Friday 3 August 2018


ටී.එන්.එල්. ප‍්‍රවෘත්ති, ඉෂිනි වික‍්‍රමසිංහ පෙරේරා සහ මාධ්‍ය නිදහස පිළිබ`ද ඇ`දි කාටුන් ආශ‍්‍රිත විග‍්‍රහය  -  01



                                                                       
                                                                                         MIDWEEK MIRROR
                                                                                         Wednesday,January 15,1997
                                                                                         Page 07

අම්පාර වෙල්ලාලි විශේෂ කාර්ය බලකා පොලිස් ක`දවුර LTTE ය විසින් යටත් කරගත් බවට TNL නාලිකාවේ පළවු ප‍්‍රවෘත්ති විකාශනය (1996.12.28) මෙරට විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූවක් විය. මෙම පුවත ත‍්‍රස්තවාදීන්ට පක්‍ෂපාතී ලෙස සිදුකරන ලද්දක් ලෙසට ඔභඛ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂිකා ඉෂිනි වික‍්‍රමසිංහ පෙරේරා මහත්මියට දෝෂාරෝපණ එල්ල වූ අතර, එහිදී ඇයව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉදිරිපත් කරමින් කොටි හිතවාදී ලෙස කටයුතු කළ බවත්, ආරක්‍ෂක අංශය පහත හෙළා ප‍්‍රවෘත්ති විකාශනය කිරීම නුසුදුසු බවත්, පවසමින් ඇයව අත්අඩංගුවට ගත් නමුදු එදින ම ඇය නිදහස් කෙරිණි. මේ සිද්ධිය රටේ කොතරම් අවුල් සහගත බවක් ඇති කළේ ද යත්, ඉෂිනි වික‍්‍රමසිංහට විරුද්ධව පැවරුණු නඩුව මූලික කර ගනිමින් මාධ්‍ය නිදහස පිළිබඳ, අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳව, තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ, පුළුල්ව කතා බහට ලක්විය. එපමණක් ද නොව විවිධ විරෝධතා උද්ඝෝෂණ, පෙළපාලි ආදිය ද පැවැත්විණි.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ එවකට වරාය හා නාවුක ඇමති ධුරය දැරූ රෙජී රණතුංග මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් කළ අයෙකි. ඔහු 1986 දී මිනුවන්ගොඩ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස පත්විය. 1989දී මුලින්ම  පාර්ලිමේන්තුවට පිවිසි රණතුංග මහතා 1994 දී ආණ්ඩු පක්‍ෂ පර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත්විය. ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මුලින් ම පත්වූ රෙජී රණතුංග මහතා ඉන් අනතුරුව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසත්, ආහාර හා අලෙවි සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, කටයුතු කර ඇති රණතුංග මහතා සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇත.
මෙම කාටූනයේ අං දෙකක් සහිතව ගොනෙකුගේ ශරීරියට රෙජී රණතුංගගේ මුහුණ යොදා ඇති අන්දම පැහැදිලිව දැකගත හැකි අතර, අසල වෙළඳසැලක ගම්පහ ලෙස සටහන් වී තිබීම තුළ තව දුරටත් මෙහි දක්වා ඇත්තේ රෙජී රණතුංගයන් ම බවත් පැහැදිලි වේ.

ඔහුව ගොනෙකුගේ ස්වරූපයෙන් දක්වා තිබීම උපහාසාත්මක බව මෙන් ම හාස්‍ය ජනනයට ද සමත් ය. ඔහු, මෙම ඉෂිනි වික‍්‍රමසිංහ හා TNL ප‍්‍රවෘත්ති විකාශනය පිළිබඳ කටයුතු කරනු ලබන අත්තනෝමතික ක‍්‍රියා කලාපය හා එ් සම්බන්ධව සිදුකරන මුග්ධ ප‍්‍රකාශයන්, හැසිරීම් ආදිය විවේචනය කරමින් මෙම කාටූනය ඇඳ ඇති බව පෙනේ.
මොහු කුලප්පු වූ මී හරකෙකු සේ මෙම සිදුවීමේ දී අත්තනෝමතික ලෙස මාධ්‍යවේදීන්ට පහර ගසමින් කටයුතු කරනු ලබන ආකාරයත්, නාසයෙන් දුම් පිටකරමින් ඉතා ප‍්‍රකෝපකාරී ලෙස සාමාන්‍ය ජනයා හා මාධ්‍යවේදීන් පසුපස ලූහුබඳිමින් හිංසා කරන ආකාරයත් උපහාසයට නගමින් කාටූනය තුළ දක්වා ඇති අන්දම පෙනේ.
මෙහිදී දේශපාලන කාටූන් වල දැකිය හැකි ලක්ෂණයක් වන අතිශයෝක්තිය භාවිතා කිරීම මනාව දැකගත හැකිය. මෙතුළ රෙජී රණතුංග මහතාගේ ප‍්‍රකෝපකාරී හැසිරීම තදින් ඉස්මතු වන ලෙසත්, ඔහු වේගයෙන් අවට සිටින්නන් පසුපස දිව යමින් සිටින බවක් නිරූපණය කර තිබේ.

එහෙයින් වාර්තා කරුවන්ගේ ලිපි ලේඛන, පෑන් ආදිය ගිලිහී යන අතර, ඔවුහු පුදුමයට හා බියට පත්ව පලායන අන්දම කාටූනය තුළින් නිරූපණය කර තිබේ. මෙහි වම්පසට රෙජී රණතුංගයන් දිවයන අතර ඔහුගේ පිටුපසින් ඉෂිනි වික‍්‍රමසිංහ හිමින් සීරුවේ පලායන අන්දමක්ද කාටූනය තුළ දක්වා තිබීම උපහාසාත්මක ය. ඇය ද දැඩි ලෙස භයට පත්ව ඇති බව ඇගේ හිස වටා ඇති කුඩා සංකේත තුළින් හැඟී යයි. ඈ අතේ වන කඩදාසි, පෑන් ආදිය විසිරී ඇති ආකාරය දැකගත හැකි ය.

මෙම සිදුවීම තුළින් මූලිකව ම නිරූපණය වන්නේ එකල සමාජය තුළ තිබූ ප‍්‍රකාශනයමය නිදහසට ඇති බාධාවන් ය. මාධ්‍ය නිදහසට වැට බඳිමින් ක‍්‍රියා කරනු ලබන දේශපාලඥයින්ගේ වියරු හැසිරීම් ය. වළං කඬේට පැන්න ගොනා සේ , රෙජී රණතුංග මෝඩ සහ පහත් ලෙසත්, අඥණ ලෙසත්, ක‍්‍රියාකරන බව මෙහිදී දැක ගත හැකි ය. එ් අනුව, පෙනී යන්නේ එකල මාධ්‍යයට සිය අභිමතය පරිදි ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට කිසිඳු ප‍්‍රකාශන නිදහසක් පූර්ණ වශයෙන් නොතිබූ බවයි.


No comments:

Post a Comment

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...