Tuesday, 19 June 2018


ලොව පුරා මාධ්‍ය නිදහස

සෑම වසරක ම රටවල මාධ්‍ය නිදහස අනුව, ”රිපෝර්ට්ස් විතවුට් බෝඩර්ස්සංවිධානයේ රටවල් අනුපිළිවෙලකට සකස් කරයි. මේ අනුව මාධ්‍ය නිදහස පිළිබඳව දර්ශකය සැකසෙන්නේ මාධ්‍ය සංවිධාන වල සාමාජිකයන් සහ පර්යේෂකයන් මානව හිමිකම් ක‍්‍රියාකාරීත්වය වැනි විශේෂඥයින් යොදා ගෙන සිදු කළ සමීක්ෂණ ප‍්‍රතිඵල මත ය. මෙම සමීක්ෂණයේ දී මාධ්‍ය නිදහසට ඇති තර්ජන, මාධ්‍යවේදීන්ට රාජ්‍ය නොවන සංවිධාන වලින් එල්ලවන පීඩා ආදිය පිළිබඳව ප‍්‍රශ්න කෙරේ. මෙම දර්ශකය මාධ්‍ය නිදහස පිළිබඳව පමණක් වන අතර මාධ්‍යයේ ගුණාත්මක බව සම්බන්ධ දර්ශකයක් නොවේ.

2003 දී වැඩි ම මාධ්‍ය නිදහස සහිත රටවල් වූයේ,

- ෆින්ලන්තය
- අයිස්ලන්තය
- නෙදර්ලන්තය
- නෝර්වේ

යන රටවල් මාධ්‍ය නිදහස සහිත රටවල් අතර ඉහළ තැන්වල පිහිටයි.
මාධ්‍ය නිදහස අවම රටවල් ලෙස,

- උතුරු කොරියාව
- බුරුමය
- ටර්ක්ටෙයිස්ථානය
- මහජන චීන සමූහාණ්ඩුව
- වියට්නාමය
- සවුදි අරාබිය
- ඉරාකය
            ප‍්‍රජාතාන්ත‍්‍රවාදී නොවන රාජ්‍යයන්

රිපෝර්ට්ස් විතවුට් බෝඩර්ස්සංවිධානයට අනුව ලොව ජනගහනයෙන් 1/3 කට වැඩි පිරිසක් ජීවත් වන්නේ මාධ්‍ය නිදහස නොමැති රටවල ය. එසේ ම මෙම බොහෝ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියක් ද දක්නට නොලැබේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන රාජ්‍යයන්ගේ පැවැත්ම, පාලනය සහ ආරක්ෂාව සදහා තොරතුරු පාලනය අත්‍යවශ්‍ය බැවින් මෙවැනි රටවල මාධ්‍ය නිදහස ගැටලූ සහගත තත්ත්වයකට පත්ව ඇත. මේ නිසා මෙවැන් රටවල වත්මන් දේශපාලන බලය රඳවා ගැනීමට සහ එය අභියෝග කිරිම වැළැක්වීමට රාජ්‍ය මාධ්‍ය යොදා ගැනේ. මෙවැනි රටක වෙනස් අදහසක් පළකරන මාධ්‍යවේදීන්ට තර්ජන, මරණ තර්ජන, පැහැරගැනීම, වධ හිංසා මෙන් ම ඝාතනයට ලක්වීම ද සිදු වී ඇත.

රිපෝට්ස් විතවුට් බෝඩර්ස්සංවිධානය අනුව, 2003 දී සිය වෘත්තියේ නිරතවීමේදී පත‍්‍රකලාවේදීන් 42ක් ඝාතනයට ලක්වූ අතර 130ක් පමණ සිරගත කෙරිණි.
2005 දී පත‍්‍රකලාවේදීන් 63ක් සහ මාධ්‍ය සහයකයින් 05ක් ඝාතනය විය.
උදා :-
කසකස්ථානයේ ලිරා බෙසෙටෝවා සිද්ධිය
වැරදි වචන හා ඡුායාරූප භාවිතා කිරීම නිසා නේපාලයේ එරිත‍්‍රියාවේ සහ චීන මාධ්‍යවේදින්ට වසර ගණනාවක් සිරබත් කෑමට සිදුවිය.
යුක්රේනයේ ෂෝප් ආර් ගෝන්ගාඩිස් සිද්ධිය
විදේශ වාර්තාකරුවන්ට තහනම් ප‍්‍රදේශ
රුසියාවේ වෙච්නියාව
ශ‍්‍රී ලංකාවේ යාපනය
මියන්මාරය
ඉන්දුනිසියාවේ පැපුවා
පකිස්ථානයේ වසිරිස්ථානය
මහජන චින සමූහාණ්ඩුවේ ටිබෙටය
සංවර්ධිත රටවල මාධ්‍ය නිදහස යන්නෙන් අදහස් කෙරෙනුයේ ලිවීමෙන් හෝ වෙනත් මාර්ගයකින් සිය පුද්ගලික අදහස් හෝ නිර්මාණශිලීත්වය එළි දැක්වීම සඳහා සියළු පුද්ගලයින්ට තිබෙන අයිතියයි.

මානව හිමිකම් පිළිබඳව විශ්ව ප‍්‍රකාශනයට අනුව, සියළු දෙනාට ම අදහස් පළ කිරීමට අයිතිය ඇත. බාධාවකින් තොරව අදහස් දැරීමේ නිදහස් හා බාධාවකින් තොරව තොරතුරු සහ අදහස් සම්පේ‍්‍රෂණය කිරිමේ නිදහස ද මෙයට ඇතුළත් වේ.
මෙම දර්ශකය ස්ථාවර කිරීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ ප‍්‍රකාශනය මාධ්‍ය සහ මුද්‍රණය ආදිය පිළිබඳ නීති සම්පාදනය කර ඇත. ඇතැම් විට එම නීති රටක ව්‍යවස්ථාවට ද ඇතුළත් වේ. භාෂණයේ නිදහස හා මාධ්‍යයේ නිදහස මඟින් නීති පැනවීම හරහා මාධ්‍යයට හා පුද්ගලයන්ට සමානව සැලකීම දක්වා ඇත.

නෛතික නිර්වචන වලට අමතරව ලොව පුරාම මාධ්‍ය නිදහස මැනීම ස`දහා රාජ්‍ය නොවන සංවිධාන විසින් වෙනත් මිමි යොදා ගැනේ.
සීමා විරහිත මාධ්‍යවේදීයෝ සංවිධානය විසින්, ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් ගණන, හිංසා කරන ලද හෝ පිටුවහල කරන ලද මාධ්‍යවේදීන් ගණන හෝ ගුවන් විදුලි රාජ්‍ය එ්කාධිකරණය, මාධ්‍ය පාලනය සහ මාධ්‍ය ස්වාධීනත්වය මෙන් විදෙස් ජනමාධ්‍යවේදීන් මුහුණ දෙන දුෂ්කරතා ද සැලකිල්ලට ගනු ලැබේ.

ජනමාධ්‍යවේදීන් සුරැුකීම සඳහා වන කමිටු සංවිධාන, පරීක්ෂණ තෙරතුරු සොයා ගැනීම් සහ ප‍්‍රත්‍යක්ෂ තොරතුරු යොදා ගැනීම් මාධ්‍යවේදීන්ට සහාය වේ. ජාත්‍යන්තර විදුලි පණිවිඩ ජාලයක් වන ජාත්‍යන්තර ප‍්‍රකාශන හුවමාරුව හරහා ප‍්‍රධාන පුවත් ලොව හා ආයතන ජනමාධ්‍යවේදින් ඝාතන හෝ සිරකර තැබීම් පිළිබඳව සොයා බැලේ. සෑම පරීක්ෂකයෙකු ම ඝාතනයක් හෝ සිරගත කිරිමක් සම්බන්ධයෙන් ස්වාධින කරුණු සොයා බලා තහවුරු කරයි.

ෆි‍්‍රීඩම් හවුස්සංවිධානය පොදුවේ ආර්ථික හා දේශපාලන පරිසරය අධ්‍යයනය කරමින් මාධ්‍ය නිදහස, ප‍්‍රායෝගිකව පැවතීම වළක්වන පර්යාත සම්බන්ධතා පවත්වන්නේ දැයි සොයා බලයි. මේ අනුව, මාධ්‍ය සංවිධාන යන සංකල්පය මාධ්‍ය නිදහසට ද බෙදිී පවති.
අප මසුන් වැනි ය. අප වටා භාෂණයේ නිදහස නම් වූ මුහුද නොමැති වුවහොත් අපට ජීවත් විය නොහැක. නිදහස් ශ‍්‍රී ලංකාව, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය තරමට ම වයස යි. එ් නිසා ම මුල පටන් ම නිදහස් ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය සමඟ මානව හිමිකම් වලට ගරු කිරීමේ අභියෝගය වෙලී පැටලී පවතීි. එ් ඉතිහාසය මානව හිමිකම් උල්ලංඝණයන්ගෙන් පිරී පවතී. මුල් කාලයේ උඩරට දෙමළ ජනතාවගේ පුරවැසි අයිතිය ප‍්‍රතික්ෂේප කිරිමේ පටන් ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම කරා එ් ඉතිහාසය විකාශනය වෙයි. 1983 දී දෙමළ - විරෝධී ජන ඝාතනය වැනි අතිශය කුරිරු සිදුවීම් ඇතුළුව ඛඔඔෑ සංවිධානය ලොවට පිරිනැමූ සියදිවි නසා ගන්නා මිනිස් බෝම්බ සම්ප‍්‍රදාය ද මේ ඉතිහාසයේ කොටස් වේ.

ලංකාවේ ඉතිහාසයත් සමඟ මානව හිමිකම් මේ තරම් බැඳී පවතින්නේ ලංකාව මානව 
හිමිකම් ගරු කිරිමේ හෝ උල්ලංඝණය කිරිමේ හොඳ ම හෝ නරක ම සමාජය වූ නිසා නොවේ. මේ බැඳීමට පදනම් වන්නේ රටට නිදහස උදාවූ මොහොතේ පටන් මානව හිමිකම් වනාහි කේන්ද්‍රීය අරගල භූමිය බවට පත්වීමයි. ලංකවේ ඉතිහාසය ලිවිය හැක්කේ මානව හිමිකම් උදෙසා කළ අරගලයක් ලෙසට පමණක් ලෙසට ද පෙනේ.
ලසන්ත ඝාතනයට පසු භාෂණයේ නිදහස් අරගලයේ කේන්ද්‍රය බවට පත්ව ඇත්තේ භාෂණයේ නිදහසට ඇති අයිතිය තහවුරු නොකොට අපට මානව හිමිකම් මත පදනම් වූ සමාජයක් ගොඩනැගීමට නොහැකි නිසා ය. එසේ ම මානව හිමිකම් මත පදනම සමාජයක් ගොඩ නගන්නේ නැතිව අපට භාෂණයේ නිදහස සුරැුකීමට ද අපහසුයි.
භාෂණයේ නිදහස ඍජුව ම වෙනත් අයිතීන් සමුදායක් හා බැෙ`ද්. ඒ අයිතීන් අතර නිදහසේ ආගම ඇදහීමේ අයිතිය, සාමකාමීව එක්රැුස් වීමේ අයිතිය නිදහස් ප‍්‍රකාශනයේ අයිතිය සහ මාධ්‍යයේ නිදහස ද වේ. භාෂණයේ නිදහස නැතිව මේ එකම අයිතියකටවත් පැවතිය නොහැක. භාෂණයේ නිදහස කාන්තාවන්ගේ සුළුතර ජන කොටස්වල සහ වරප‍්‍රසාද අහිමි ජන කොටස්වල අරගලයන්ට භාෂණයේ නිදහස අදාළ නොවන බව තර්ක කරන අය සමඟ මා එකඟ නොවන්නේ මේ නිසායි. කතා කිරීමේ බලය ඔවුන්ට අහිමි නම් තම අදහස් ප‍්‍රකාශ කිරිමට පවා එම අරගලයන්ට අහිමි වනු ඇත.

මේ සියල්ල සාධාරණ නඩු විමසුමකට ඇති අයිතිය හා බැඳේ. සාධාරණ නඩු විමසුමකට ප‍්‍රධාන අංග ලක්ෂණයක් වන්නේ විවෘතව එම නඩු විමසීමට ලක්වීමට ඇති අයිතියයි. අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ අයිතිය, පුරවැසි අයිතිය, වධ දීමට ගො`දුරු නොවීමට ඇති අයිතිය ආදී අයිතීන් ද ස්වාධින අධිකරණයක් ද හරහා මෙම අයිතීන් බලාත්මක කළ හැකි ය. එ් හරහා උල්ලංඝණය වීම් හෙළිදරව් කළ හැකියි. හෙළිදරව් කිරීම හරහා එ්වා සදහට ම තුරන් කළ හැකියි.

භාෂණයේ නිදහස වනාහි අන්හැම අයිතියක් ම නිදහසේ භුක්ති විඳීමට ඉඩ සලසන්නකි. මාධ්‍ය නිදහස වනාහි භාෂණයේ නිදහස යන පුළුල් ආවරණයේ කොටසක් පමණි. අන් අයට සේ ම මාධ්‍යවේදීන්ට ද පැහැරගෙන යාමෙන්, නීති විරෝධි ලෙස රඳවා තැබීමෙන්, වධ දීමෙන් සහ ඝාතනයෙන් තොරව ජීවත්වීමට අයිතිය තිබිය යුතු ය. එහෙත් අතීතයේ පටන් ම වර්තමානයේ මේ මොහොත දක්වා ම මෙහිලා ප‍්‍රායෝගික සත්‍යතාවක් නොමැත.

එහෙත් ඊජිප්තුව සහ ටියුනීසියාව වැනි රටවල් අපට පෙන්වන්නේ එක තැන සිට පල් වීමේ කාලය අවසන් වී ඇති බවයි. තවත් එක් වරක් එ්කාධිකාරී පාලනය ජනතාවට පිටුපා ඇත. මානව හිමිකම් උල්ලංඝණය වීම් වසන් කිරීම ස`දහා මැතිවරණ උපයෝගී කොට ගන්නා එ්කාධිකාරීත්වයේ ස්වාභාවය මෙය වේ. එය ලංකාවට පමණක් ම උරුම වූවක් ද නොවේ.

අධිකාරිවාදී රජයකට සේවය කරන මාධ්‍ය කලාව, මාධ්‍ය කලාවක් නොවේ. එය හුදෙක් ම පිටුවක වචන රැුසක් හෝ ගුවන් තරංග වල හඬක් හෝ පමණි. හැමදාම මෙන් අදත් මාධ්‍ය කලාව වනාහි සත්‍යයට ගරු කරන්නක්, ජනතාවගේ තොරතුරු ද දැන ගැනීමේ අයිතියට ගරු කරන්නක් විය යුතු ය.

නව තොරතුරු හුවමාරු කර ගැනීමේ තාක්ෂණයක් නිසා කලකට පෙර අප භුක්ති විඳි අපේ ප‍්‍රජාවන් වෙත තොරතුරු රැුගෙන යාමේ තනි මාවත වීමේ එ්කාධිකාරිය, දැන් බිඳෙමින් පවතී. දැන් ජනතාව තොරතුරු දැන ගැනීමේ එකම මාවත පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය නොවේ. ඔඅසඑඑැරල ත්‍්ජැ ඉදදනල අය්එි්චචල ඪසඉැර වැනි සමාජ ජාල වෙබ් අඩවි වැනි සමාජ මාධ්‍ය මෙන් ම බ්ලොග් අඩවි,පුරවැසි මාධ්‍යවේදීන් සහ පුවත්පත්, වෙබ් අඩවි සියල්ල ම මේ සංකලනයේ කොටස්කරුවෝ වෙති. එහෙත් මින් එකක් වත් ස්වාධීන මාධ්‍ය කලාවට ආදේශකයක් නෙවේ. සමාජ මාධ්‍ය නිදහස් යැයි කීව ද එහි ඇත්තේ ද අර්ධ සත්‍යයක් බව පෙනී යන්නේ ලංකා ඊනිව්ස්වෙබ් අඩවිය පවත්වාගෙන ගිය නිවසට ගිනි තැබීමෙනි.

නව මාධ්‍ය වලට සමස්ත තොරතුරු සම්භාරයට තවත් තොරතුරු එකතු කරනවා පමණක් නොව, නව තාක්ෂණයක් ලාංකීය රජය අනුගමනය කළ කි‍්‍රයා පටිපාටීන්ට ප‍්‍රබල පහරක් එල්ල කිරිමේ ශඛ්‍යතාවය ද පවතී.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පැවැත්වීම හා බහුතරයේ පාලනය පමණක් ම නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසි ලෙස ක‍්‍රියාත්මක වන්නේ ආණ්ඩුවක් තීරණ ගන්නේ සමස්ත පොදු ජනතාවගේ යහපතට මිස අතළොස්සකගේ යහපතට නොවන බවටත් බහුතරය හා සුළුතරය ඇතුළු සියල්ලන්ට සමානාත්මතාව පදනම් කොට පල ප‍්‍රයෝජන ලබාගත හැකි අවස්ථාවන් ආණ්ඩුව විසින් සපයනු ලබන බවටත් ආණ්ඩුවකින් පාලනය වන සියලූ ජන කොටස්වලට ප‍්‍රායෝගිකව දැනෙන්නේ නම් පමණි. මේ නිසා විවිධ ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් රාජ්‍ය බලය යොදා ගැනීමේදි ආණ්ඩුව හා විවිධ ජන කොටස් අතර නිරන්තරයෙන් කතිකා කොට එළඹ ගත් එකඟතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලන ක‍්‍රමයකට අත්‍යවශ්‍ය වේ. බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලන එ්කාධිකාරීවාදය දක්වා පිරිහීමට මූලික හේතුවක් වන්නේ රජය හා පුරවැසියන් අතර තිබිය යුතු මේ නිරන්තර ගනුදෙනුව අවශ්‍ය පමණට සාර්ථකව පවත්වා ගෙන යෑමට දෙපාර්ශවය ම අපොහොසත් වීමයි. රජය කරවන්නන් එයට අකමැතිවීම මෙන් ම විවෘත කතිකාවට අවශ්‍ය කොන්දේසි සහ සන්නිවේදන මාධ්‍ය නිසි ලෙස ප‍්‍රවර්ධනය කර ගැනීමට ජන සමාජය අපොහොසත් වීම ඊට හේතු විය හැකි ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් හා ජන සමාජය අතර තිබිය යුතු එ් නිරන්තර කතිකාව මූලික වශයෙන් පැවැත්වෙන්නේ ජනමාධ්‍ය නැමැති වේදිකාව උපයෝගී කර ගැනීමෙනි. ජනතාව වෙනුවෙන් ආණ්ඩු කටයුතු ජන නිරීක්ෂණයට ලක් කරමින් අවශ්‍ය නිරවද්‍ය තොරතුරු සොයා වාර්තා කොට එ් කතිකාව ජනමාධ්‍ය හරහා සමාජගත කිරීමේ වගකීම පැවරෙන්නේ එ් ස`දහා විශේෂ ප‍්‍රාගූණ්‍යයක් ඇති වෘත්තිකයන් වශයෙන් සැලකෙන ජන මාධ්‍යකරුවන්ටයි.

කෙසේ වෙතත් මේ කටයුත්තේ දී සිය වාර්තාකරණය මහජන අදහස් උදහස් නිරූපණය වන ලෙස වෘත්තීය ප‍්‍රමිති මත පිහිටා ප‍්‍රශස්තව ඉටු කිරිමට ජනමාධ්‍යකරුවන්ට අවශ්‍ය මූලික කොන්දේසිය වන්නේ රටක මූලික ධාරිවේ ජනමාධ්‍ය නිදහස් ස්වාධින හා බහුවිධ ස්වරූපයකින් යුක්ත වීමයි. එකී කොන්දේසිය සපුරාලීමට ශ‍්‍රී ලංකාවේ මූලික ධාරාවේ ජන මාධ්‍ය පොදුවේ අසමත් ව ඇත්තේ මන්ද හා එ් සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක් ද?

නිදහස් ජනමාධ්‍ය යනුවෙන් අදහස් කරන්නේ ආණ්ඩුවේ හෝ දේශපාලනික හා ආර්ථික බලවේගවල හෝ අත්තනෝමතික පාලනයකින් තොරව සිය ප‍්‍රකාශන නිකුත් වීම හා එ්වා විකාශනය කිරීම ස`දහා අවශ්‍ය ද්‍රව්‍යමය සම්පත් හා යටිතල පහසුකම් පවත්වාගෙන යාමට ජනමාධ්‍ය ආයතන වලට ඇති හැකියාවයි. ස්වාධීන මාධ්‍ය යනුවෙන් අදහස් කෙරෙන්නේ බාහිර ඇඟිලි ගැසීමකින් තොරව වෘත්තීය ප‍්‍රමිති මත පිහිටා තම සංලේඛ්‍ය නිදහස ආරක්ෂා කර ගනමින් වාර්තාකරණය කිරීමට ජනමාධ්‍යකරුවන්ට ඇති නිදහස යි. මෙහිදී සුවිශේෂ වශයෙන් රජයේ නියම් හෝ අනියම් ඇඟිලි ගැසීම් වලින් තොරව තම පාඨකයන්ට හා ශ‍්‍රාවකයන්ට පමණක් වගවෙමින් වෘත්තීය සංචරක අනුගමනය කරමින් නොසඟවා වාර්තාකරණය කිරීමට ජනමාධ්‍යකරුවන්ට ඇති නිදහස වැදගත් ය. මාධ්‍ය නිදහස යනුවෙන් අදහස් වන්නේ අනුපූරකයකි. එනිසා පුවත් වාර්තාකරණයයේ දී සිය පාඨකයන් විසින් දැනගත යුතු අදාළ තතු සහ මත අගතිගාමිී ලෙස සැඟවීමට ද ජනමාධ්‍යකරුවන් විසින් ම මාධ්‍ය නිදහස ස්වයංවාරණය කර ගැනීමකි. ජනමාධ්‍යකරුවන්ට ඇති තර්ජන මේ ස්වයංවාරණයට හේතුවිය හැකි බැවින් බියෙන් අත්මිදී වාර්තාකරණය ඉටුකිරිමට ඇති හැකියාවක් ජන සමාජය තුළ ඇති කිරිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක වගකීමකි.

බහුවිධ ජනමාධ්‍ය යනුවෙන් ගැනෙන්නේ පුළුල් විෂය පථයක අන්තර්ගතය අනාවරණය කිරීම පිණිස උපයෝගී කරගත හැකි පරිදි හැකි තරම් විවධ වූ පරාසයක ප‍්‍රභවයන්ගෙන් නිකුත් වන පුවත්පත්, සඟරා හා විද්‍යුත් මාධ්‍යවල පැවැත්මයි.

සංඛ්‍යාත්මකව බැලූ විට විශාල වුව ද, යම් යම් දේශපාලනික, ආර්ථික හේතු නිසා ප‍්‍රධාන ධාරාවේ සියලූ මාධ්‍ය සිය වාර්තාකරණය කරන්නේ අධිපති මතවාදයේ පිහිටා අගතිගාමීව නම් එය බහුමාධ්‍ය වාර්තාකරණයක් ලෙස සැලකිය නොහැකි ය. 

සංඛ්‍යාත්මකව බැලූ විට මාධ්‍ය මෙහෙයවන අතළොස්සකට මාධ්‍ය අයිතියට සීමා වීමෙන් ද බහු මාධ්‍ය වාතාවරණයකින් බලාපොරොත්තු වන සේවාව නොලැබිය හැකි ය.
ලංකාවේ ප‍්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් සලකා බැලූ විට බොහෝ ජනමාධ්‍ය සිය වාර්තාකරණය ඉටු කරන්නේ පොදු යහපත පිණිස පාලිතයන් අතර ප‍්‍රයෝජනවත් නිවහල් කතිකාවක් ඇති කර ගැනීමට වඩා මාධ්‍ය අයිතිකරුවන්ගේ අගතිගාමී අභිමතයන්ට වහල් වී බව පැහැදිලි ව පෙනී යන්නකි. මෙය වඩා බරපතල වන්නේ පවතින අධිිපතිවාදය අභියෝගය කිරීමෙන් තමන් සහ ආණ්ඩුව අතර ඇති ලාභදායි ව්‍යාපාරික හෝ දේශපාලනික සම්බන්ධතාව පළුදු වේ යැයි යන බියෙන් හෝ තමන්ගේ පෞද්ගලික  ඕනෑ එපාකම් මත කටයුතු සිදුවිිය යුතු යැයි සලකන මාධ්‍ය හිමියන් මාධ්‍ය සංලේඛන නිදහසට නොහොත් මාධ්‍යකරුවන්ගේ වෘත්තීය අභිමතයට අනිසි ලෙස ඇ`ගිලි ගැසීම් කරන්නට පටන් ගත් විටදී ය. එවැනි වාතාවරණයක් යටතේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදි කතිකාවකට වේදිකාවක් වීමට ජනමාධ්‍යට පහසු නොවේ.

මහා මැතිවරණයකදී කර්තෘ මණ්ඩලයේ තීරණයක් මත සහේතුකව කිසියම් ස්ථානයක් ගැනීමට පුවත්පතකට හෝ පුවත් වෙබ් අඩවියකට නිදහස ඇති නමුදු පොදුු මහජන දේපලක් වන විකාාශන සංඛ්‍යාත ඔස්සේ ප‍්‍රචාරය වන රූපවාහිනි හා ගුවන් විදුලි වැනි විිද්‍යුත් මාධ්‍යයන්ට එසේ පක්ෂග‍්‍රාහීි ආස්ථානයක් ගැනීමට හිමිිකමක් නැත. විකාශන බලපත‍්‍රයක් මත සංඛ්‍යාත භාවිතා කරන විද්‍යුත් මාධ්‍ය මැතිවරණයක දී අපක්ෂපාතීව සාධාරණ ලෙස සියලූු වැදගත් මතවාද තම ගා‍්‍රහකයන් වන ඡුන්ද දායකයන්ට දැන ගැනීමට සැලැස්විය යුතු ය. පුවත්පතක් හෝ පුවත් වෙබ් අඩවියක් හෝ මැතිවරණයක දී කිසියම් අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් අනුමත කිරීමට තීරණය කරයි නම් ඒ බව තම පාඨකයන්ට විවෘතව ප‍්‍රකාශ කළ යුතු ය. එහෙත් ඒ නිසා අනෙකුත් පක්ෂවල මතවාද සාධාරණව වාර්තා කිරීමෙන් වැළැකීමට ද පුවත්පතකට නොහැක. අවසාන
විග‍්‍රහයේදී පුවත්පතකට වඩා වැදගත් වන්නේ සිය පාඨකයන්ගේ තොරතුරු දැන ගැනීමේ අභිලාෂය ඉටු කිරීම වන බැවිනි.

ජනමාධ්‍යයේ වෘත්තීය සංලේඛ්‍ය නිදහස ආරක්ෂා කර ගැනීමට නම් තම සේවා තත්ත්වයන් දියුණු කර ගැනීම සහ වෘත්තීය ප‍්‍රමිති පවත්වා ගැනීම යන කරුණු දෙක ම අරමුණු කරගත් ජනමාධ්‍යකරුවන්ගේ ස්වාධීන වෘත්තීය සංවිධාන මාධ්‍ය ආයතන මට්ටමින් බිහිවීම අත්‍යවශ්‍යය වේ. ආයතන මට්ටමේ වෘත්තීය සංවිධාන ම`ගින් වෘත්තීය ප‍්‍රමිති ආරක්ෂා කිරීම අයිතිකරුවන්ගේ අභිමත ඇ`ගිලි ගැසීම්වලින් තොරව තම සංලේඛ්‍ය නිදහස ආරක්ෂා කර ගැනීමට පුවත්පත් සංස්කාරවරුන්ට ද මහත් අනුබලයකි. කෙසේ වෙතත් වර්තමානයේ ඇති ජනමාධ්‍ය සංවිධාන බොහෝමයක් සංගත වී ඇත්තේ එසේ ආයතන මට්ටමෙන් සංවිධානය වූ ශාඛා සංවිධාන මත නොවන බැවන් අයිතකරුවන්ගේ අනිසි බලපෑම්වලින් ජනමාධ්‍ය වාර්තාකරණය අගතිගාමී වීම වැළැක්වීමට එවැනි සංවිධානවලට අපහසු ය. අනෙක් අතට ආයතන මට්ටමෙන් ශක්තිමත් වෘත්තීය සමිති සංවිධානයක් තිබීම ජනමාධ්‍ය අයිතිකරුවන්ට ද වැඩදායක ය. මන්ද එම`ගින් රජයේ හා බල පුුළුවන්කාරයන්ගේ අනිසි බලපෑම් අධෛර්යමත් කිරීමටත් ඒ අනුව, වෘත්තීය වාර්තාකරණය මත වෙළ`දපොළ සාර්ථකත්වය ඇති කර ගැනීමටත් ජනමාධ්‍ය ආයතන වලට හැකි වන බැවිනි.
ජනමාධ්‍ය ප‍්‍රවර්ධනය ගැන සාකච්ඡුා කරන විට ජනමාධ්‍ය ලාභදායක ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යා හැකි වන්නේ වෙළ`දපොල මත ඇතිවන ඉල්ලුම හා සැපයුම මත බව අප අමතක නොකළ යුතු ය.

වෙළ`ද දැන්වීම් වැනි මූලික ආදයම් මාර්ග නිශ්චය වන්නේ වැඩි අලෙවිය මත බැවින් පුද්ගලික ජනමාධ්‍යවල අන්තර්ගතය බොහෝ පිරිසකට ආකර්ෂණය වන විනෝදාස්වාදය දෙන සරල විෂය කරුණු හා ජනප‍්‍රිය බහු ජන විශ්වාස මත පදනම් වීම ස්වභාවයකි. දැනුවත් දේශපාලනික මැදිහත්වීම අවම සමාජයක බොහෝ විද්‍යුත් මාධ්‍ය ආධිපත්‍යයන්ට මේ කාරණය විශේෂයෙන් පොදු ය. අනෙක් අතට තොරතුරු ලබා ගැනීමට අතිරේකව වැඩි වශයෙන් විනෝදාස්වාදය, විවේක සුවය සහ තනිකම අඩුකර ගැනීම වැනි අවශ්‍යතා ස`දහා විද්‍යුුත් මාධ්‍ය පරිහරණය කිරීම අසන්නන්ගේ හා නරඹන්නන්ගේ ද අයිතියකි.

නිරන්තර පුවත් හා තොරතුරු, ගවේෂණාත්මක වාර්තාකරණය ඉහළ මට්ටමේ සමාජීය හා දේශපාලනික විවරණ, විවාදාත්මක හා ග‍්‍රාහකයන්ගේ විෂය අවබෝධය ඇතිකරන කරුණු වැනි දෑ සම්බන්ධයෙන් ද හො`ද වෙළ`දපලක් ඇති කරගත හැකි නමුදු හො`ද ප‍්‍රමිතියකින් යුතුව ඒ කටයුත්ත ඉටු කිරීම ස`දහා අවශ්‍ය කරන ප‍්‍රයෝජනයන් ඉහල බැවින් පුද්ගලික මාධ්‍ය සිය වෙළ`දපල පවත්වාගෙන යාමට අදහස් කරන්නේ අඩු ආයෝජනයකින් වැඩිම පාඨක ශ‍්‍රාවක පිරිසක් ර`දවා තබා ගත හැකි වැඩසටහන ප‍්‍රචාරය කිරීම මගිනි. විශේෂයෙන් විශාල වෙළ`දපලක් නොමැති කුඩා රටවල පුද්ගලික ජනමාධ්‍ය තමන්ට ආවේණික සරල වැඩසටහන් වලින් බැහැරව වැඩි ආයෝජනයක් අවශ්‍ය වාර්තා, විවිත‍්‍රාංග, විශේෂඥ ප‍්‍රවෘත්ති විමර්ශන, ආකර්ෂණීය අධ්‍යාපනික වැඩසටහන්, ගවේෂණාත්මක වැඩසටහන් හා විවාදාත්මක විවරණ ආදී වැඩසටහන් කිරීමට පැකිලෙයි.

විද්‍යුත් මාධ්‍ය දෙස බලන විට වැඩි ශ‍්‍රාවක පිරිසක් අසන නරඹන කාලවේලා වෙන් කරන්නේ ආණ්ඩුව සහ පුරවැසියා අතර ඇතිවිය යුතු කතිකාවන්ට අවශ්‍ය එබ`දු පුවත් විවරණ, විචක්ෂණ, සාකච්ඡුා, කතිකා වැනි දෑට වඩා විනෝදාස්වාදය දෙන සරල වැඩසටහන් වලට ය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී කතිකාවකට අවශ්‍ය පුළුල් දායකත්වයක් ලබා ගැනීමට මෙය බාධාවකි.
මේ තත්ත්වය වළකා මහජන යහපත මුල්කොට විද්‍යුත් මාධ්‍ය පවත්වාගෙන යාම පිණිස විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීම යන්නෙන් මෙහිදී අදහස් කරන්නේ මාධ්‍ය ආයතන වල අන්තර්ගතය ම`ගින් නිරූපණය විය යුතු අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය නියාමනය කිරීම නොව සමස්තයක් වශයෙන් ගත් විට රටක විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රය සියලු කොටස්වල පුරවැසි  ඕනෑ එපාකම් නියෝජනය වන පරිදි ප‍්‍රවර්ධනය කිරීමයි.
ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නියාමනය කෙරෙන ආයතන හුදෙක් ආණ්ඩුවේ බලාධිකාරීන්ගේ අභිමතය පරිදි කටයුතු කරන එ්වා නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක විද්‍යුත් මාධ්‍ය නියාමනය සිදුවිය යුත්තේ හුදෙක් මහජන පොදු යහපත මුල්කොට ය. එ් සඳහා පාර්ලිමේන්තුව හරහා ඍජුව මහජනතාවට වග වෙමින් විද්‍යුත් මාධ්‍ය ප‍්‍රවර්ධනය කරන ස්වාධින නියාමන ආයතනයක් අත්‍යවශ්‍ය ය.

වඩා ගැඹුරින් වාර්තාකරණය කිරීමට ඇති හැකියාව නිසා ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති කතිකාවත් වලදී මුද්‍රිත මාධ්‍ය මූලිකව වැදගත් වන නමුදු වඩා විශාල ජන සංඛ්‍යාවක සහභාගීත්වය ලබා ගැනීමේ කතිකා වලදී විද්‍යුත් මාධ්‍ය ඉතා වැදගත් ය. එහෙත් එකිනෙක හා අනුපූරක වන විද්‍යුත් ජනමාධ්‍ය සමූහයක් නොමැතිව හුදෙක් වෙළඳපල මත පමණක් යැපෙන විද්‍යුත් ජනමාධ්‍ය වලින් පමණක් මේ කටයුත්ත නිසි ලෙස ඉටු නොවේ. මේ නිසා රටක විද්‍යුත් මාධ්‍ය වානිජ විද්‍යුත් මාධ්‍ය, මහජන සේවා විද්‍යුත් මාධ්‍ය හා ප‍්‍රජා විද්‍යුත් මාධ්‍ය යන තෙවර්ගයෙන් ම සමන්විත විය යුතු ය. එය එසේ සිදුවන ආකාරයට විකාශන සංඛ්‍යාත නිසි ලෙස බෙදා පාරදෘශ්‍යව එ් එ් විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන බලපත‍්‍ර නිකුත් කිරීම ද ස්වාධින විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනයේ මූලික වගකීමකි. මෙසේ ව්‍යුහමය වශයෙන් විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීමට අතිරේකව සංලේඛ්‍ය නිදහසට ගරු කරන අතර ම පොදු යහපතට හේතුවන පුවත් වාර්තාකරණ දේශපාලන විශ්ලේෂණ හා කතිකා වැඩසටහන් සඳහා වැඩි දෙනෙක් අසන නරඹන වේලාවන් වෙන් කිරීමට නියාමන ආයතනය විද්‍යුත් මාධ්‍යවලට නියම කළ යුතු ය. ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතන එසේ පොදු යහපත අරමුණු කොට කටයුතු කරනවාට වඩා කරන්නේ විද්‍යුත් මාධ්‍ය යනු හිමිකරුවන්ගේ අගතිගාමී අභිමතය හා ගැතිකම් අනුව මෙහෙය විය හැකි හුදු ව්‍යාපාරික කටයුත්තක් වශයෙන් සලකමිනි.
වෙළඳපොල මත පිහිටා කටයුතු කරන විද්‍යුත් මාධ්‍යවල ඌනතාවන් අනුපූරණය කිරිමට මෙන් ම එ්වායේ වාර්තාකරණ වැඩසටහන් වල ප‍්‍රමිතිය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ද ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍යයක පැවතීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකට අත්‍යවශ්‍ය ය. මෙහිදී ද මහජන සේවා විද්‍යුත් මාධ්‍යවල ස්වාධිනත්වය රඳා පවතින්නේ මූලික වශයෙන් එ්වායේ මහජන සේවා කාර්යභාරය නීතිය මඟින් නිසි ලෙස නිර්ණය කර තිබීම, එ් කාර්යය ඉටුකිරීම පරමාර්ථ කොටගත් ස්වාධීන ආයතනික ව්‍යූහයක් තිබීම සහ එහි වැඩසටහන්
කටයුතු ඉහළ ප‍්‍රමිතියකින් පවත්වා ගැනීමට අවශ්‍ය මූල්‍ය සම්පත් පාර්ලිමේන්තු වැය ශිර්ෂයකින් හෝ බලපත‍්‍ර ගාස්තු වැනි වෙනත් ආදායම් මාර්ගව ලින් සහතික කිරීම යන කරුණු මත ය.

බහුවිධ වැඩසටහන් වර්ග, නානාවිධ විෂය කරුණු ආවරණය කිරීම, සංලේඛ්‍ය නිදහස, ප‍්‍රමාණවත් පිරිවැය, මහජනතාවට වගවෙන විනිවිදභාවයෙන් යුතු පාලනය යන කරුණු වලින් සමන්විත මහජන සේවා විද්‍යුත් මාධ්‍ය සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධාන ප‍්‍රතිෂ්ඨාවකි. මහජන සේවා විද්‍යුත් මාධ්‍ය පවත්වාගෙන යන්නේ වෙළඳපොල මත ක‍්‍රියාත්මක වන පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය සේවා වලින් පමණක් රටක ජනතාවගේ සමාජමය හා අධ්‍යාපනික සන්නිවේදන අවශ්‍යතාවයන් ඉටුකළ නොහැකි බැවිනි. එබැවින් මහජන සේවා විද්‍යුත් මාධ්‍ය පවත්වාගෙන යන්නේ ලාභ ඉපදවීම පිණිස වෙළඳ දැන්වීම් වලින් යැපීම සඳහා නොව ලාභ නොලබන මහජන සේවාවන් වශයෙනි. රටක් අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්ති ගොඩනැ`ගීම සහ කාර්යක්‍ෂම යහපාලනය පවත්වා ගැනීම සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් ජන සංනිරීක්ෂණයේ නියැලිම පිණිස මහජන සේවා මාධ්‍ය මගින් කළ හැකි සමාජමය කතිකාව,අධ්‍යාපනික සේවාව හා සන්නිවේදනය හුදෙක් මිල සහ ලාභය මත තීරණය කළ හැකි කරුණක් නොවේ. මැතිවරණ අවස්ථා වලදී දැනුවත් තීරණ ගැනීමට ඡුන්ද දායකයින්ට අවශ්‍යවන විවිධ කරුණු හා එ් එ් පක්ෂ දරන ආස්ථානයන් ජන සංනිරීක්ෂණයට ලක් කරමින් අපක්ෂපාතව වාර්තා කිරීම සහ ඡුන්ද දායකයින් විසින් පත් කරන ලද නියෝජිතයන් කටයුතු කරන ආකාරය නිබඳව දැන ගැනිමට පාර්ලිමේන්තු විවාද සජීවි ලෙස විකාශනය කිරීම ආදිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයකට අත්‍යවශ්‍ය ය. එවැනි මහජන සේවාවන් මිල සහ ලාභය පමණක් තකා කළ හැකි දේවල් නොවේ. ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍යයක් මඟින් ඉටුකරන තවත් වැදගත් කටයුත්තක් වන්නේ පුවත් වාර්තාකරණය විශද මට්ටමකින් පවත්වාගෙන යෑමෙන් සහ ඉහළ ප‍්‍රමිතියක වැඩසටහන් ඉදිරිපත් කිරීම මඟින් හොඳ මාධ්‍ය සේවාවක් යනු කුමක්ද යන්න පිළිබඳ ව අසන්නන් හා නරඹන්නන් අතර ප‍්‍රාමාණික ආදර්ශ තහවුරු කිරීමයි. උදාහරණයක් වශයෙන් ගතහොත් ජපානයේ එන්.එච්.කේ. , බි‍්‍රතාන්‍යයේ බීබීසි සහ කැනඩාවේ සීබීසි වැනි ප‍්‍රචලිත මහජන සේවා විද්‍යුත් මාධ්‍ය පමණක් නොව පෝලන්තය වැනි රටවල මෑත කාලීනව බිහි වූ ස්වාධින මහජන සේවා විද්‍යුත් මාධ්‍ය වල ද ඇති වෘත්තීය පරිචය එකී රටවල ඇති අනෙකුත් ප‍්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය අන්තර්ගතයේ ගුණාත්මක ස්වභාවය තර`ගකාරී ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යෑමට බල කරයි.
මේ කටයුත්ත නිසි ලෙස ඉටු කිරීමට නම් මහජන අරමුදල් වලින් නඩත්තු වන දැනට ඇති ආණ්ඩුවේ රූපවාහිනි, ගුවන් විදුලි ආයතන ආණ්ඩුවේ දේශපාලන හා පරිපාලන ග‍්‍රහණයෙන් මිදුණු නිදහස් ස්වාධින මාධ්‍ය ආයතන බවට පරිවර්තනය කළ යුතුය. මෙහිදි එකී ආයතන පාර්ලිමේන්තුව හරහා ජනතාවට වගවන ස්වාධීන ආයතනික ව්‍යූහයක් ඇති මහජන අරමුදලින් ප‍්‍රමාණවත් පිරිවැයක් ලැබෙන, හුදෙක් වෘත්තීය පරිචය මත කටයුතු කරන, මහජන සේවා ආයතන බවට පරිවර්තනය කළ යුතුය. නිදහස් ස්වාධීන බහු මාධ්‍ය සම්ප‍්‍රදායක් ඇති කිරීමේ ලා තවත් වැදගත් කරුණක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ජනමාධ්‍ය විසින් ඉටුකළ යුතු කාර්යභාරය පිළිබඳ විචාරශිීලී දැනුමක් නැතහොත් යම් ප‍්‍රමාණයක මාධ්‍ය සාක්ෂරතාවයක් රටවැසියන්ට තිබීමයි. දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල මේ දැනුම ප‍්‍රචාරය තුළින් ම ලැබෙන නමුත්
අප වැනි රටවල ආණ්ඩුක‍්‍රමය පිළිබඳ මූලික දැනුමට අතිරේකව මේ විචාරශිලි මාධ්‍ය සාක්ෂරතාව අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් විය යුතු ය. ක්ෂණික අවශ්‍යතාවක් වී තිබෙන මේ කටයුත්ත වඩා සරල මට්ටමකින් ඉටුකර ගැනීමට මාධ්‍ය ම`ගින් පුවතක් වාර්තාකර ඇති ස්වභාවය විචරශීලිව විමසීමට හැකිවන පමණට පුවත් සාක්ෂරතාව පිළිබඳ කෙටිකාලීන දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් ජනමාධ්‍ය ආයතන, සිවිල් සංවිධාන හා අධ්‍යාපනික ආයතන හරහා දියත් කළ හැකි ය. පුවත් සාක්ෂතරතාව යනු වෘත්තීය ප‍්‍රමිතීන් අනුව කරන වාර්තාකරණයක හා අගතිගාමී වාර්තාකරණයක ඇති වෙනස හඳුනා ගැනීමට අවශ්‍ය වන මූලික දැනුමයි. යහපත් පුවත් සාක්ෂරතාවයක් ඇති සමාජයක ජනමාධ්‍යයට බාහිර බලපෑම්වලට අනුව පුවත් විකෘති කිරීමට හෝ කරුණු සඟවා වාර්තා කිරිමට අපහසු ය.

රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය එහි රටවැසියන්ට නොමඳව සහභාගී විය හැකි ආකාරයට පවත්වාගෙන යා හැක්කේ එකිනෙක හා අනුපූරක වන නිදහස්, ස්වාධීන බහුමාධ්‍ය සංඛ්‍යාවක් පවත්වා ගැනීමෙන් පමණි. කෙසේ වෙතත් අපේ ආණ්ඩුක‍්‍රම සංශෝධන කතිකා වලදී ව්‍යවස්ථා දායකය, විධායකය, හා අධිකරණය සම්බන්ධයෙන් දක්වන උනන්දුවන පමණට ම ජනමාධ්‍ය ප‍්‍රවර්ධන විධි විධාන ගැන අප නිසි සැලකිල්ලක් දක්වන බවක් නෙපෙනේ. සුවිශේෂියෙන් ම මහජන යහපත අරමුණු කොට විද්‍යුත් මාධ්‍ය ප‍්‍රවර්ධනය සාධාරණය හා කාර්යක්ෂමව ඉටු කිරීම පිණිස මහජන සේවා විද්‍යුත් මාධ්‍ය හා ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරියක් පිහිටු වීම වැනි කරුණු ඇතැම් රටවල ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවට ම ඇතුළත් කොට තිබේ. එහි ලා මූලික තර්කය වන්නේ රජය විසින් රට කරවිය යුතු ආකාරය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ස`දහන් වන බැවින් එ් කටයුත්ත නිසි ලෙස ඉටුවේ ද යන්න මහජනතාව වෙනුවෙන් ජන සංනිරීක්ෂණය කිරීමට නිදහස් ස්වාධීන බහුමාධ්‍ය අවශ්‍ය වීමයි.
ලංකාවේ ආණ්ඩුක‍්‍රම පිළිබඳව මෙතෙක් පැවති සාකච්ඡුා වලට යහපත් ආණ්ඩු ක‍්‍රමයට අවශ්‍ය ජනමාධ්‍ය ප‍්‍රවර්ධනය ගැන බරපතල සාකච්ඡුාවක් සිදුවී නැත. ජනමාධ්‍ය යනු නිදහස් වෙළඳපොළ යටතේ ආයෝජනය කරන හුදු ව්‍යාපාරික කටයුත්තක් ය, රජය සතු ජනමාධ්‍ය යනු ආණ්ඩුව කරවන අයගේ අභිමතය පරිදි කටයුතු කල හැකි ආයතනයක් ය වැනි අදහස් බොහෝ සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ මෙන් ම වාමාශික දේශපාලන පක්ෂ ද දරන බව පෙනේ. සිවිල් සමාජ සංවිධාන අතර ද ප‍්‍රජාතන්ත‍්‍රකරණය සදඟා ජනමාධ්‍ය ප‍්‍රවර්ධනය පිළිබඳ දැනුවත් සමාජ කතිකාවක් ඇතිවිය යුතු බවට බරපතල මතයක් නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවත්වා ගැනීම සම්බන්ධයෙන් තම කාර්යය නිසි ලෙස ඉටු කිරීමට වර්තමාන තත්ත්වය යටතේ ජනමාධ්‍ය අපොහොසත් වීම නිසා යහපත් ජනමාධ්‍ය ප‍්‍රවර්ධනයක් ස`දහා අවශ්‍ය කොන්දේසි සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ඇරඹීම තව දුරටත් අතපසු නොකළයුතු කටයුත්තකි.

බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල මාධ්‍ය නිදහස හේතු පාඨයක් පමණි. එහි සීමාවන් වඩාත් හකුලා ගන්නේ මාධ්‍ය විසින් ම ය. එයට හේතු ලෙස දැක්වෙන්නේ මාධ්‍ය පෞද්ගලික හිමිකාරීත්වයට යටත්වීම, ලාබ ලැබීම ප‍්‍රධාන අරමුණු වීම හා මාධ්‍ය විෂය පථය වෙළඳපොල පවත්නා අදෘශමාන හස්තයකින් පාලනය වීමයි. රාජ්‍ය පාලනයට මාධ්‍ය යටත් වීම සීමා සහිතව සිදුවේ. එය ප‍්‍රතිපත්ති හා නීිතිගත ක‍්‍රියාමාර්ගයන්ගෙන් පාලනය වන්නක් වේ.
වසර 100 පමණ කාලයක සිට වර්ධනය වී වර්තමානය වන විට ලොව පුරා රටවල් අතුරින් 180කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් වේ. ලොව ජනගහනයෙන් අඩකටත් වඩා මෙලෙස දියුණුවෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ජීවත් වේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මාධ්‍ය වෙන් කොට සාකච්ඡුා කල හැකි නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ව්‍යාප්ත කිරීමෙහි ලා මාධ්‍ය යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදය බෙදා හරින නාලිකාවන් වේ. එසේ ම මාධ්‍ය එ් වෙනුවට රඟපායි. නැතහොත් ක‍්‍රියාකාරී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ලෙස ද කටයුතු කරයි. වඩා වැදගත් වන්නේ මාධ්‍ය ප‍්‍රචාරණ යන්ත‍්‍රයක්ලෙස පවත්වා ගෙන යෑම නොවේ. මාධ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මණ්ඩපලෙසට ද පරිවර්තනය කිරීමයි. මේ සඳහා විධිමත් අවබෝධයක් ද වැඩ පිළිවෙලක් ද තිබිය යුතු ය.

රටක මාධ්‍ය  ඕපපාතිකව, මුල් නොමැතිව පැවතීම දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍ය සම්ප‍්‍රදායකට මඟ පාදන්නේ නැත. මාධ්‍ය තාක්ෂණයේ වැඞීම ආඩම්බරයක් ලෙසත්, ජනමාධ්‍ය කලාව වැදගත් රැුකියාවක් ය, යන මාන්නයත් මාධ්‍යකරුවාගේ කාර්යය දුබල කිරීමට හේතු වේ. සිහින ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් මාධ්‍ය මඟින් කියාපෑම බොහෝ විට දැකිය හැකි බවත්, රජය හා මාධ්‍ය අතර අන්තර් ක‍්‍රියාකාරී රජයේ හෝ ආණ්ඩුවේ ක‍්‍රියාකාරකම් වලට එලවා ගැසීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමනට මහඟු සහයක් ලෙසත් අර්ථ දැක්වීම සංවර්ධනය වෙමින් පවතින රටවල දැකිය හැකි ප‍්‍රධාන ලක්ෂණයකි. සන්නිවේදන රටාවක් ගොඩනැගෙන බවත්, විකල්ප ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමනකට ප‍්‍රමාණවත් නොවන බවත් හඳුනාගත යුතු ය.

බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල මාධ්‍ය නිදහස හේතු පාඨයක් පමණි. එහි සීමාවන් වඩාත් හකුලා ගන්නේ මාධ්‍ය විසින් ම ය. එයට හේතු ලෙස දැක්වෙන්නේ මාධ්‍ය පෞද්ගලික හිමිකාරීත්වයට යටත්වීම, ලාබ ලැබීම ප‍්‍රධාන අරමුණ වීම හා මාධ්‍ය විෂය පථය වෙළඳපොල පවත්නා අදෘශ්‍යමාන හස්තයකින් පාලනය වීමයි. රාජ්‍ය පාලනයට මාධ්‍ය යටත්වීම සීමා සහිතව සිදු වේ. එය ප‍්‍රතිපත්ති හා නීතිගත ක‍්‍රියාමාර්ගයන්ගෙන් පාලනය වන්නක් නොවේ. එ් එ් ආණ්ඩු සතු හැකියාවන් හා ඔවුනොවුන්ගේ සම්බන්ධතා මත මාධ්‍ය හැසිරීමේ සීමාවන් ද සකස් වේ. ශක්තිමත් මාධ්‍ය සංස්කෘතියක් සමඟ හැසිරීමේදී බොහෝ රාජ්‍ය එ් සඳහා පරිස්සම් වේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල පුද්ගලික නිදහස පිළිබඳ ගැටලූ පවතී. මාධ්‍ය මඟින් විවිධත්වයට වැඩි අගයක් ලබා දේ. සුළු ජන කොටස්වල අයිතිය සඳහා සටන් කෙරේ. මූලික ආර්ථික ශක්තිය හා සංස්කෘතික නිදහස ද එවැනි රටවල මාධ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ පවත්නා ගැටලූ වේ. ප‍්‍රකාශන නිදහස සමාජයට වගකිව යුතු ව්‍යවහාරයකි. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටවල මාධ්‍ය සමාජයට වග කියන්නේ නැත. එ් වෙනුවට ජන රැුවටීමප‍්‍රමුඛ ප‍්‍රයෝග ක‍්‍රියාවලියක යෙදෙන බව ප‍්‍රකට මතයකි. සමාජ සංතෘප්තියේදී නියාමනයන් අවශ්‍ය වේ. බොහෝ රටවල සංස්කෘතික සීමාවන් විසින් නියාමනය ඉල්ලා සිටී. එසේ නොවුවහොත් අහිතකර අත්දැකීම් සමාජයට එකතු වන බව ඔවුන්ගේ විශ්වාසයයි.

මාධ්‍යයේ සමාජ වගකීම පිළිබඳ දියුණු සාකච්ඡුාවන් ප‍්‍රජාතන්ත‍්‍රිය සමාජවල නැත. එ් වෙනුවට පවතින්නේ රාජ්‍ය නොවන සංවිධාන බටහිර බලවේගයන්ගේ වුවමනාවට අනුව කියවන මූලධර්මයන් ය. එ්වා බැලූ බැල්මට විකල්ප ස්වරූපයක් ගත්ත ද ගැඹුරින් සලකා බලන විට එවැනි දෑ සියල්ල ක‍්‍රියාකරන්නේ අදෘශ්‍යමාන ලෝක වුවමනාවන් වෙනුවෙන් මාධ්‍ය ක්‍ෂේත‍්‍රය උදෙසා ආචාර ධර්ම පද්ධති ඇති කිරිීම හා පුහුණු සමාජ වගකීම වෙනුවෙන් අවශ්‍ය වේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකට මාධ්‍ය මඟින් දැන්වීම්, නාට්‍ය හා ප‍්‍රවෘත්ති යනාදිය මගින් දැක්වෙන සාහසික අපචාරවලට විරුද්ධව කටයුතු කිරිමට ද සිදුවේ. රාජ්‍ය අංශයෙන් නිදහස් මාධ්‍ය අවකාශනයන් සැලසීම යනු රාජ්‍ය ක‍්‍රියාමාර්ගයන්ගෙන් මාධ්‍ය සංවර්ධනය බැහැර කොට තැකීම නොවේ. මාධ්‍ය සමාජය ඉහළ නැංවීම උදෙසා ජාතික මට්ටමේ ක‍්‍රියාකාරකම් පැවතිය යුතු ය. එහිදී වඩාත් වැදගත් ක්‍ෂේත‍්‍ර කිහිපයක් අපගේ අවධානයට හසුවේ.

මාධ්‍ය සංස්කෘතිය හා විවිධත්වය

රටක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමනක යෙදීමට නම් එ් රට සංස්කෘතීන් හා සංස්කෘතික විවිධත්වය මාධ්‍ය මඟින් ප‍්‍රකට කළ යුතු වේ. සංස්කෘතික සබැඳියාව බොහෝ ගැටුම් නිරාකරණය කිරීමට පදනම් වන බලවේගයකි. සංස්කෘතික ප‍්‍රබෝධය හා අවබෝධය ඇතිවන අන්තර් සංස්කෘතික වැඩසටහන්වලට මාධ්‍යවල ප‍්‍රමුඛ ලැබිය යුතු වේ.

මාධ්‍ය රාජ්‍ය පාලනය

මෙය විශේෂිත සංකල්පයකි. මාධ්‍ය හා රාජ්‍ය පාලනය අතර සම්බන්ධතාවයේ වැදගත්කම මෙමඟින් හෙළි වේ. මෙයින් අදහස් කෙරෙන්නේ රජයේ තේරීම්, විමර්ශනයන් හා වෙනස්කම් යන ක‍්‍රියාවලිය හා මාධ්‍ය අතර සහසම්බන්ධතාව සහතික කිරීමයි. එසේම පරිපාලනය ව්‍යවස්ථාදයකය හා අධිකරණය පිළිබඳ සහ සම්බන්ධතාවය සහතික කිරීම ද අවශ්‍ය වේ. මාධ්‍යයට අයත් වඩා වැදගත් ක‍්‍රියාවලියක් ලෙස මහජන ප‍්‍රතිපත්ති සම්පාදන ය උදෙසා රජයට සහය වීම හඳුනාගත යුතු ය.


මාධ්‍ය හා වෘත්තීයභාවය

මාධ්‍යකරුවාට විෂය හා ව්‍යවහාරික අධ්‍යාපනය පළමුව රජය විසින් ලබා දිය යුතු ය. දෙවනුව වෙනත් ආයතන හෝ රටවලින් ලබා ගත හැකි පරිසරයක් නිර්මාණය විය යුතු ය. නො එසේ නම් මාධ්‍ය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය රේල් පාරක පීලි දෙකක් බඳු වනු ඇත.
මාධ්‍යකරුවාගේ වෘත්තීයභාවය ශක්තිමත් කිරීම, පිළිගැනීම , අවශ්‍ය අධ්‍යාපනික වටිනාකම් තහවුරු කිරීම, එ් සඳහා අවශ්‍ය යටිතල හසුකම් හා අධ්‍යාපනික පහසුකම් සැලසීම මෙහීදි වැදගත් වේ. එ් හැරුණු කොට මාධ්‍ය ප‍්‍රතිපත්ති, මාධ්‍ය නියාමනය හා මාධ්‍ය ක‍්‍රමවේද වෘත්තීමය ලෙස ශක්තිමත් කළ යුතු ය. විශේෂයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවර්ධනය උදෙසා මාධ්‍ය විමර්ශන එ්කක විධිමත් කිරීම ද අත්‍යවශ්‍ය කරුණකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා මාධ්‍ය භාවිතය සම්බන්ධ විශ්ව ආකෘතියක් නැත. එ් එ් රටවලට හා අවශ්‍යතාවයට අනුව ආකෘති සකස් කර ගත යුතුය. මහජන සේවාවිකාශන යන මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ දියුණු සංකල්ප භාවිතයට ගෙන එ්ම සඳහාත් එ්වා දේශීිියව ගලපා ගැනීම සඳහාත් රජය මැදිහත් වීම අවශ්‍ය ය. එසේ නොවන තැන සිදුවන්නේ මහජන සේවා විකාශන ලෙස පෙනී සිට රාජ්‍ය මාධ්‍ය දුර්වල වීමත්, පෞද්ගලික මාධ්‍ය මහජන සංවාදය අතරට යාමත් ය.

ගැටුම් ඇති කරන, වගකීමෙන් තොර මාධ්‍ය නිරතුරුව ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයකි. රටක මාධ්‍ය බහුල වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යෑමට ඇති දුර අඩු කරන බව හැඟුණ ද නොදියුණු ප‍්‍රකෝපකාරී මාධ්‍ය සමූහයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමනට බාධකයක් වේ. වඩා වැදගත් වන්නේ මාධ්‍ය ක්‍ෂේත‍්‍රය ප‍්‍රජාතන්ත‍්‍රීය අවබෝධය ප‍්‍රවර්ධනය කිරීමයි. දුර්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන මාධ්‍ය ස්වාධීනභාවයට තර්ජනය කරන්නා සේම දුර්වල මාධ්‍ය ආයතන ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අකුල් හෙලනු ඇත. නවීන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් මාධ්‍ය සහයෙන් තොරව ගොඩනැගිය නොහැකි ය. රටක පුළුල් මාධ්‍ය සම්බන්ධතා තිබිය යුතු ය. නවීන මාධ්‍ය සමඟ සම්බන්ධ වීමේ ඇති ඉඩකඩ පුළුල් කළ යුතු ය. මහජනයාට අත්‍යවශ්‍ය තොරතුරු මාධ්‍ය මඟින් ලබාදිය යුතු ය. පුද්ගලික මාධ්‍ය සංවේදනවාදී වාර්තාකරණයට මුල් තැනක් දෙන බැවින් තරඟකාරී තොරතුරු වලට වඩා අත්‍යවශ්‍ය තොරතුරු කෙරෙහි මහජන අවබෝධය ඇති කිරීමට රජයේ හා අධ්‍යාපනික ක්‍ෂේත‍්‍රයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. රජය, මහජනයා හා මාධ්‍ය යන ත‍්‍රිකෝණය විධිමත්ව හඳුනාගෙන එයට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගත යුතුවේ. අනාගතයේ දී අප මුහුණ දෙන නූතන සන්නිවේදන තාක්ෂණය ඵලදාායි ලෙස භාවිතා කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් උනන්දු විය යුතු ය. බොහෝ විට ජනයා ද්වී මාර්ගික සන්නිවේදනය ප‍්‍රිය කරයි. එනම් තමා කියන දේට ඍජුව පිළිතුරු ලබා ගැනීම පොදු මහජනයාගේ අපේක්ෂාව වන බැවින් එ් සඳහා නූතන තාක්ෂණය මහත් සේ උපකාරී වේ. අනාගතයේදී ඊ- ප‍්‍රජාතන්ත‍්‍රවාදය අප සමාජය මුහණ දෙන ප‍්‍රධාන අභියෝගයයි. ඊ - ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්නිවේදනය නිසි ලෙස සහුරුවා ගැනීම රටක ප‍්‍රධාන වගකීමක් වේ. තාක්ෂණය අතින් විශාල මාධ්‍ය ප‍්‍රගතියක් වත්මනනෙහි දක්නට ඇත. එහෙත් මාධ්‍ය සංස්කෘතිය සම්බන්ධයෙන් නම් එසේ කිව නොහැක. ගෝලීය ධනේෂ්වර ක‍්‍රමය යටතේ පවතින ආර්ථක අවපාතයේ සන්දර්භය තුළ, විශේෂයෙන් ම ඌණ සංවර්ධිත රටවල් සම්බන්ධයෙන් බලන විට,මාධ්‍ය සංස්කෘතිය වශයෙන් හැඳින්වෙන ලක්ෂණය අතින් පසුබෑමක් දක්නට ලැබේ. එවැනි ප‍්‍රපංචයක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව කැපී පෙනෙන හා සංකීර්ණ නිදර්ශනයක් සපයයි. මෙම කරුණ තව තවත් අවුල් සහගත කරනු ලබන්නේ දේශපාලනමය, එසේ නැතහොත් අඩු වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූලමය තතත්වය අතින් ශ‍්‍රි ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වශයෙන් හඳුන්වනු ලැබීමයි. මාධ්‍ය සංස්කෘතියේ විශිෂ්ටතම සලකුණ වන මාධ්‍ය නිදහස අතින් වෙසෙසින් බලන විට මෙම අවුල් සහගත දෙපිටකාට්ටුකම ගැන හැදෑරීමට ඉවහල් වන අවස්ථාවක් ශ‍්‍රී ලංකාව සපයයි. හුදු වදන් ම`ගින් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ මාධ්‍ය නිදහස සුරැුකේ. මාධ්‍ය නිදහසට පදනම සපයන අයිතියක් වන රජයන් හා දේශපාලන පක්ෂ, එ්වායේ ප‍්‍රතිපත්ති හා වැඩ පිළිවෙලවල් වෙත සහයෝගය දැක්වීමට සහ විවේචනය කිරීමට ඇති අයිතිය ශ‍්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවා පිළිගෙන තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැුකීමේ හා ආඥදායකත්වය කරා තල්ලූවී යැමේ හැකියාවෙන් මුදවාලන වැදගත් මෙවලමක්ලෙස මාධ්‍ය නිදහස පිළිගැනිමේ තත්තවයකට විධායක බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ දරන ශ‍්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ද 2005 වසරේ පැවති එක්සත් ජාතීින්ගේ ආර්ථික විද්‍යාත්මක හා සංස්කෘතික (යුනෙස්කෝ* සංවිධානයේ ලෝක මාධ්‍ය නිදහස් දින ත්‍යාග පිරිනැමීමේ උළෙලේ දී එළඹ ඇත. එහෙත් ඇත්ත වශයෙන් ශ‍්‍රී ලාංකීය ජනතාවට මාධ්‍ය නිදහස මිථ්‍යාවක් හා ප‍්‍රලාපයක් වී තිබේ. මෙම අවදානම් තත්ත්වය ගැන පසුබසින යුක්තිය ශ‍්‍රී ලංකාවේ නීති වෘත්තිය හා නීතියේ ආධිපත්‍යය නම් වූ වාර්තාවක් 2009 මැයි මාසයේ දී ජ්‍යාත්‍යන්තර නීති සංගමයේ මානව හිමිකම් (ජානිසමාහි* ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. ප‍්‍රමාණය ඉක්මවා යන රජයේ පාලනය හා ඇඟිලි ගැසීිම නිසා ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය තුළ සිංහල, දෙමළ, හා ඉංග‍්‍රිසි, භාෂාමය මාධ්‍යවේදීන්ට සංවේදී ප‍්‍රශ්න සම්බන්ධයෙන් විරුද්ධ මත ප‍්‍රකාශ කිරීමට ඇති ඉඩකඩ ඉතා අඩු යැයියි එම ජානිසමාහි ආයතනයේ වාර්තාවෙහි ස`දහන් වේ. එල්ටීටීඊය සමඟ සන්නද්ධ ගැටුමට අදාළ ප‍්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුව දරණ අදහසට අනුකූලතාව සහතික කරගනු පිණිස බලපෑම් කිරීම සඳහා ජනාධිපතිවරයා සියලූම මාධ්‍ය ආයතනවල කතුවරයන් හා අයිතිකරුවන් සමග මාසික රැුස්වීම් පවත්වන බව වාර්තා වන්නේ යැයිද එහි සඳහන් ව ඇත. දැන් එල්ටීටීඊය යුදමය අතින් යටපත් කිරීමේ කාර්යය ඉටු කර ඇති බැවින් එම සාකච්ඡුා රජය විසින් සම්පාදනය කරනු ලබන වැඩපිළිවෙළ යටතේ හුදෙක් ජාතිය යළි ගොඩනැගීමටඅදාළ වූවක් පමණක් විය හැකිය. මෙම සන්දර්භය තුළ ස්වයං වාරණය නිසැකයෙන් ම එහිදී ප‍්‍රධාන කාර්යයක් ඉටු කරනු ඇත. බලෙන් පවරනු ලැබූ ස්වයං වාරණයක මුවාවෙන් තමන් එකඟ නොවන්නා වූ දෑ වාරණය කිරීමට ද මාධ්‍ය ආයතන වලට මෙයින් අවකාශය ලැබේ. මාධ්‍යවේදීන් පිළිබඳ නොවිසිඳුණු මිනීමැරුම්, පැහැරගෙන යෑම්, සිර අඩස්සියේ රඳවා තැබීම් ගැන ද ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එරෙහි වූ වෙනත් කරුණු වශයෙන් මෙකී ජනසමාහි ආයතන වාර්තාවේ දක්වා ඇත. ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ පවා නිදහස් ප‍්‍රකාශනයට එරෙහිවූ සම්බාධක ඇතැයි සඳහන් කරන එම වාර්තාව ප‍්‍රකාශන නිදහස අනිසි ලෙස පාලනය කෙරෙන ප‍්‍රතිපාදනයක් හැටියට ව්‍යවස්ථාව අංක 15 (2* පෙන්වා දෙයි. මෙම සඳහන් කර ඇත්තේ වාර්ගීය හා ආගමික සාමයේ  ඕනෑ එපාකම් හෝ පාර්ලිමේන්තු වරප‍්‍රසාද, අධිකරණයට අපහාස කිරීම්, අපකීර්තියට ලක්කිරීම්, හෝ පුද්ගලයන් වරදට පෙළඹවීම් සම්බන්ධයෙන් එහි පනවා ඇති සීමාවක් පිළිබඳව ය. ඉහත සඳහන්  ඕනෑ එපාකම් වෙනුවෙන් යැයි හුවා දක්වමින් පැනවිය හැකි හෝ නිකුත් කල හැකි නීති මෙන් ම රෙගුලාසි ද මේ සීමා කිරීම්වලට ඇතුළත් වේ. ජානිසමාහි වාර්තාව පෙන්වා දෙන අන්දමට ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා අංක 16 යෙන් ද, මාධ්‍ය නිදහසට තවදුරටත් සීමාවන් පැනවෙන අතර, එම ප‍්‍රතිපාදනයේ සඳහන් වන්නේ මූලික අයිතිවසිකම් අනුකූල නොවීමක් තිබුණ ද පවතින නීතිවල වලංගුභාවය පවත්වාගෙන යාමයි.මෙම සීමාවන් ජ්‍යාත්‍යන්තර නීතිය යටතේ තිබිය හැකි සීමාවන් අභිබවා යාමක් බැලූ බැල්මට පෙන්වතැයි එම වාර්තාව විමතිය පළ කරයි.

මාසික පදනමක් මත පුරුද්දක් වශයෙන් ශ‍්‍රි ලංකවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන තත්කාලීන හදිසි අවස්ථා රෙගුලාසිවල ප‍්‍රතිපාදනයනට ද එම වාර්තාව අවධානය යොමු කරයි. ජාත්‍යන්තර ජුරි සභිකයන්ගේ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති, ශ‍්‍රී ලංකාව උපදේශ පත‍්‍රිකාව - හදිසි අවස්ථා නීතිය හා ජ්‍යාත්්‍යන්තර ප‍්‍රමිතීන් නම් වූ 2009 පෙබරවාරි වාර්තාවෙහි ද මෙම ප‍්‍රතිපාදන විවේචනයට ලක් කර ඇත. එ්වා අනවශ්‍ය ලෙස පුළුල් හා අපහැදිලි වන බවත්, එ්වායින් ස්වයං වාරණයට පූර්ව කොන්දේසි පැනවෙන අතර ප‍්‍රකාශන නිදහස කෙරෙහි ලොමු ඩැහැ ගන්වන බලපෑමක් ඇතිවන බවත් එම වාර්තාවේ ස`දහන් වේ. ජානිසමාහි වාර්තාව ප‍්‍රකාශයට පත්කරනු ලැබීමෙන් පසු මේ සම්බන්ධයෙන් තවත් වැදගත් වෙනසක් සිදුවී ඇත. එනම් හදිසි අවස්ථා රෙගුලාසි යටතේ පමණක් ක‍්‍රියාත්මක වුණු නිලය හා එහි කාර්යයන් ජුනි 25 පාර්ලිමේන්තුවේ දී සම්මත වූ ආරක්ෂක කාර්ය මණ්ඩල පනත යටතේ රටේ සාමාන්‍ය නීතිය බවට පත්වීමයි. මෙම වෙනස්වීම නිසා මිලිටේරිය හා ප‍්‍රජාතාන්ත‍්‍රික රාජ්‍යය එ්කාබද්ධ වීමෙන් අවසානයේ දී දෙවැන්න තල්ලූ වී යාවි ද යන්න මාධ්‍යයයන් විසිනුත්, එ් අනුව, ජනතාව විසිනුත් බරපතල ලෙස සලකා බැලිය යුතු ප‍්‍රශ්නයකි. ආඥදායකත්වය නිතරම යම් ආකාරයක මිලිටේරිවාදයක් සමඟ එ්කාබද්ධ වන අතර එය අනෙක් අතට ද සිදු වේ. එවැනි ප‍්‍රවණතාවෙන් නිරන්තරයෙන් ම මාධ්‍ය නිදහසට එරෙහි වන්නේ ය. එබැවින් එවැනි හැම ප‍්‍රවණතාවයක් ම නිදහස්ව හා ගැඹුරින් මාධ්‍යයන් ම`ගින් සාකච්ඡුාවට භාජනය කළ යුතු වේ. එසේ සිදු වන්නේ එවැනි ප‍්‍රවණතාවක් විසින් ප‍්‍රථම කොට සුන්කර දැමීමට එළඹෙන්නෙ මාධ්‍ය නිදහස වන බැවිනි. මාධ්‍ය නිදහසට ප‍්‍රතිවිරුද්ධව රජය මෑත අතීතයේ සුන්බුන් අතරින් ගොඩනැගීමට යෙදුණු නවතම අවිය පුවත්පත් මණ්ඩල නීතියයි. මෙම නීිතිය අවලංගු කරන්නැයි පාර්ලිමේන්තුවේ විපක්ෂනායක විසින් නිවැරදි ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිමින් එකී නීතියේ ප‍්‍රතිපාදනය යටතේ පුවත්පත් මණ්ඩලය අධිකරණය ඇතුළු කිසිවෙකුටත් ප‍්‍රශ්න කළ නොහැකි ආයතනයක් වන බවට චෝදනා කළේ ය. කෙසේ වුවත් ජනතාවට එවැනි ආයතන ගැන ප‍්‍රශ්න කළ හැකි ය. ආඥදායකත්වයේ කුණු බාල්දියට මාධ්‍ය නිදහස දැමීමේ මෙම නවතම පියවර පරාජයට පත් කිරීම සඳහා සඳහා මාධ්‍යයන් එ් පිළිබඳව නිදහස් ලෙස අදහස් ප‍්‍රකාශ කිරීමට ජනතාවට ඉඩදිය යුතු ය. මේ අතර ජානිසමාහි ආයතනය රජයට අයත් මාධ්‍යයන් පිළිබඳව තම 2001 වාර්තාවේ සඳහන් කර ඇත. එමඟින් කර තිබෙන යෝජනාව වන්නේ මාධ්‍ය පිළිබඳ රාජ්‍ය අයිතියෙන් මිදීමට රජය පියවර ගත යුතු බව ය. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් පුළුල් ලෙස රජය සතු වුණු ක‍්‍රමයක් පැවතීම නිසැකයෙන් ම මාධ්‍ය මර්දනයට තුඩු දෙයි. විශේෂයෙන් එම අංශයට පරිබාහිරව රාජ්‍ය මාධ්‍ය මර්දනයක් ද පවතින විට රාජ්‍ය මාධ්‍ය අංශයේ බොරු හා එක්පැත්තක් පමණක් පෙන්වන මත අභියෝගයට ලක් කළ නොහැක.

කෙසේ වුවත් පුද්ගලික මාධ්‍ය අංශය පටු  ඕනෑ එපාකම් නොතකා මාධ්‍ය නිදහස වෙනුවෙන් නැගී සිටින්නේ නම්, හුදෙක් රාජ්‍ය සන්තක මාධ්‍ය ක‍්‍රමයට මාධ්‍ය නිදහස යටපත් කළ නොහැක. මාධ්‍ය නිදහස වනාහි සිතීමේ නිදහස පවා රඳා පවතින්නා වූ පුළුල් ප‍්‍රකාශන නිදහසේ ම කොටසක් පමණකි. අවසානයේ දී සත්‍ය රඳා පවතින්නේ දණ්ඩනයට ලක්වීමේ භීතියෙන් තොරව සිතීමට හා අදහස් ප‍්‍රකාශ කිරීමට කෙනෙකුට ඇති නිදහස මතයි. මාධ්‍යය යනු වෙඩි උණ්ඩයට වඩා බෙහෙවින් ප‍්‍රබල වූ ආයුධයක් වන අතර එය සිතීමේ හා නිදහස් ලෙස අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සුරකින්නක් විය යුතු ය. වෙනත් වචන වලින් කියතොත් මාධ්‍ය හා පීඩනයට එරෙහිව නොනවතින අරගලයෙහි අවියක් විය යුතු ය. එය අත්‍යන්තයෙන් ම එඩිතර වූ ද, අවංක වූ ද, එමෙන් ම ආත්ම පරිත්‍යාගශීලි වූ ද නිරන්තර අරගලයක් විය යුතු වන්නේ ය. විශේෂයෙන් ම, ජනතාවගේ අයිතීන් සුරැුකීමේ අවංක දේශපාලන බලවේගයක් නොමැති වූ කල්හි මාධ්‍ය නිදහස සුගකීමේ වගකීම මාධ්‍යයන් මත ම පැවරේ. එම මාවතට යොමුවූ පළමු පියවර වන්නේ  ඕනෑම කරුණක් සම්බන්ධයෙන් තම ස්වාධින අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට ඉඩ ලබාදෙනු පිණිස පුද්ගලික අංශයේ මුද්‍රිත මාධ්‍යයන්ගේ තීරු හා නාලිකා විවෘත කිරීමයි. වර්තමානයේ දේශපාලන තත්ත්වය යටතේ මාධ්‍ය නිදහස ජනතාවට භුක්ති වි`දීමට ඇති වෙන්කළ නොහැකි හා ආවේණික වූ නිදහස් පිළිබඳ මූලික එකක් විය යුතු වන්නේ ය. මාධ්‍ය නිදහසින් තොරව යටත් පිරිසෙයින් දැන් අවතැන් වූ මනුෂ්‍යයන් බවට පත්ව සිටින උතුරු - නැගෙනහිර දෙමළ කථාකරන බහුතර ජනතාවගේ ඉතාමත් බරපතල වූ ද ව්‍යාකූල වූ ද දේශපාලන ප‍්‍රශ්නයටවත් තාවකාලික හෝ විසඳුමක් ලබා ගත හැකි යැයි සිතීම පවා අසීරු ය. මෙම ප‍්‍රශ්නය නොවිසඳා වර්තමාන ඓතිහාසික සන්ධිස්ථානයේ දී අප සමස්ත ජනතාවගේ කිසිම දේශපාලන, ආර්ථික, සමාජයීය හෝ සංස්කෘතික ප‍්‍රශ්නයකට විසඳුමක් ලබාගත හැකි ම`ගක් නොමැත. එබැවින් අඩු වශයෙන් ම එම හේතුව නිසාවෙන්වත්, මේ රටේ මෑත ඉතිහාසයේදී අප දැනටමත් මුහුණපා ඇති සියල්ලන්ට ම වඩා දරුණු වූ ව්‍යවසනයකින් බේරිමට නම්, ආරම්භයක් වශයෙන්, මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ පූර්ණ ප‍්‍රකාශන නිදහසට ඉඩදෙන ලෙස ආණ්ඩුවට කියා සිටිය යුතු ය. මෙම කරුණ සම්බන්ධයෙන් පුද්ගලික මාධ්‍යයන් විසින් ධනාත්මක කාර්යභාරයක් නිසැකයෙන්ම ඉටු කළ යුතුව ඇත. සිවිල් හා දේශපාලන අයිතිීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ 19 වන ව්‍යවස්ථාවේ දැක්වෙන වාග් මාලාව භාවිතා කරතොත්, සෑම ආකාරයේම තෙරතුරු හා මත ලබා ගැනීමේ ජනතා අරගලයේ ම කොටසක් ලෙස සලකා පුද්ගලික මාධ්‍යයන් මෙයට ඉඩ දිය යුතු වන්නේ ය. වෙනත් වචන වලින් කියතොත් මෙය දෙපැත්තට ම ගමන් කළ හැකි මාර්ගයකි. කෙසේ වුවත්, මෙය ආරම්භ කළ යුතුව ඇත්තේ පුද්ගලික මාධ්‍යයන් විසිනි. ඊට නිසැකයෙන් ම ලැබෙන ජනතා සහයෝගයත් සමඟ මෙවන් ව්‍යාපාරයක ගැම්ම වැඩිවෙත් ම රජය පසුබසිනු ඇත.

1 comment:

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...