මහා
කවි කාලිදාස
කාලිදාසයන් පිළිබද ඉතිහාසය පෙන්වා දෙන ආකාරයට මොහු
හිමාලය අසල කාලිංඝ දේශයේ හෝ උජ්ජේනියේ විසූ බවට පැවසේ.
එහෙත් ඇතැම් උගතුන්ට අනුව නම්, මහා කවි කාලිදාසයන්ගේ
උපන්බිම කාශ්මීරයයි.
මූලාශ‍්‍ර වලට අනුව, කාලිදාසයන්
භාරතයේ වික‍්‍රමාදිත්‍ය නම් රජුගේ රාජ සභාවේ සේවය කළ කවියෙක් ලෙසට ද පෙන්වා දී දෙයි.
මොහු චන්ද්‍රගුප්ත (ක‍්‍රි:ව:380 -430 * කාලයේ විසූ
බව ද ඇතැමුන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, කාලිදාසයන් ක‍්‍රි:ව: 6 වන සියවස
තුළ වෙසෙන්නට ඇතැයි බොහෝ උගතුන් විශ්වාස කරයි.
අනෙක් කවීන් පිළිබ`ද මෙන් නොව, කාලිදාසයන්ගේ
ඉතිහාසය පිළිබ`ද විස්තර අවම වුවත්, ඔහු වටා බොහෝ
ජනප‍්‍රවාද ගොඩ නැගී තිබෙන අතර ඔහුගේ කවීත්වය ඔහුට සහජයෙන් ම හිමි වූවක් නොව, ‘‘කාලි’’ නම් දෙව`ගනගෙන් ලද
වරමක් බවත්, වරම ලැබුණු අවස්ථාවේදී ම කාලිදාසයන් කාලි දෙව`ගනව වර්ණනා
කරමින් කවි ගැයූ අතර, එහිදී ඇයව මනුෂ්‍ය දුවක් ලෙසට දැක්වූ වරදට ද`ඩුවමක් ලෙස
මොහුගේ මරණය කාන්තාවක් අතින් සිදුවේ යැයි, ඇය ශාප කළ බවත් එම ජනප‍්‍රවාද අතර වේ.
ඒ කෙසේ වෙතත් සංස්කෘත සාහිත්‍ය ක්ෂේත‍්‍රයට මෙන්ම
සමස්ත කලා ක්ෂේත‍්‍රයට අග‍්‍රගන්‍ය මෙහෙවරක් ඉටුකළ අසහාය කවියෙකු ලෙස කාලිදාසයන් හ`දුනවා දීමෙහි
වරදක් නැත.
කාලිදාසයන්ගේ නිර්මාණ රාශියක් හදුනාගත හැකි ය.
ඒවා නම්,
- · සෘතුසංහාරය - ඛණඩ කාව්‍ය
- · රඝු වංශය - මහා කාව්‍ය
- · කුමාර සම්භවය - මහා කාව්‍ය
- · මේඝ දූතය - ඛණ්ඩ කාව්‍ය
- · මාල්විකාග්නිමිත‍්‍ර - නාට්‍ය
- · වික‍්‍රමොර්වශිය - නාට්‍ය
- · අභිඥාන ශාකුන්තලය - නාට්‍ය
කාලිදාසයන් විසින් රචනා කරන ලදැයි සැක කරන ලද කාව්‍ය
කෘතීන් 20ක් අතුරෙන්
නලොදය හා රාක්ෂ්‍ය යන කාව්‍ය කෘතීන් ඔහුගේ නොවන බව හෙළි වී ඇත. නිශ්චිතව ම කාලිදාස
අතින් රචනා වූ බවට පිළිගැනෙන්නේ ඉහත කෘති 7 යි.
මේ කෘතීන් 7 හි ම භාෂාව හා රචනා ශෛලිය එකිනෙකට ගැළපෙන, සාධාරණ ලක්ෂණ
දරයි. ඒ ඔස්සේ කලාත්මක චින්තනයේ ප‍්‍රගමනය හදුනා ගත හැකි ය.
No comments:
Post a Comment