Friday 13 July 2018



අරමුණ





ජීවිතයයන්න මේ යැයි නිශ්චිතව ම කිව හැකි කිසිවෙක් මෙතෙක් පහළ වී නොමැත. පහල වන්නේ ද නැත.

ජීවිතය යනු, අනන්තය වැනි, ඉමක් - කොනක් නොපෙනෙන විසල් නොව, සුවිසල් වචනයකි. එය එක් එක් පුද්ගලයා ට තම තම රුචිකර ලෙස, නැණ පමණින් අර්ථ ගැන්විය හැකි නිදහස් වචනයකි. කවදා හිමි වී, කෙලෙසක අහිමි වී යාදෝ හෝ යි නොදත් යමක් ඇත් ද ඒ ජීවිතයයි. ගෙවෙන ගෙවෙන තත්පරයක් පාසා ම, ගතවන විනාඩියක් විනාඩියක් පාසා ම ජීවිතය ගෙවී යන බවත්, මරණය සමීප වන බවත් දනිමු. එහෙත්, ”ජීවිතයයන්න කුමක්දැ යි කියා නිශ්චිතව ම කිසිවෙකුත් නොදනී.

කාලය යන සම්මතය තුළ ජීවිතය යන බහු අර්ථීය පදය අතිශය උද්වේගකර ය. ජීවිතය යනු, කාලය සම`ග කරන්නාවූ අරගලයකි. එකී අරගලය තුළ සියල්ලන්ට ම අරමුණු , අභිප‍්‍රායන්, ආශාවන්, සිහින නම් අනන්ත ය. ප‍්‍රශ්න, බාධක, දුක්, කම්කටොළු, වේදනාවන් ද එතරම් ම අසීමිත ය. ජීවිතය යනු තමා සතු අරමුණු, අභිලාශයන්, සිහින - සඵල කරගනු වස් විසල් වූ දුක් කම්කටොළු , බාධක අභිබවමින් සාර්ථකත්වය ළ`ගා කරවා ගැනීමට දරන්නා වූ බල සම්පන්න විප්ලවයකැ යි සිතේ.

ජායාරූපයේ පෙනෙන අන්දම ට මෙහි ඇති පුද්ගලයා රූපයේ අරමුණු සාක්ක්‍ෂාත් කරලීමට මහත් වූ ආශිර්වාදයක් වී ඇතැයි සිතේ. අවට වූ සියළු ම මහා වෘක්ෂ ලතාවෝ අහස දෙසට එක සීරුවට ඉහළට ඇදීගොස් ඇත. එතුළින් මානව ජීවිතය තුළ ඇති අසීමාන්තික බලාපොරොත්තු, ආශාවන්, අවශ්‍යතාවයන්, සිහින, අරමුණු වල බහුලත්වය දිස් වේ.

එමෙන් ම රූපයේ ඉහළ කෙළවර හා පසුපස පෙදෙස තුළ මීදුම් සහිත බියකරු ස්වභාවයක් ඇති අතර එතුළින් මිනිස් අරමුණු වල විෂමත්වය හා ඒවා සාපල්‍ය කර ගැනීමේ අසීරුව පෙන්නුම් කරයි. එමෙන් ම ඡුායාරූපය තූළ කිසියම් ප‍්‍රාණවත්, මඳ ආලෝකයක් ගැබ් වී තිබීමත්, අහස දෙසට විහිදී ගිය වෘක්ෂයන් හි ඉහළම කොටස් මනා ලෙස දර්ශනය නොවීමත් එම ශාක වල ඉහළ කොටස තුළ ආලෝකය වැඩි ගතියක් තිබීමත් තුළින් විද්‍යාමාන වන්නේ මිනිස් අරමුණු, අභිලාෂයන් වල චංචල භාවයත්, එහි ඉක්මන් වෙනස්වීම් ස්වභාවයත්, අරමුණු වල ඇති විශාලත්වයත්, ඒවා සඵල කරගැනීම තුළ ජීවිතයේ ඉහළට ම ගොස් ආලෝකය තම ජීවිත වලට ද උදා වන බවත්, එහි සාර්ථකත්වය අත්පත් කරගත්තවුන්, සමාජය තුළ මහා ඉහළින් බැබළෙමින්, පහළ දුකකින් මිරිකී ගිය, දරිද්‍රතාවයෙන් අනූන මිනිසුන්ට දර්ශනය කරගත නොහැකි තරමේ මානයකින් වැසී යන බවත් නොවේද?

මෙම ජායා රූපයේ එක ගසක් බිම පෙරළි ඇති අතර එය මතින් ජව සම්පන්න පෙනුමකින් හා ප‍්‍රසන්න ඇඳුම් ආයිත්තම් වලින් සැරසුණු පුද්ගලයෙක් ගමන් ගන්නා අන්දම දිස් වේ. එය මෙම ඡුායා රූපයේ ජීවී බව වඩා තීව‍්‍ර කරලීමට සමත් කොටසයි. ඔහු රතු පැහැති අත්දිග කමිසයකින් ද, කළු පැහැ දිග කලිසමකින් මෙන් ම, දෙපයට මිල අධික නවීන සපත්තු යුගලයක් පැළඳ සිටීම ද, හිසකෙස් නිසි පිළිවෙලකට පීරා සිටීම ද තුළින් විද්‍යාමාන වන්නේ, ඔහු තුළ ඇති ධනාත්මක චින්තනය යි. එමෙන් ම වෘක්ෂයෝ මිනිසා සතු එක් එක් අරමුණු යැයි උපකල්පනය කළහොත්, මෙහිදී එකී එක් අරමුණක් ඔහු නෙලා ගත්තේ යැයි, ගසක් කපා වැටී සිටීමෙන් පෙනේ. එකී අරමුණු සඵල වීමේ උත්කර්ෂය තුළ ගිලී සිටින මිනිසා සිය සාර්ථක කරගත් අභිලාෂය තුළ මනා සැහැල්ලූ, සොම්නස් ලීලාවෙන් එහි ලාභය භුක්ති විඳින අන්දම පටු ශාක කඳක් මත මනා සමබර ඉරියව්වෙන් කිසිදු අපහසුවකින් තොරව ගමන් කරන ආකාරය තුළින් දැක්විය හැක.
ගස් කඳ මත වන මැරී වියළී යමින් පවතින කුඩා කුඩා අතු ශාඛාවන් තුළින් අරමුණු සඵල කරගැනීමට එල්ල වූ විසල් බාධාවන්, සඵල කරගත් අරමුණු මතදී අතිශය කුඩා, බොල්, බල රහිත දේවල් පමණක් බව පෙන්වා දෙයි.

No comments:

Post a Comment

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...