පත්තර පිටු


අවුරුදු සහ වෙසක්

                        ලංකාවේ නම් අවුරුදු සහ වෙසක් සමරන්නෝ සිංහල බෞද්ධයෝ වෙති. අවුරුදු 2500 ක පමණ ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අප, සංස්කෘතික වශයෙන් ඉහළින් සැමරුම් කරනු ලබන මෙම අලූත් අවුරුද්ද වර්තමානයේ වඩාත් ම දැකගත හැකි වන්නේ රූප මාධ්‍ය තුළිනි. එයට ප‍්‍රධානත ම හේතුව වනුයේ දැන් දැන් අප වඩාත් බටහිරකරණයට ලක් වීමයි. නූතනයේ අවුරුදු චාරිත‍්‍ර වාරිත‍්‍ර සිදු කරනුයේ ටෙලිවිෂනය තුළයි.  එයට වඩාත් ම නැඹුරු වී ඇත්තේ ගෘහණියෝය. එහෙත් අතීතයේ නම් මෙය ඊට හාත්පසින් ම වෙනස් වූවකි. අතීතයේ පැවති කෙළි සෙල්ලම් ස්මාර්ට් ෆෝන් තුළින් කිරීමට තරම් දැන් අපි දියුණු ජාතියක් වෙමු. අලූත් අවුරුද්දට අලූත් වීමට නම්, ප‍්‍රථමයෙන් ම අලූත් ඇඳුම් ඇදිය යුතුයැයි සිතමින් ඇදුම් වෙළඳසැල් අසල පොරකති. ඔසරිය, ළමා සාරිය වෙනුවට විවිධ වෛයිවාරණ ඇඳුම් දහස් ගණනින් මුදල් ගෙවා මිළදී ගනිති. එමෙන් ම තරුණියෝ ඊළඟට දුවන්නේ බියුටි සැලෝන් වෙතට ය. කැරලි හිසකේ ස්ටේ‍්‍රට් කරති. කොණ්ඩයට අමුතු අමුතු පාට උලා හෙයා කට් කපති. ඇහිබැමි උගුල්ලා සිහින් කරති. පේෂල් පැක් යොදා මුව පැහැපත් කරගනිති. පැහැය, හැඩය වෙනස් කොට අලූත් විලාසිතාවේ ඇඳුමක් ඇඟලා ගැනීමට මොවුන්ට අලූත් අවුරුද්ද වී තිබේ.

                        ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ශාස්තෘන් වහන්සේ වූ ලොව්තුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සැමරීම වෙසක් මංගල්‍යය ලෙස සලකනු ලබයි. එදිනට ආමිසයෙන්, ප‍්‍රතිපත්ති වශයෙන් බොහේ පූණ්‍ය ධර්මයෝ රැුස් කර ගැනීමට බෞද්ධයෝ උනන්දු වෙති. වාරු නැති වූ පසු පන්සලට ගොස් අටසිල් ගැනීමට පුරුදු වී සිටි නමුත් එම සීලය ආධ්‍යාත්මික වශයෙන් ඔවුන් ඇතිකරගන්නේ දැයි සැක පවතින්නේ එදිනට පමණක් මහා බෞද්ධ දාර්ශනිකයෝ සේ හැසිරීමෙනි. මහා ඉහළින් දන්සැල් දාන මාන පුණ්‍යකර්මයෝ සිදු කරති. නමුත් ඊට යටින් ඔවුන් යොදන වැකිය නම්, ‘‘................... මහතාට, ........................ මහත්මියට පිං පිණිස’’ යැයි සඳහන් කිරීමයි. මෙහි ඇත්තේ කිනම් බුද්ධ ගෞරවය දැයි මම නම් නොදනිමි.

                        ජාතක කථා අලලා අපූරු තොරණ් බඳී. ඒ අවට වෙසක් ආසිරි පත්, වෙස් මුහුණු, අලංකාර විදුලි බුබුළු, වෙසක් කූඩු, නවීන වෙසක් සැරසිලි, පහන්කූඩු තරඟ ආදී මෙකී නොකී සියල්ල වෙයි. නමුත් එදිනට පන්සිල් රකින බෞද්ධයෝ කවුරුන්දැයි අප සිතා බැලිය යුතු නොවේද?

                        අපේ‍්‍රල් මාසයේ යෙදී ඇති මෙම අධි පුන් පොහෝ දිනය අප රටේ පමණක් වෙසක් පොහොය ලෙසට සලකනු ලබයි. නමුත් අනෙකුත් ලෝකවාසී බෞද්ධ ජනතාව වෙසක් සමරනුයේ මැයි මස යෙදෙන පොහොයට වෙයි. බෞද්ධ විචාරකයෝ ශක රාජවංශ ක‍්‍රමයට අනුව අධි පුර පොහෝ දිනයක් ලෙස සලකන මෙය වෙසක් පොහොය ලෙස පිළිගැනීමට පවා ප‍්‍රතික්ෂේප කරති. කැලැන්ඩරය තුළ අවුරුදු, වෙසක් ලෙස වෙන් කර ගැනීමට නොහැකි වන ලෙස මෙකී විපරීතයට අප නතුකොට ඇති අදිසි භාවිතය කුමක්දැයි සිතා බලා වටහා ගත යුතුව පවතී.

රිද්මිකා ශලනි වෙත්තසිංහ
කැලණිය විශ්ව විද්‍යාලය.

                             [https://www.pressreader.com/sri-lanka/sunday-lankadeepa/20180429/]







1 comment:

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...