Sunday, 8 July 2018



ඍතුසංහාරය


ඛණ්ඩ කාව්‍යයක් හෙවත් කෙටි කාව්‍යයක් ලෙසට සැලකෙන මෙය, කාලිදාසයන් විසින් රචනා කරන ලද්දක් යැයි නොපිළිගන්නේ මෙතුළ ඇති නොපැසුණු බව නිසාවෙනි. ඒ සදහා තර්ක 3ක් ද ඉදිරිපත් වේ.

කාලිදාසයන්ගේ සෙසු කෘතීන් වල දක්නට ලැබෙන දියුණු රචනා ශෛලිය හෝ සදාචාරාත්මක හැ`ගීම් මේ කෘතියෙහි නොතිබීම.

කාලිදාසයන්ගේ සෙසු කෘතීන් 6 ට ම මල්ලිනාථ නම් ව්‍යඛ්‍යනකරු, ව්‍යාඛ්‍යානයක් සපයා ඇතත්, ඍතුසංහාරයට එවන්නක් නොමැති වීම.

අලංකාරිකයන් මේ රචනයෙන් කිසිම පද්‍යයක් හෝ වාක්‍යයක් නිදසුන් ලෙස උපුටා ගෙන නොමැති වීම

කවියෙකුගේ ප‍්‍රථම රචනයක් වශයෙන් ඍතුසංහාරය පරීක්ෂාකර බලන විට එහි දැක්වෙන නොදියුණු ශෛලිය ද කාව්‍ය රචනයට පළමුවරට යොමු වූ තරුණ කවියෙක් පේ‍්‍රමය ගැන පළ කරන අදහස් එතරම් සදාචාරාත්මක නොවීම ද යනාදිය අපේක්ෂා කළ යුතු ය.

මෙම කාව්‍ය සරල සුගම බසකින් රචනා කරන ලද හෙයින් මල්ලිනාථයන් මේ ස`දහා අමුතුවෙන් ව්‍යාඛ්‍යානයක් සැපයීම අනවශ්‍ය යැයි සිතන්නට ඇත. අලංකාරිකයන් මෙයින් නිදසුන් සපයා නොගන්නේ සෙසු කෘතීන් සය (6 ) තුළින් ම ඒ සදහා අවශ්‍ය කාරණා අප‍්‍රමාණ ව ගොනු කරගෙන ඇති නිසාවෙන් යැයි ද සිතිය හැක.

එහෙයින් කාලිදාසයන්ගේ ඍතුසංහාරය පිළිබඳ කරුණු විමසීමේ දී රචනය පිළිබ`ද එතරම් පුළුල් ශඛ්‍යතාවයක් නොතිබුණු සමයේ දී රචිත මුල් ම කෘතිය ලෙස සැලකීම සාධාරණ ය.

කාලිදාසයන් ස්වභාව ධර්මය හා ලෝකය දෙස බලමින් සිතට න`ගාගත් ශෘංගාරාත්මක හැ`ගීම් පළ කරන පළමු රචනය මෙය වේ.

ඍතු 6 ක ලක්ෂණයන් වර්ණනාවට භාජනය වන බැවින් ඍතුසංහාරය යන නම යෙදේ.
මෙහිදී කාලිදාසයන් වර්ෂයේ පළමු ඍතුව ලෙස ගැනෙන වසන්ත ඍතුවෙන් වර්ණනාව නොඅරඹා, ග‍්‍රීෂ්ම ඍතුව විස්තර කරයි. මෙය ඔහුගේ අපූර්ව රචනා ශෛලියේ මූලාරම්භයේ පහළ වූ සුවිශේෂිතාවක් ලෙසට ද දැක්විය හැකි ය.

මෙම ග‍්‍රීෂ්ම ඍතු වර්ණනයේ දී පෙම්වතෙක් පෙම්වතියට අමතන ආකාරය පද්‍ය යොදා ඇති අතර එම ඍතුවේ ඇති තියුණුකම සෑම පද්‍යයකින් ම මතු කරයි. කාමාශාව විරල වූ ඍතුවක් ලෙස කාලිදාසයන් ග‍්‍රීෂ්ම ඍතුව පෙන්ව දී ඇත.

අව්වට, රශ්මියට, ග‍්‍රීෂ්මයට මිනිසුන්ගේ ක‍්‍රියාකාරකම් මෙන් ම චින්තනය ද කලබලකාරී ලෙස හැසිරෙන බව, අධික රශ්මිය නිසා මිනිසා දැඩි සේ වෙහෙසට පත්වන බවත්, කාලිදාසයන් සිය අත්දැකීම් ඔස්සේ පේ‍්‍රමනීය, සෞම්‍ය සිතුවිලි ඇතිනොවීම කෙරෙහි පරිසරයේ ඇති කඨෝර බව සෘජුවම බලපාන බවද සිය අත්දැකීම් තුළින් ගම්‍ය කරගෙන තිබෙන්නට ඇත.

දෙවන සෘතුව වර්ෂා සමය පිළිබ`ද විස්තර කරයි. මෙහිදී සම්භෝග හා විප‍්‍රලම්භ නම් දෙවැදෑරුම් ශෘංගාර රසය දැනවීමට ගර්ජනා, විදුලිය, මොනර නැටුම්, දිය ඇලි, ගංගා, ආදිය විෂය කරගෙන තිබේ.

සාමාන්‍ය ජීවිතයේ දී ඇතැමෙක් වැස්සට අතිශය ප‍්‍රිය කරන අතර තවකෙකුට එහි එසේ නොවේ. කාලිදාසයන් ද මෙකී කාරණාව මනාව පසක් කරගත් බව ද දක්වමින් වැස්ස පේ‍්‍රමය කැ`දවන බව මෙන් ම පේ‍්‍රමයෙන් දුරස්ථ වීමට ද වැස්ස හේතුවන බව පෙන්වා දී තිබේ.

සරත් සෘතුව තුළ වර්ෂාව නිමවී අලූත් කුළු වලින් සැරසී සිටින ගස්වැල් ද, වර්ණවත් පුෂ්ප සමූහයන් ද දකින පෙම්වතුන්, ස්ත‍්‍රීන්ගේ රූ සපුවට සමාන වූ ඒ ඒ ලක්ෂණ ගැන සිතමින් කැළඹේ.

හේමන්ත සෘතුව තුළ කාම රසයෙන් වස`ගව සෑමදෙනාම කල්ගත කරන අන්දම දක්වා ඇත.

සිසර සෘතුවේ කාමාශාව වඩා වර්ධනය වන අයුරු දක්වන කාලිදාසයන් හය වන සෘතුව ලෙස වසන්ත සෘතුව පිළිබඳ දක්වයි.

මෙහිදී සචේතනික ලෝකය පමණක් නොව, අචේතනික වස්තූන්ද කාමයට වසඟ වේ. අනංගයාගේ පැමිධෑම මෙන්ම ස්වාභාවික වර්ණනාවන් තුළින් කවියා සිය කවීත්වයේ ඇති පුළුල් බව ප‍්‍රකට කරයි.

1 comment:

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...