Sunday 24 June 2018


ප‍්‍රවෘත්තියක පැවතිය යුතු ගුණාංග


සෑම තොරතුරක් ම ප‍්‍රවෘත්තියක් බවට පත් නොවේ. එසේ ප‍්‍රවෘත්තියක්බවට පත්ව ජනමාධ්‍ය මගින් වාර්තාවන තොරතුරු වල ඇතුළත් ලක්‍ෂණ  ප‍්‍රවෘත්තියක ගුණාංග  ලෙස හැඳින්විය හැකි ය.


01. කාලෝචිත බව

ජනමාධ්‍යය වාර්තාකරුවන්ගේ අවධානය යොමුවන්නේ දැන්- දැන් සිදු වූ දෑ පිළිබඳවය. කාලය ගත වීමත් සම`ග ප‍්‍රවෘත්තිමය වටිනාකම ද අඩුවන බව පොදු පිළිගැනීමයි. ඊයේ ප‍්‍රවෘත්තිය අද වන විට පැරණි පුවතකි. ඒ අනුව, ඉහළ ප‍්‍රවෘත්ති වටිනාකමකින් යුක්ත වනුයේ, අද වන විට දැන නොසිටි දෙයක් හෝ අද සිදු වූ දෙයකි.


02. කැපී පෙනීම

ප‍්‍රසිද්ධ පුද්ගලයන් මෙන් ම ආයතන ද, ඔවුන් කටයුතු කරන ආකාරය ද බොහෝ දෙනාගේ නිරන්තර අවධානයට බඳුන් වේ. ඒ සියල්ල ඉහළ ප‍්‍රවෘත්තිමය වටිනාකමකින් යුක්ත වන අයුරු, නළු නිළියන්, දේශපාලඥයන් හා ක‍්‍රිඩකයින් වැනි පුද්ගල චරිත මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඔපෙක් සංවිධානය වැනි ආයතන ද නිතර පුවත් මවන ආකාරය සැලකිල්ලට ගත් විට මැනවින් පැහැදිලි වේ. ඊට ප‍්‍රධානතම හේතුව වනුයේ මෙම කැපී පෙනීමනම් ගුණයයි.


03. බලපෑම

වැඩි පිරිසකට, වැඩි බලපෑමක් ඇති කරන බොහෝ දේ ප‍්‍රවෘත්ති ලෙස වාර්තා වෙයි. එසේ ම මෙම බලපෑම කොතරම් සෘජුව හා ඉක්මනින් ඇතිවේ ද යන සාධකය මත එහි වැදගත්කම වඩාත් වැඩි විය හැකි ය. අලූතින් පනවන ලද නීතියක් හෝ බද්දක් ස්වභාවික විපතක් ආර්ථික හේ දේශපාලන අර්බුදයක්, මෙසේ වැඩි දෙනා මත බලපෑමක් ඇති කළ හැකි තත්ත්වයකට නිදසුන් ලෙස දැක්විය හැකිය.


04. සමීපතාව

අප කවුරුත් වැඩි උනන්දුවක් දක්වන්නේ දන්නා හඳුනන ස්ථාන, පුදේශ, පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් හෝ පිළිබඳ වූ ප‍්‍රවෘත්ති දැනගැනීමට ය. දුර ඈත රටක ගිනි කන්දක් පිපිරීමෙන් සිදු වූ විශාල ජීවි. හානිය සම්බන්ධයෙන් දැනගැනීමට මෙරට බොහෝ දෙනා දක්වන්නේ අඩු උනන්දුවක් විය හැකි ය. එහෙත් තමා ජීවත් වන ගම හෝ නගරයට ආසන්න ස්ථානයක, සිදු වූ මෝටර් රථ අනතුර කින් දෙදෙනෙක් මිය ගිය පුවත පිළිබඳ ඉතා ඉහළ අවධානයක් යොමු වේ. සෑම ජනමාධ්‍යයක් ම පාහේ ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති කෙරේ වැඩි සැලකිල්ලක් දක්වන්නේ මෙකීසමීපතාව හේතු කොටගෙන ඒවායේ ඇති සුවිශේෂි වටිනාකම නිසාය.


05. මානව ඇල්ම

මෙහිදී වඩාත් වැදගත් වන්නේ අදාළ සිද්ධිය හා සම්බන්ධ භෞතික තත්ත්වයට වඩා භාවමය තත්ත්වයයි. මිනිස් හිත කම්පනයට පත් කරන ආදරය, කරුණාව, සතුට, විනෝය, හෝ ශෝකය, සන්තාපය, සංත‍්‍රාසය වැනි හැ`ගීම් වලට ආමන්ත‍්‍රණය කරන්නා වූ සිද්ධි මෙම ප‍්‍රවෘත්තිවලට විෂය විය හැකි ය. වැඩි දෙනෙකු ට දැඩි බලපෑමක් ඇති කිරීමට මෙම පුවත් සමත නොවුණ ද, බොහෝ දෙනා ඒවා කියවීමට වැඩිි කැමැත්තක් දක්වයි.

06. අසාමාන්‍ය බව

අපූරු, අමුතු අදහාගත නොහැකි දේ නිතර ප‍්‍රවෘත්ති ලෙස වාර්තා වේ.
බල්ලෙක් මිනිසෙකු සපා කෑවොත් එය ප‍්‍රවෘත්තියක් නොවේ. එහෙත් මිනිසෙක් බල්ලෙකු සපා කෑවොත් එය ප‍්‍රවෘත්තියකියන සුප‍්‍රසිද්ධ කියමනෙන් පැහැදිලි වන්නේ ද එම තත්ත්වය යි.
එසේ ම කලාතුරකින් සිදුවන දේ, ප‍්‍රථම වතාවට සිදුවන දේ අවසාන වතාවට සිදුවන දේ මෙන් ම කිසිසේ ත් බලාපොරොත්ත- නොවූ සිදුවීම් ප‍්‍රවෘත්ති ලෙස වාර්තාවන්නේ මෙකී අසාමාන්‍ය බව නැමති ගුණාංගය ඒවායේ අන්තර්ගතව ඇති හෙයිනි.


07 . නැවුම් බව

ප‍්‍රවෘත්ති ලෙස සැලකෙන බොහෝ සිදුවීම් හෝ තත්ත්වයන් නැවුම් හා අලූත් දේ වේ. නව අදහස්, ආකල්ප , මතිමතතාන්තර, සොයා ගැනීම්, පත්වීම්, වෙනස් වීම් හා ප‍්‍රවණතාවන් පෙළඹෙන්නේ ඒවායේ අන්තර්ගත නූතන තත්ත්වය හා නව්‍යත්වය පිළිබඳ ලක්‍ෂණ පදනම් කරගෙන ය.


08. ගැටුම්

එක`ගතාවක් ඇති නොවන අවස්ථාවන් බොහෝ විට ගැටුමකට මුල් වේ. මිනිස් සමාජය තුළ එවැනි තත්ත්වයන් විරල නොවේ. සමහර විට ඒවා දේශපාලනික, සංස්කෘතික හෝ ආගමික ආදී මත ගැටුම්විය හැකි ය. තවත් විටෙක ඒවා ඇන - කොටා ගැනීම් හෝ යුද තත්ත්වයන් වැනි භෞතික ගැටුම්වීමට ඉඩ ඇත. මේ කවර කරුණක් වුවත්, එහි ඇති සුවිශේෂීත්වය මත ජනමාධ්‍යය ම`ගින් ප‍්‍රවෘත්තියක් ලෙස ප‍්‍රකාශයට පත් වීමට ඉඩ තිබේ.

No comments:

Post a Comment

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...