Friday 3 August 2018





සෙලීනා සමඟ කෝක - කෝලා

1971 අපේ‍්‍රල් 16 වන දින උපන්      Selena Quintanilla - Perez ඇමරිකානු ජාතික ගායිකාවක්, ගීත රචනා කරන්නියක්, නිවේදිකාවක්, නිරූපිකාවක්, නිළියක් සහ මෝස්තර නිර්මාණ ශිල්පිනියක යනාදී විවිධ ක්ෂේත‍්‍රයන්හි නියැලූණු සුරූපිණියකි. ටෙජනෝ (Tejano music) සංගීතයේ රැජිණ ලෙස ඇය හැඳින්වූ අතර, සංගීතය හා විලාසිතා සඳහා ඇයගේ දායකත්වය 20 වන සියවසේ අග භාගයේ මෙක්සිකානු, ඇමරිකානු ජනපි‍්‍රය සංස්කෘතියේ සුවිශේෂී සාධයක් විය. බිල්බොඞ් සඟරාව 1990 දශකයේ ඉහළම වටිනාකමක් සහිත ලතින් කලාකාරිණිය ලෙස ද ඇය නම් කරන ලදී. MAC Cosmatics සමඟ ඇගේ පශ්චාත් අනුග‍්‍රහය ඇතිව රූපලාවන්‍ය නිෂ්පාදන ඉතිහාසයේ හොඳම විකටතා එකතුව බවට පත්විය. ඇයගේ ඇඳුම් තෝරාගැනීමේ රුචිකත්වය පිළිබඳ මාධ්‍ය මඟින් ඇයව හැඳින්වූයේ , "Tejano Madonna"  , යන අන්වර්ථ නාමයෙනි. ඇයගේ ඇඳුම් විලාසිතා ජනපි‍්‍රය සංස්කෘතියේ මූලික සාධකයක් බවට පත්විය. ඇය සැමවිට ම, වඩා ප‍්‍රබල ලතින් කලාකරුවනගේ ලැයිස්තුව නියෝජනය කළ අතර ප‍්‍රධාන සංගීත ප‍්‍රවාහය වෙනස් කරලීමට ඈ කටයුතු කරන ලදී. ඇය එකල යුරෝපය තුළ ප‍්‍රබල කාන්තා ප‍්‍රතිරූපයක් බවට පත්විය.

සෙලීනා විසින් 1992 දී නිකුත් කරන ලද , "Entre a mi Mundo"  , නැමැති ඇමරිකාවේ බිල්බෝර්ඩා කලාපීය මෙක්සිකානු ඇල්බමය මාස අටක් පමණ අඛණ්ඩව අංක එකේ රැඳී සිටියේය. ඇල්බමය ලැබූ වාණිජමය සාර්ථකත්වය හේතුකොටගෙන සංගීත විචාරකයින්ගේ සංගීත සංගමය මෙය එක්තරා පෙරළියක් ලෙස, හඳුන්වනු ලබයි. එහි එන එක් ගීතයක් වන , "Como la flor"  , ගීතය අතිශය ජනපි‍්‍රය ගීතයක් බවට පත්විය.
1993, 1994 Grammy සම්මාන උළෙලේදී හොඳ ඇමරිකානු ගීත ඇල්බමය හිමි සම්මානය සෙලීනාහට හිමිවිය. ඇය අතිශය ජනපි‍්‍රය චරිතයක් වූවා ය. ඇය තුළින් වෙන ම ලතින් සංගීතමය උපසංස්කෘතියක් බිහිවූවා ය. කාන්තාවන් විසින් කරන ලද විශිෂ්ට ම සංගීත ඇල්බම 150 න් NPR ලැයිස්තුවේ 19 වන ස්ථානය දිනාගැනීමට සෙලීනා සමත් වූවා ය.
සංගීතය හැරුණු විට සෙලීනා ඇගේ ප‍්‍රජාව තුළ සිවිල් කටයුතු සඳහා ද ඇගේ කාලය පරිත්‍යාග කළාය. කෝක-කෝලා ටෙක්සාස්හි ප‍්‍රකාශිකාවක ලෙස ඇය පත් කෙරුණි. සෙලීනා ලිංගික ප‍්‍රවර්ධන භාණ්ඩයක් බවට පත්විය. තරුණ ගැහැණු ළමුන් සඳහා ඇගෙන් වන නොගැලපෙන ආදර්ශය පිළිබඳ බොහෝ විවේචන ඇයට එල්ල විය. නිරන්තරවම ඇගේ නිරුවත් ඇඳුම් මෝස්තර බොහෝ අයගේ විවේචනයට ලක්වුවත් සරාගී බවේ ප‍්‍රබල සංකේතයක් ලෙස සෙලීනාගේ මෝස්තර නිරූපණය ජනපි‍්‍රය සංස්කෘතිය තුළ කැපී පෙණින.

ජනපි‍්‍රයත්වයේ පරතෙරට ම පැමිණ සිටි ඇය 1995 මාර්තු මස 31 වන දින වෙඩි තබා ඝාතනය කරන ලදී. එහෙත් ඇගේ ගීත එකතූන් 2016 වන විට ලොව පුරා මිලියන 60 කට අධික සංඛ්‍යාවකට අලෙවි කරන්නට තරම් ඇගේ ජනපි‍්‍රයත්වය අද වනතුරුත් නොනැසී පවත්නා බවට සාක්‍ෂි සපයයි.

කෝක-කෝලා දැන්වීම තුළ ලතින් ඇමරිකානු තරුණියක් සමඟින්, ඇගේ ජනපි‍්‍රය සංගීතමය භාවිතාව යොදා ගෙන තිබේ. කෝක-කෝලා Classic  නිෂ්පාදන සඳහා වන මෙම දැන්වීම තුළ ජනපි‍්‍රය සංස්කෘතියේ එන සංගීතය, ජනපි‍්‍රය ප‍්‍රතිරූප භාවිතය, පුළුල් වේදිකා, ජනපි‍්‍රය ඇඳුම් විලාසිතා ආදියත්, හේතු පාඨය ලෙස , "Can't Beat the Real Thing"  , යන්න යොදා ගෙන ඇති ආකාරයත් තුළ සරාගී බවේ සේ ම Tejano සංගීතයේ රැජිණ වූ සෙලීනාගේ යොදා ගැනීම තුළ කෝක - කෝලා සිය ප‍්‍රතිරූපය ජනතාව අතර ප‍්‍රචලිත කරන්නට ගත් උත්සාහය සාර්ථක එකක් බව පැහැදිලිය.

වීඩියෝව නැරඹීම සඳහා පිවිසෙන්න...
https://www.youtube.com/watch?v=Tj0WZFIeytY





1 comment:

  1. Casino Review & Ratings - The JtmHub
    We review 세종특별자치 출장안마 the 서산 출장안마 Casino Bonuses 경산 출장마사지 section of 삼척 출장샵 this casino from the JtmHub online sportsbook. Rating: 4.3 · ‎Review by 시흥 출장샵 Jordan Spieth

    ReplyDelete

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...