Thursday 30 August 2018


කුමාර සම්භවය


ශිව දෙවියන් හා පාර්වතී දෙවගනගේ පෙම් කතාව මෙහිදී ඉදිරිපත් කර ඇති අතර දෙවියන් යුවළ මිනිස් යුවළක්ගේ ලක්ෂණ හා ගතිගුණ ඇති පරිදි රසවත් ව විස්තර කර තිබේ.

හිමාලය පර්වතය, පාර්වතී නම් රූපයෙන් අග තැන්පත් කුමරියක ලබන බවත්, ඇය ශිව දෙවි`දුන් හා විවාහ පත්වන බවත් නාරද ඍෂීන් පැවසූ නිසා පාර්වතියව ශිව දෙවියන් වෙත යවන්නට ඇගේ පියා කල්බලා සිටි බව මෙහි දැක්වේ. එතුළින් එකල පැවති විවාහ චාරිත‍්‍ර වාරිත‍්‍ර මෙන් ම මිනිසා සතුව පැවති විශ්වාසයන් මෙන් ම ජ්‍යොතිෂ්‍ය ශාස්ත‍්‍රයේ පැවති දියුණුවත් පිළිබිඹු වේ. ඒ අනුව එකී සමාජ සංස්කෘතිය පිළිබ`ද ඇති ඥානය කාලිදාසයන් ට සිය නිර්මාණකරණය වඩාත් සාර්ථක කර ගැනීමට දායක වී ඇති බව කිව හැකි ය.

තාරක නම් රකුසාව මැඩ පැවැත්වීමට ශිවගේ හා පාර්වතීගේ එක්වී්මෙන් ලැබෙන දරුවෙකු අවශ්‍ය වූයෙන් වසන්ත ඍතුවෙන් හා රති නම් බිරිය හා එක්ව ශිව දෙවියන් තුළ කාමුක හැ`ගීම් ජනිත කරවීමට කාම දෙවියන් කටයුතු කරන අවස්ථාව තුළ ස්වභාවික පරිසර හා ශෘගාර රසය තුළ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව මනාව ප‍්‍රකට කරවයි.

පාර්වතිය හා ඇගේ මිතුරිය මල් පූජා කිරීමට පැමිණි මොහොතේ ශිව දෙවියන් විසින් පාර්වතිය දෙස බැලූ මොහොතේ දී කාම දෙවියන් තම ඊහරින් ශිව දෙවියන්ට විද්දේ ය. ඉන් කෝපයට පත් ශිව දෙවියන් තම ඇසකින් නික්මුණු ගිනිදැල් වලින් කාම දෙවියන් අළු කළ අතර එතැන් පටන් කාම දෙවියන් ‘‘අනංග’’ නම් විය.

ඍතුසංහාරයේ මෙන් ම මෙහිදී ද ස්වාභාවික වර්ණනාවන් සේ ම, කාමය උද්දීපනය කෙරෙන භාවිතාවන් දැකගත හැකි ය. මෙහි 3 වන සර්ගය තුළ කාමය හා ධර්මය යන අර්ථ 2 ක අතර ඇති භේදය, සටන් පිළිබද දක්වා ඇත. ඒ අනුව බලන විට අනංගයා මිනිසුන් තුළ ඇති කාමාශාව නිරූපණය කරවන අතර ශිව දෙවියන්ගේ චරිතය නිරූපණය කර ඇත්තේ ජීවිතයේ ආගමික හා ධාර්මික පරමාර්ථය ඔස්සේ කාම තෘෂ්ණාව මැඩ පැවැත්වීමට තැත් කරන ආකාරයයි. මෙතුළින් සමාජ සංස්කෘතිය පිළිබ`ද කාලිදාසයන් තුළ වූ තාර්කිකමය ගුණය විස`ද වේ.

තම ස්වාමියා වූ කාම දෙවියන්ට සිදු වූ විපත පිළිබ`ද සොවින් හ`ඩා වැටුණු රතී දෙව`ගන පැරණි සිරිතට අනුව ස්වාමියා සම`ග මරණයට මුහුණ පෑමට සූදානම් විය. මේ තුළින් ද කවිවරයා තුළ සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර වාරිත‍්‍ර ආදිය පිළිබද ඇති දැනුම උපකාරී කරගෙන තිබේ. ඉන්දියාව තුළ සිය ස්වාමියා මළ පසු ඔහු දැවෙන සොහොනට පැන මිය යෑමට කාන්තාවට උරුම වී තිබිණි. එය ඔවුන්ගේ සංස්කෘතික දායාදයක් විය. එය ද අභියෝගයකට ලක්කරමින් රතී දෙවගනගේ මෙකී මරණය දිව්‍ය වචනයක් තුළින් වැළැක්වී ය. මෙතුළින් කාලිදාසයන් ව්‍යංගයෙන් ඉදිරිපත් කර ඇත්තේ සැමියා මිය ගිය පසුව කාන්තාව සෑයට පැන මිය යාමේ සංස්කෘතිය යුක්ති සහගත වූවක් නොවන බව යැයි හැගේ.

මෙහි විවාහ මංගල්‍ය පිළිබද 7 වන සර්ගයෙහි දක්වා ඇති අතර, රාජ සභාව ඇසුරු කිරීමෙන් දැන ඉගෙන ගත් චාරිත‍්‍ර විධි, සම්ප‍්‍රදායන් මෙම විස්තරය සකස් කිරීමට කාලිදාසයන්ට බෙහෙවින් උපකාරී වන්නට ඇත.

No comments:

Post a Comment

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...