Sunday 24 June 2018


පුවත්පතක් යනු?
                                                  



වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දැක්වෙන්නේ ප‍්‍රවෘත්ති ඇතුළත් අත් පත‍්‍රිකා පුවත්පතක් බවයි. මුද්‍රණ ශිල්පය විසින් ලොවට දායාද කර දුන් වටිනා ම මාධ්‍යයක් ලෙස පුවත් පත් සැලකිය හැකිය. එසේ ම එය ජනමාධ්‍යයක් ලෙස ද සැලකේ. ලෝකයේ මුල් ම පුවත්පත් බිහි වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ය. එයට හේතුව නම් කොලොම්බස් විසින් නව ලෝකයක් සොයා ගැනීමෙන් පසු එහි වාසයට ගිය විවිධ ජාතීන්ට, එම විශාල භූමිය තුළ සිදු වන්නේ මොනවාදැයි දැන ගැනීමට බලවත් වුවමනාවක් ඇති වීමයි. ඒ වුවමනාව සංසිඳවන ලද්දේ පුවත්පත් විසිනි.


ඒ ආකාරයෙන් ම අදටත් පුවත්පත් ලොව පුරා ජනයාගේ ප‍්‍රවෘත්ති දැන ගැනීමේ පිපාසය සංසිඳවනු ලැබේ. ගුවන් විදුලිය විසින් ප‍්‍රවෘත්ති ඉක්මනින් ඉදිරිපත් කළත්, රූපවාහිනිය විසින් එම ප‍්‍රවෘත්ති වලට අදාළ දර්ශන සජීවී ව පවා ඉදිරිපත් කළත්, පුවත්පත් කියවීමට ජනයා තුළ ඇති ආසාව අඩු වී නැත.


පුවත්පතක් යනු කුමක්දැයි අර්ථකථනය කළහොත්, එය විවිධ ප‍්‍රවෘත්ති හා විශේෂාංග ආදිය ද දැන්වීම් ද හැකි ඉක්මනින් ජනයා වෙත ඉදිරිපත් කරනු ලබන මුද්‍රිත මාධ්‍යයකි.
එහි තාක්ෂණික උපක‍්‍රම සියල්ල මුද්‍රණ ශිල්පය සමග බැඳී පවතී. ලොකු අකුරු මුද්‍රණය කිරීම, වර්ණ යෙදීම, ඡුායාරූප යෙදීම, කාටුන් ඉදිරිපත් කිරීම, තීරු ලිපි, විශේෂාංග, සංවේදී ලෙස ලිවීම ආදිය පුවත්පතක අන්තර්ගතයේ දැකිය හැකි ලක්ෂණයයි.


පුවත්පත්වල ජීවිත කාලය සාමාන්‍යයෙන් ඉතා කෙටි ය. මෙයට උදාහරණ වශයෙන් දැක්විය හැක්කේ බටහිර දියුණු රටවල පුවත්පත් කියවීමේ චර්යාවයි. උමං දුම්රිය ස්ථනවල දී පුවත්පත් මිලදී ගන්නා ජනයා තම ගමනාන්තයේ දී දුම්රියෙන් බැස යන්නේ තමා කියවා හමාර කල පුවත්පත, කියවූ පුවත්පත් දැමීමට ඇති බහාලූම්වලට දැමීමෙනි. උදයේ ම ලැබෙන පුවත්පතක වටිනාකම දහවල් වන විට නැති වේ. එයට හේතුව ප‍්‍රවෘත්ති අලූත් වීමයි. මේ නිසා පුවත්පත් මුද්‍රණය කරන්නේ ඉතා බාල කඩදාසිවල ය. ඒ සඳහා ම පුවත්පත් කඩදාසි වෙන ම නිෂ්පාදනය කෙරේ.

No comments:

Post a Comment

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...