආදිය විෂය කරගෙන තිබේ.

සාමාන්‍ය ජීවිතයේ දී ඇතැමෙක් වැස්සට අතිශය ප‍්‍රිය කරන අතර තවකෙකුට එහි එසේ නොවේ. කාලිදාසයන් ද මෙකී කාරණාව මනාව පසක් කරගත් බව ද දක්වමින් වැස්ස පේ‍්‍රමය කැ`දවන බව මෙන් ම පේ‍්‍රමයෙන් දුරස්ථ වීමට ද වැස්ස හේතුවන බව පෙන්වා දී තිබේ.

සරත් සෘතුව තුළ වර්ෂාව නිමවී අලූත් කුළු වලින් සැරසී සිටින ගස්වැල් ද, වර්ණවත් පුෂ්ප සමූහයන් ද දකින පෙම්වතුන්, ස්ත‍්‍රීන්ගේ රූ සපුවට සමාන වූ ඒ ඒ ලක්ෂණ ගැන සිතමින් කැළඹේ.

හේමන්ත සෘතුව තුළ කාම රසයෙන් වස`ගව සෑමදෙනාම කල්ගත කරන අන්දම දක්වා ඇත.

සිසර සෘතුවේ කාමාශාව වඩා වර්ධනය වන අයුරු දක්වන කාලිදාසයන් හය වන සෘතුව ලෙස වසන්ත සෘතුව පිළිබඳ දක්වයි.

මෙහිදී සචේතනික ලෝකය පමණක් නොව, අචේතනික වස්තූන්ද කාමයට වසඟ වේ. අනංගයාගේ පැමිධෑම මෙන්ම ස්වාභාවික වර්ණනාවන් තුළින් කවියා සිය කවීත්වයේ ඇති පුළුල් බව ප‍්‍රකට කරයි.

Wednesday 4 July 2018



භාෂාව හා පුවත්පත් භාෂාව








මිනිසා ලොව පහළ වූ තැන් පටන් අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා විවිධ ක‍්‍රම උපයෝගී කොට ගෙන තිබේ. ඊට මුල් වූයේ භාෂාවයි. අද ලෝකයේ පවත්නා භාෂාවන් මිනිසාගේ පරිණාමය හා ක‍්‍රමයෙන් වෙනස්ව දියුණු වූ බව පෙනේ. භාෂාව හැසිරිවීම සඳහා මිනිසා පළමු කොට ම උපයෝගී කරගෙන ඇත්තේ අංග චලන හා කටින් පිටවන ශබ්දයි. ශබ්ද උපයෝගී කරගෙන අකුරු ද, අකුරු උපයෝගී කරගෙන වචන ද බිහිවී ඇත. මේ අනුව ජනගහනයේ ව්‍යාප්තියත් සමඟ විශාල පිරිසක් සමඟ හා ඈත සිටින පිරිස් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය ඇති විය.

භාෂාව යනු ශක්ති ප‍්‍රවාහයක් වේ. මේ ශක්තිය හේතුකොට අලූත් අලූත් වාක්‍ය නිර්මාණය කිරීමට මිනිසාට හැකියාවක් ලැබී තිබේ. මිනිසා කරන්නේ තමා සතු මේ භාෂා ශක්තිය හෙවත් ශඛ්‍යතාව පිහිට කොට ගනිමින් තමාට අවශ්‍ය වාක්‍යයක් අලූතින් නිර්මාණය කර ගැනීමයි. මානව භාෂාව සතුන්ගේ සන්නිවේදන කාර්යාවලියෙන් වෙනස් වන්නේ මෙම ශක්‍යතාව නිසා ය. තම තමන්ට අවශ්‍ය යම් අරමුණු ඉටු කර ගැනීමට ශබ්ද නිපදවීමට හෝ අංග චලන කිරීමට තිරිසන් සතුන්ට පුළුවන. එහෙත් මේ සතුන් උපන්දා සිට ම මැරෙන තුරු ම යොදන්නේ එකම ශබ්ද සමූහයක් හෝ අංග චලන සමූහයකි. සත්ව වර්ගයා අතුරින් කථා කිරීමේ සහ ලිවීමේ ප‍්‍රාගුණ්‍යය ලබාගෙන ඇත්තේ මිනිසා විසිනි. කථා කිරීම, ලිවීම යන දෙකෙන් ම කෙරෙන්නේ සන්නිවේදන කාර්යයකි. තව ද ලේඛනය හා සම්බන්ධ සන්නිවේදන මාර්ග රාශියක් ඇත්තේ ය. වාක්‍ය රචනා, ශාස්ත‍්‍රීය ලේඛන, නව කතා, කාව්‍ය, නාටකාදී නිර්මාණාත්මක රචනා පුවත්පත් ලේඛන ආදී විවිධ ලේඛන සඳහා භාෂාව උපයෝගී කරගනු ලැබේ.

මෙහිදී පුවත්පත් කලාවට යොදාගන්නා භාෂාව පිළිබඳව ද සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. ග‍්‍රන්ථාරූඪ භාෂා ව්‍යවහාරයක් අවශ්‍ය යැයි මෙහිදී අදහස් නොකරයි. මෙහිදී අවශ්‍ය වන්නේ සරල සුගම බස් වහරකි. පුවත්පත් බස යැයි වෙන ම බසක් නැත. සෙසු ලේඛන කටයුතු සඳහා යොදා ගන්නා බසමයි පුවත්පත් සැකසීමට යොදා ගැනෙනුයේ. පුවත්පත්හි බසේ සරල බවත්, කෙටි බවත් තිබිය යුතු බව නම් සැබෑ ය.

ශාස්ත‍්‍රීය ලිපියක මෙන් නොව පුවත්පත් වාර්තාවක කෙටි වැකි ද කෙටි ශිර්ෂ පාඨ ද යෙදෙන්නේ එ බැවිනි. එහෙත් එ් ස`දහා නිවැරදි ව බස හැසිරවීමේ නිපුණතාවය නොවුවහොත් ලියන තැනැත්තා අදහස් කළ දෙය පාඨකයාට තේරුම් ගත නොහැකි ය.

ඔබගේ වැකියක්
පදයක් අකුරක් අරුත
රසය ලකර නොනසා
පෙරැුළිය නොහැකි වේවා !

              යැයි කුමාරතුංග මුනිදාසයන් පැවසූ අදහස පුවත්පත් කලාවේදීන් ට ද පොදු ය. එ් අනුව පුවත්පත් හි භාෂාව හැසිරවීම මනාකොට සිදු කළ යුතු ය.

අන් සෑම මාධ්‍යයකට ම විශේෂ වූ රූපවාහිනිය හෝ සිනමාව තුළ රූපය මුල් කරගත් භාෂාවක් ද, ගුවන් විදුලිය තුළ හඬ මුල් කරගත් භාෂාවක් ද භාවිතා වන අතර පුවත්පත් මාධ්‍යයේ ලිඛිත අක්ෂර ක‍්‍රම තම ප‍්‍රධාන භාෂාව ලෙස භාවිතා කරයි.
පුවත්පතේ ඇති ලිපි ලේඛන වල නිර්මාණශීලීත්වය ඉස්මතු වන්නේත්, සන්නිවේදන ගුණය ප‍්‍රබල වන්නේත් භාවිත භාෂාව මතය. පුවත්පත තුළ සාමාන්‍යයෙන් ලේඛණ 

භාෂාව ආකාර දෙකකින් ක‍්‍රියාත්මක වේ.

                      1.නිර්මාණාත්මක භාෂාව

                      2. ප‍්‍රකාශන භාෂාව

ශ‍්‍රී ලාංකීය සමාජය තුළ වඩාත් පාඨකයාගේ ජන විඥනයට සමීප වූ ඔවුන් අතර බහුල වශයෙන් භාවිතා වන්නා වූ මාධ්‍යය පුවත්පත් මාධ්‍යයයි. 1832 ජනවාරි 07 වන දින කලම්බු ජර්නල් නමින් ඇරඹුණ ශ‍්‍රීලාංකීය මුල් ම පුවත්පත් ක‍්‍රියාවලියේ සිට මේ මොහොත දක්වා ලාංකීය සමාජය තුළ විවිධ පුවත්පත් විවිධාංගීකරණයෙන් යුතු ව විවිධ මානයන් ඔස්සේ ග‍්‍රාහක සමූහය වෙනුවෙන් නිර්මිත වූ බව පැවසිය යුතු ය.
පුවත්පත තුළ දැකිය හැකි ලිපි ලේඛන නිර්මාණ රැුසකි. එය පුවත්පතෙහි අන්තර්ගතයයි. මෙම අන්තර්ගතය ප‍්‍රධාන කොටස් 3ක් යටතේ හඳුනාගත හැක. එනම් ප‍්‍රවෘත්ති, විශේෂාංග, දැන්වීම් යන්නයි. පුවත්පත් විසින් ආමන්ත‍්‍රණය කරනු ලබන පාඨකයා අනුව මෙම අන්තර්ගතය වෙනස් වේ. අන්තර්ගතය තුළ විශේෂාංග කොටස් කිහිපයක් යටතේ හඳුනා ගත හැක.

                          ප‍්‍රවෘත්ති හා ශීර්ෂපාඨ
  
                          කතු වැකි

                          විශේෂාංග රචනා

                          තීරු ලිපි

                          කාටුන්

                          චිත‍්‍රකතා

                          වෙළඳ දැන්වීම්

ආදිය මෙහි ඇතුළත් වේ. මූලික වශයෙන් මෙසේ වර්ග කළ හැකි විශේෂාංග පිළිබඳව සාකච්ඡුා කිරීමේ දී එ් එ් අංශ බැඳී ඇති විශේෂතා හඳුනාගත හැක. එ් අනුව, ලිපි ලේඛණ වලට ආවේණික ලෙස නිර්මාණශීලි භාෂාව භාවිතා කළ හැකි ය.


ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...