Sunday 26 August 2018


                                                                             රඝු වංශය


පැරණි වීර රජවරුන්ගේ චරිත කථාවන් පදනම් කර ගනිමින්, රාමායණය ගුරු කරගනිමින්, කාලිදාස ශූරීන් රඝු වංශය රචනා කර තිබේ.සූර්ය වංශයේ රජවරුන්ගේ වංශ කතා රාශියක් සංග‍්‍රහ කිරීමට මෙහිදී කාලිදාසයන් දැඩි ආයාසයක් ගෙන ඇති බව පෙනේ. වංශ විස්තර සඳහන් කිරීමේදී ඉතිහාස කතාවක් හෙළි කරන රචකයෙකු සේ ද උදාර නරවරයෙකුගේ චරිතය විස්තර කරන විට, වඩා රසවත් ද භාෂාව භාවිතා කර තිබේ.

මහා කාව්‍යයකට ඖචිත්‍ය ලක්ෂණ තැනින් තැන ඇතුළු කිරීමට ගත් උත්සහය තුළ මුඛ්‍ය රසයක් හෝ පාඨකයා කතා වස්තුවට සමීප කරවීමට හෝ කවිවරයා සමත් වී නැත.
මෙහිදී දිලීප රජු පුතෙකු නොමැති ව දුක් වූ අතර, ඔහු නන්දනී නම් දිව්‍ය ගව ධේනුව සිංහයෙකුගෙන් මුදවා ගෙන ඇගෙන් පුතෙකු ලබා ගැනීමේ වරය හිමි කර ගත්තේ ය. එතුළින් රඝු කුමරු උපන් අතර, එහිදී විශාල අශ්වමේද යාගයක් පවත්වන්නට විය. මේ අනුව, එකල ආගමික සංස්කෘතිය පිළිබ`ද කාලිදාසයන් සතුව දැනුම හා සමීපත්වය මත මෙම කාව්‍ය වර්ණනාවක් ගොඩනගා ගන්නට ඇතැයි අපට සිතිය හැක.

මෙම කව්‍ය තුළ රජවරුන්ගේ උත්සව අවස්ථා, රාජසභාව, ස්වයංවරය, විවාහ විධි, දිග්විජය, සංග‍්‍රාම, නගර, ජලක‍්‍රීඩා, පෙම්පුවත් පිළිබ`ද සේ ම ආගමික විශ්වාස, චාරිත‍්‍ර වාරිත‍්‍ර යනාදී විවිධ සංස්කෘතීන්ගේ ආභාෂය ලබාගෙන ඇති වග පෙනේ. දිලීප රජුගේ පුතු රඝු කුමරු රජු වූ පසු ව රාජ්‍යත්වයට පත්වන්නේ ඔහුගේ පුත‍්‍ර අජ කුමරු ය. ඉන් පසුව රාජ්‍යත්වයට පත් වූ දශරථ කුමරුන් පිළිබ `ද කතා පුවත රාමායණය තුළ ද දැක්වේ. රාම - රාවණා, රාමා - සීතා මෙන් ම ලක්ෂ්මණ පිළිබ`ද ඇති කතා පුවත් ද රාමායණය ගුරු කරගනිමින් රඝු වංශය තුළට කැටි කරන්නට කාලිදාසයන් සමත්ව ඇති බව ප‍්‍රත්‍යක්ෂ වේ.

සීතා පිළිබ`ද තොරතුරු පවසන අන්දම විමසා බලන කල කාලිදාසයන්ට තිබූ සමාජයමය අවබෝධය මනාව පසක් වේ. එකල සමාජ සංස්කෘතිය තුළ කාන්තාව යනු කවුරුන් ද ? ඈට එරෙහිව තිබූ බාධාවන්, ස්ත‍්‍රියකට එල්ලවන නින්දා, අපහාස යනාදිය පිළිබ`දවත් කාලිදාසයන් ලබා ගත් සමාජ සංස්කෘතික දැනුවත්භාවයක් මෙයින් පැහැදිලි වේ.
මෙහි අවසානයේ අග්නිවර්ණ නම් ස්ත‍්‍රී ලෝල වූ අවිනීත රජුගේ දුක්ඛිත මරණයත් සම`ග රාජවංශය අවසන් වී කාව්‍ය නිමාවන අතර එතුළින් කාලිදාසයන් සතු සමාජ දැනුවත්භාවය ප‍්‍රකට වේ.

ස්ත‍්‍රී ලොල් වූ දුශ්චරිතවත් පිරිස් ප‍්‍රතික්ෂේප කිරීම එදා පමණක් නොව අද සමාජයට ද පොදු කාරණාවකි. කාලිදාසයන් ද මෙකී සමාජ සංස්කෘතියට හිස නැමූ බව ද මෙතුළින් විද්‍යාමාන නොවන්නේ යැයි කාටනම් කිව හැකි ද?

මෙහිදී ස්වභාව සෞන්දර්ය වර්ණනාවන් රාශියක් ද හමුවන අතර එතුළින් ගැඹුරු හැ`ගීම් ඇති නොවුණත්, ස්වභාවය සෞන්දර්ය කෙරෙහි දක්වන දයාන්විත බවත් භාරතයේ ශ‍්‍රී සෞන්ර්යය හා සමාජය අරුත්බර සංක්ෂිප්ත ස්වරයෙන් වර්ණනා කොට ඇති ප‍්‍රබල ආකාරයත් නිසා එය කැපී පෙනේ.

උදා :- සරත් ඍතුවේ දී ලතාවෝ බාල ලදුන්ගේ පැහැපත් අත් ය. රන් දෙතොල් අතරින් දිස්වන ඔවුන්ගේ සුදු දත් පෙළ රත් පැහැගත් අශෝක පුෂ්පයන් තුළින් දිස්වන දෑ සමන් වැන්න.

රඝු වංශයේ 6 වන සර්ගයේ දී ඉනදුමතී කුමරියගේ ස්වයංවරය පිළිබ`ද දක්වා ඇති අතර මෙහිදී කුමාරියට ස්වකීය වල්ලභයා සිය කැමැත්ත මත තෝරා ගැනීමට අවසර ලබා දෙයි. මෙය එකල පැවති සිරිත් විරිත් සම්ප‍්‍රදායයි. එහිදී දක්ෂ සූදුකාරයෙකු නිසා කුමාරයෙක් ප‍්‍රතික්ෂේප කරන අතර සූදුවට ලොල් වූවන් තම පරිහානිය කෙරෙහි ගමන් ගනී, යන සමාජ සම්මතය කාලිදාසයන්ට ද ගෝචර වී ඇති වග පෙනේ. එමෙන් ම එකළ සංස්කෘතිය තුළ සුදුවට ලොල් වූ තරුණයින් පිළිබ`ද තිබූ ආකල්පමය ස්වභාව ය ද මෙතුළින් විසද වේ.

වර්ජිල් සිය ඊනිඞ් කාව්‍යයෙන් රෝමය වර්ණනා කොට අහම්බෙන් මෙන් රාජකීය පරම්පරාව හුවා දැක්වීමට ගන්නා උත්සහයට සමානව, කාලිදාසයන් ද සූර්ය වංශයේ ශ‍්‍රී විභූතිය දක්වමින් ගුප්ත රාජ වජශයේ උතුම් බව මෙන් ම බ‍්‍රාහ්මණ සංස්කෘතියේ පුනර්ජීවයත් වර්ණනාත්මකව දක්වා තිබේ.

1 comment:

  1. ස්ත්‍රීන්ගේ අයහපත් හැසිරීම් හෙලා දකිමින් කාව්‍ය නිර්මාණ සිදු කළ කාලිදාස ගණිකාවක් නිසා ලංකාවේ දකුණු පලාතේ දී අකාලයේ මරු මුවට පත් වුනා ලු.

    ReplyDelete

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...