Wednesday 4 July 2018



භාෂාව හා පුවත්පත් භාෂාව








මිනිසා ලොව පහළ වූ තැන් පටන් අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා විවිධ ක‍්‍රම උපයෝගී කොට ගෙන තිබේ. ඊට මුල් වූයේ භාෂාවයි. අද ලෝකයේ පවත්නා භාෂාවන් මිනිසාගේ පරිණාමය හා ක‍්‍රමයෙන් වෙනස්ව දියුණු වූ බව පෙනේ. භාෂාව හැසිරිවීම සඳහා මිනිසා පළමු කොට ම උපයෝගී කරගෙන ඇත්තේ අංග චලන හා කටින් පිටවන ශබ්දයි. ශබ්ද උපයෝගී කරගෙන අකුරු ද, අකුරු උපයෝගී කරගෙන වචන ද බිහිවී ඇත. මේ අනුව ජනගහනයේ ව්‍යාප්තියත් සමඟ විශාල පිරිසක් සමඟ හා ඈත සිටින පිරිස් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය ඇති විය.

භාෂාව යනු ශක්ති ප‍්‍රවාහයක් වේ. මේ ශක්තිය හේතුකොට අලූත් අලූත් වාක්‍ය නිර්මාණය කිරීමට මිනිසාට හැකියාවක් ලැබී තිබේ. මිනිසා කරන්නේ තමා සතු මේ භාෂා ශක්තිය හෙවත් ශඛ්‍යතාව පිහිට කොට ගනිමින් තමාට අවශ්‍ය වාක්‍යයක් අලූතින් නිර්මාණය කර ගැනීමයි. මානව භාෂාව සතුන්ගේ සන්නිවේදන කාර්යාවලියෙන් වෙනස් වන්නේ මෙම ශක්‍යතාව නිසා ය. තම තමන්ට අවශ්‍ය යම් අරමුණු ඉටු කර ගැනීමට ශබ්ද නිපදවීමට හෝ අංග චලන කිරීමට තිරිසන් සතුන්ට පුළුවන. එහෙත් මේ සතුන් උපන්දා සිට ම මැරෙන තුරු ම යොදන්නේ එකම ශබ්ද සමූහයක් හෝ අංග චලන සමූහයකි. සත්ව වර්ගයා අතුරින් කථා කිරීමේ සහ ලිවීමේ ප‍්‍රාගුණ්‍යය ලබාගෙන ඇත්තේ මිනිසා විසිනි. කථා කිරීම, ලිවීම යන දෙකෙන් ම කෙරෙන්නේ සන්නිවේදන කාර්යයකි. තව ද ලේඛනය හා සම්බන්ධ සන්නිවේදන මාර්ග රාශියක් ඇත්තේ ය. වාක්‍ය රචනා, ශාස්ත‍්‍රීය ලේඛන, නව කතා, කාව්‍ය, නාටකාදී නිර්මාණාත්මක රචනා පුවත්පත් ලේඛන ආදී විවිධ ලේඛන සඳහා භාෂාව උපයෝගී කරගනු ලැබේ.

මෙහිදී පුවත්පත් කලාවට යොදාගන්නා භාෂාව පිළිබඳව ද සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. ග‍්‍රන්ථාරූඪ භාෂා ව්‍යවහාරයක් අවශ්‍ය යැයි මෙහිදී අදහස් නොකරයි. මෙහිදී අවශ්‍ය වන්නේ සරල සුගම බස් වහරකි. පුවත්පත් බස යැයි වෙන ම බසක් නැත. සෙසු ලේඛන කටයුතු සඳහා යොදා ගන්නා බසමයි පුවත්පත් සැකසීමට යොදා ගැනෙනුයේ. පුවත්පත්හි බසේ සරල බවත්, කෙටි බවත් තිබිය යුතු බව නම් සැබෑ ය.

ශාස්ත‍්‍රීය ලිපියක මෙන් නොව පුවත්පත් වාර්තාවක කෙටි වැකි ද කෙටි ශිර්ෂ පාඨ ද යෙදෙන්නේ එ බැවිනි. එහෙත් එ් ස`දහා නිවැරදි ව බස හැසිරවීමේ නිපුණතාවය නොවුවහොත් ලියන තැනැත්තා අදහස් කළ දෙය පාඨකයාට තේරුම් ගත නොහැකි ය.

ඔබගේ වැකියක්
පදයක් අකුරක් අරුත
රසය ලකර නොනසා
පෙරැුළිය නොහැකි වේවා !

              යැයි කුමාරතුංග මුනිදාසයන් පැවසූ අදහස පුවත්පත් කලාවේදීන් ට ද පොදු ය. එ් අනුව පුවත්පත් හි භාෂාව හැසිරවීම මනාකොට සිදු කළ යුතු ය.

අන් සෑම මාධ්‍යයකට ම විශේෂ වූ රූපවාහිනිය හෝ සිනමාව තුළ රූපය මුල් කරගත් භාෂාවක් ද, ගුවන් විදුලිය තුළ හඬ මුල් කරගත් භාෂාවක් ද භාවිතා වන අතර පුවත්පත් මාධ්‍යයේ ලිඛිත අක්ෂර ක‍්‍රම තම ප‍්‍රධාන භාෂාව ලෙස භාවිතා කරයි.
පුවත්පතේ ඇති ලිපි ලේඛන වල නිර්මාණශීලීත්වය ඉස්මතු වන්නේත්, සන්නිවේදන ගුණය ප‍්‍රබල වන්නේත් භාවිත භාෂාව මතය. පුවත්පත තුළ සාමාන්‍යයෙන් ලේඛණ 

භාෂාව ආකාර දෙකකින් ක‍්‍රියාත්මක වේ.

                      1.නිර්මාණාත්මක භාෂාව

                      2. ප‍්‍රකාශන භාෂාව

ශ‍්‍රී ලාංකීය සමාජය තුළ වඩාත් පාඨකයාගේ ජන විඥනයට සමීප වූ ඔවුන් අතර බහුල වශයෙන් භාවිතා වන්නා වූ මාධ්‍යය පුවත්පත් මාධ්‍යයයි. 1832 ජනවාරි 07 වන දින කලම්බු ජර්නල් නමින් ඇරඹුණ ශ‍්‍රීලාංකීය මුල් ම පුවත්පත් ක‍්‍රියාවලියේ සිට මේ මොහොත දක්වා ලාංකීය සමාජය තුළ විවිධ පුවත්පත් විවිධාංගීකරණයෙන් යුතු ව විවිධ මානයන් ඔස්සේ ග‍්‍රාහක සමූහය වෙනුවෙන් නිර්මිත වූ බව පැවසිය යුතු ය.
පුවත්පත තුළ දැකිය හැකි ලිපි ලේඛන නිර්මාණ රැුසකි. එය පුවත්පතෙහි අන්තර්ගතයයි. මෙම අන්තර්ගතය ප‍්‍රධාන කොටස් 3ක් යටතේ හඳුනාගත හැක. එනම් ප‍්‍රවෘත්ති, විශේෂාංග, දැන්වීම් යන්නයි. පුවත්පත් විසින් ආමන්ත‍්‍රණය කරනු ලබන පාඨකයා අනුව මෙම අන්තර්ගතය වෙනස් වේ. අන්තර්ගතය තුළ විශේෂාංග කොටස් කිහිපයක් යටතේ හඳුනා ගත හැක.

                          ප‍්‍රවෘත්ති හා ශීර්ෂපාඨ
  
                          කතු වැකි

                          විශේෂාංග රචනා

                          තීරු ලිපි

                          කාටුන්

                          චිත‍්‍රකතා

                          වෙළඳ දැන්වීම්

ආදිය මෙහි ඇතුළත් වේ. මූලික වශයෙන් මෙසේ වර්ග කළ හැකි විශේෂාංග පිළිබඳව සාකච්ඡුා කිරීමේ දී එ් එ් අංශ බැඳී ඇති විශේෂතා හඳුනාගත හැක. එ් අනුව, ලිපි ලේඛණ වලට ආවේණික ලෙස නිර්මාණශීලි භාෂාව භාවිතා කළ හැකි ය.


2 comments:

  1. Bet on Soccer Picks | Latest Soccer Tips & Top Football bet365 bet365 카지노사이트 카지노사이트 3691Captain's Treasure Island Las Vegas Review - StillCasino

    ReplyDelete

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...