නැණස


මාධ්‍ය නිදහස හා ජනමාධ්‍ය

මාධ්‍ය නිදහස යන්න ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළත් දේශපාලන ක්ෂේත‍්‍රය තුළත් එක සේ සංවාදයට බඳුන් වන කාරණාවකි.
මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් ම පිළිගෙන, සහතික කර ඇති භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට අතිශය වැදගත් ය.

අතීතයේ දී තොරතුරු හා දැනුම ප‍්‍රකාශයට පත් කිරිම සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රම හා ප‍්‍රාථමික මූලාශ ඔස්සේ සිදු විය. එහෙත් වර්තමානය වන විට තාක්‍ෂණික දියුණුවත් සමඟ දියුණු සන්නිවේදන භාවිතයක් දක්වා විකාශනය වී ඇත. තොරතුරු සමාජගත වීමේ ක‍්‍රමික වර්ධනයක් සමඟ ප‍්‍රකාශන නිදහස පිළිබඳ සාකච්ඡුාවට ලක්විය.
අතීතයේ සිට මේ දක්වා වූ කාලච්ෙඡ්දය තුළ මිනිසාගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන නොනවත්වා ක‍්‍රියාවට නැංවෙයි.

”1215 මැග්නා කාටා ගිවිසුම”, 1776 ඇමරිකානු නිදහස් සටන, සහ 1971 අයිතිවාසිකම් ප‍්‍රකාශනය, 1789 ප‍්‍රංශ විප්ලවය ආදී ප‍්‍රකාශන, විප්ලව හරහා අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය බිහි වූ අතර මානව හිමිකම් නීතියෙහි පිබිදීම උදෙසා 19 වන සියවසේ දී තෝමස් හොබ්ස්, ජෝන් ලොක් වැනි දාර්ශනිකයන්ගේ මත පදනම් විය.
මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය 1948 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය, 1966 ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය, 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ අන්තර් ජාතික සම්මුතිය හා පසුව කී සම්මුති දෙකට අදාළ වෛකල්පිත සම්මුතීන් 02ක් අන්තර්ගත කරමින් සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පනත එළි දක්වීමත් සමඟ බලවත් ලෙස ස්ථාවර විය.

අයිතිවාසිකම් යන්න මානව අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම් ලෙස දෙආකාරයකට බෙදේ. විශ්වයේ සමස්ත මානව වර්ගයාට අදාල වන්නා වූ අයිතිවාසිකම් මානව අයිතිවාසිකම්වේ. මේ ආකාරයට වර්ධනය වන්නා වූ මානව අයිතිවාසිකම් අතරින් යම් යම් අයිතිවාසිකම් එක් එක් රාජ්‍යයන් විසින් තම රටේ සාමාජික, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික හා වෙන යම් ආවේණික තත්ත්වයන්ට උචිත වන ආකාරයට පමණක් උකහා ගෙන, එසේත් නැතිනම් අත්‍යවශයෙන් ම රැුකිය යුතු යැයි තමන් පිළිගන්නා අයිතිවාසිකම් එ් එ් රටවල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර නෛතිකව බලාත්මක කළහ. එම අයිතිවාසිකම් අපි මූලික අයිතිවාසිකම්ලෙස හඳුන්වමු.

එ් අනුව මානව අයිතිවාසිකම් වලින් යම් යම් අයිතිවාසිකම් ක‍්‍රමිකව විකාශනය වීම හරහා මූලික අයිතිවාසිකම් බවට පත්වී ඇති අතර එ් අනුව එක් එක් රටවල් පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් එක හා සමාන නොවේ. උදාහරණයක් වශයෙන් අප ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවතුල
මූලික අයිතිවාසිකමක් ලෙස ජීවත්වීමේ අයිතියපිළි නොගත්ත ද දකුණු අප‍්‍රිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ එය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනී.
ශ‍්‍රී ලංකාවේ වත්මන් (1978* ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිච්ෙඡ්දය මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ඡුා වෙයි.

10 වන ව්‍යවස්ථාව

සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස (සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට, හා ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය*

11 වන ව්‍යවස්ථාව

01. සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම
(නීතිය පසිඳලීම සහ ක‍්‍රියාත්මක කිරිම ද නීතියේ රැුකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය*
02. කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය, හෝ උපන් ස්ථානය යන හේතු සාධක මත හෝ ඉන් කවරක් හෝ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේ ය.

13 වන ව්‍යවස්ථාව

අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඬුවම් කිරිමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩ නීති පැනවීම තහනම් කිරිම
01. නීතියෙන් නියම කරනු ලැබූ කාර්යය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තෙකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේ ය. යම් තැනැත්තෙකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද එ් හේතුව එ් තැනැත්තාට දැන්විය යුතු ය.
02. අත්අඩංගුවේ තබා ගනු ලැබූ හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ සෑම තැනැත්තෙකු ම නීිතියෙන් නියම කරගත් කාර්ය පටිපාටිය අනුව ආසන්නත ම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු අතර, නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව එ් විනිශ්චයකාරවරයා විසින් කරනු ලැබූ ආඥව මත සහ ආඥවප‍්‍රකාර මිස, එ් තැනැත්තා තව දුරටත්, අත්අඩංගුවෙහි තබා ගැනීම හෝ රඳවා ගැනීම හෝ එ් තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම නොකළ යුත්තේ ය.

14 වන ව්‍යවස්ථාව

භාෂණයේ ,රැුස්වීමේ, සමාගමයේ, රැුකියාවේ සහ යාම් - ඊම් යනාදියේ නිදහස

() භාෂණයේ නිදහසට සහ ප‍්‍රකාශනය ඇතුළු අදහස් පල කිරිමේ නිදහස
() සාමකාමීව රැුස්වීමේ නිදහස
() සමාගමයේ නිදහස
() එකලාව හෝ අන් අය හා සමඟ ප‍්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාස ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප‍්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප‍්‍රකාශ කිරීමේ නිදහස
()එකලාව හෝ අන් අය හා සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහස
()එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යානුකූල රැුකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහස
() ශ‍්‍රී ලංකාව තුළ යාම් - ඊම් නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරිමේ නිදහස
( )ශ‍්‍රී ලංකාවට පෙරළා පැමිධෑමේ නිදහස
                                                යනාදියට හිමිකම් ඇත්තේ ය.

වර්තමානය වන විට ප‍්‍රකාශන නිදහස, මූලික මිනිස් අයිතිවාසිකම් යනාදිය පිළිබඳ කොපමණ නීති සම්පාදනය වී තිබුණත්, කොපමණ සාකච්ඡුා කළත් මාධ්‍ය හිංසනය නම් නතර වී නොමැත. මාධ්‍යයට කරනු ලබන බලපෑම් නතර වී නොමැත.
මාධ්‍යවේදීන් විවිධාකාර වූ ශාරීරික හා මානසික හිංසනයන්ට ලක් වී තිබේ. හිංසනය යනුවෙන් අර්ථවත් වන්නේ යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මඟින් හිරිහැරයට හෝ පීඩාවට පත් වීම ය. මෙම හිරිහැර කිරීම, අතුරුදහන් කිරීම, පැහැරගෙන යාම, රඳවා තබා ගැනීම යනාදිය ශාරීරික හිංසනයට අයත් වේ. රැුකියාව අහිමි කිරීම, මාධ්‍ය ආයතන වසා දැමීම, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නා බව ප‍්‍රකාශ කිරීම ආදිය මඟින් මානසික හිංසාවන් සිදුවේ.

ජනමාධ්‍යවේදයාගේ රස්සාව යනු ඇත්ත වසන් කිරිම ම රස්සාව කරගත් අය පිළිබඳ ඇත්ත කීම ය .
                                                                                         - බිල් මොයර්ස් -

මේ තුළින් පැහැදිලි වන්නේ ජනමාධ්‍යවේදියා යනු, සත්‍යය ගවේෂණය කරමින් නිවැරදි දේ වාර්තා කිරීම වෙනුවෙන් ක‍්‍රියා කරන්නෙකු බවයි. ඇත්ත වසන් කරන්නන්ගේ තොරතුරු  සොයා යාමේදී ජනමාධ්‍යවේදියාට ඇතැම් අවස්ථාවල හිංසනයට ලක්වීමට සිදු වේ. එහෙත් ඔහුගේ කාර්යය වන්නේ නිසි පරිදි සත්‍ය තොරතුරු වාර්තා කිරිමයි.
එක්සත් ජනපදයේ ඇති ප‍්‍රධානතම ආයතනය වන්නේ වෘත්තීමය පත‍්‍රකලාවේදීන්ගේ සංගමයයි. එහි සදාචාර පූර්විකාවේ දැක්වෙන පරිදි,

ජනතාව දැනුවත් කිරීම, සාධාරණත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනමය. පත‍්‍රකලාවේදීන්ගේ වගකීම නම් සත්‍ය සොයා ගොස් සිදුවීම් පිළිබඳව සාධාරණ විස්තරයක් සැපයීම ය. පත‍්‍රකලාවේදීන් මහජනයාට අවංක විය යුතු ය. වෘත්තීය අවංකභාවයේ පදනම වන්නේ පත‍්‍රකලාවේදීන්ගේ විශ්වාසනීයත්වය යි.

පුවත්පත් නැති ආණ්ඩුවක් ඇති සමාජයක් සහ ආණ්ඩුවක් නැති පුවත් පත් ඇති සමාජයක් අතර තේරිමකට බල කරතොත් නොපැකිලිව ම තෝරා ගන්නේ දෙවැන්නයි.
                                                                                              - තෝමස් ජෙෆර්සන් -

මේ අනුව පුවත්පත් මාධ්‍ය යනු, ගාමක බලවේගයක් හිමි සමාජයේ පෙර ගමන්කරුවෙකු බව පැහැදිලි වේ.
මාධ්‍ය නිදහස යනු සිය පුරවැසියන්ට සහ ඔවුන්ගේ සමාගම්වලට මෙන්ම ප‍්‍රවෘත්ති වාර්තාකරුවන්ට සහ ඔවුන්ගේ ප‍්‍රකාශනවලට නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරිමට රජය දී ඇති ඇපය ය. ප‍්‍රවෘත්ති එකතු කිරිම සහ ජනතාව අතර බෙදා හැරීමට සහ තොරතුරු ලබා ගැනිමට ද මෙය අදාළ වේ. බොහෝ රටවල මෙය ආරක්ෂාව සඳහා ව්‍යවස්ථානුකූල හෝ නීතියට ප‍්‍රතිප‍්‍රධාන පවතී.
රාජ්‍ය තොරතුරු ලබා ගැනීමේදී තොරතුරු වර්ගීකරණයක් පවතී. සංවේදී වර්ගිකෘත්ත රහසිගත හෝ ජාතික අභිලාෂය ස`දහා අවශ්‍ය වශයෙන් තොරතුරු වර්ග කෙරේ. මේවායින් කුමක් අනාවරණය කළ යුතු ද යන්න රජය විසින් තිර කරයි. බොහෝ රටවල ජාතික අභිලාෂයේ සීමාවන් නිර්වචනය ස`දහා මාධ්‍ය නිදහස පිළිබඳ නීති යොදා ගැනේ.

1 comment:

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...