Monday 23 July 2018


සිවිල් අපහාසය

ශ‍්‍රී ලංකාවේ සිවිල් අපහාසය සම්බන්ධ නීතිය රෝම ලන්දේසි නීතිය මත පදනම් වූ ‘‘අක්ටියෝ ඉන්ජුරියාරුම් නඩුකරයේ විෂය පථයට ඇතුළත් වන අතර මෙහි වරද සිවිල් වගකීමක් ලෙස ද හැඳින්වේ. ‘‘මැකරන්විසින් සිවිල් අපහාසයට අර්ථ දක්වා ඇත්තේ,

 යම්කිසි තැනැත්තෙකු විසින් නීත්‍යානුකූලව සාධාණීකරණයක් හෝ සමාවට හේතුවක් නොමැතිව තවත් තැනැත්තෙකු පිළිබඳව අපහාසාත්මක දෙයක් ප‍්‍රසිද්ධ කිරීම
                                             යනුවෙනි.

සිවිල් අපහාසය සම්බන්ධයෙන් නඩුකරයක් ගෙන එන විටදී එකී සඩුව සාර්ථක වීමට නම් ප‍්‍රධාන අවශ්‍යතා 4 ක් ඔප්පු කල යුතුය. ඒවා නම්,

1.      අදාළ ප‍්‍රකාශය අපහාසාත්මක විය යුතු ය.

2.      අදාළ ප‍්‍රකාශය පැමිණිලිකරු සම්බන්ධයෙන් විය යුතු ය.

3.      අපහාසාත්මක දේ ප‍්‍රසිද්ධ කළ යුතු ය.

4.      විත්තිකරු විසින්  හෙවත් අපහාස කිරීමේ චේතනාවක් තිබිය යුතු ය.

                                                                                                         යන කරුණු වේ.
සිවිල් අපහාසය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ඔප්පු කිරීමේ දී වැඩිබර සාපරාධී අපාසයක් ඔප්පු කිරීමේ භාරය සාධාරණ සැකයෙන් ඔබ්බට  ව්‍යාප්ත වන අතර, වරද සිදු වූවා ද නො වූවා ද යන්න පිළිබඳ සැකයක් තිබිය නොහැක. වරද සිදු නොවූ බවට සැකයක් ඇතිකළ හොත් එකී සැකයේ වාසිය විත්තිකරුට ලබා දීම කළ යුතු ය. ඒ මත විත්තිකරු නිදහස් විය හැකි ය. නමුත් සිවිල් අපහාසයේ දී එලෙස ඇති ඔප්පු කිරීමේ භාරයක් දක්නට නොමැත.

‘‘පේලේවින්’’ ප‍්‍රකාශ කරන ආකාරයට කිසියම් පුද්ගලයෙක් පිළිබඳව සමාජය ඔහුගේ හිතවතුන් විසින් කරන තක්සේරුව නියම තත්ත්වයට වඩා පහත හෙලීමට දායක වන  ඕනෑම ප‍්‍රකාශයක් අපහාසාත්මක බව ප‍්‍රකාශ කරයි. ඒ අනුව බලන විටදී සමාජ තත්වය පහළ වැටෙන ආකාරයට කියනු ලබන  ඕනෑම ප‍්‍රකාශයක් අපහාසයක් ලෙස සැලකිය හැක.
පුද්ගලික චරිතය, වංකභාවය, සදාචාර විරෝධී බව, පෞරුෂයක් නොමැති බව, අගෞරවනීය පැවැත්ම යනාදී මෙන් ම යම් පුද්ගලයෙකු පිළිබඳ අකමැත්ත ප‍්‍රවර්ධනය කිරීම, ඔහු දුර්වල පුද්ගලයෙකු බව ප‍්‍රකාශ කිරීම, දූෂණයට ලක්වූ බව ප‍්‍රකාශ කිරීම, අවජාතක බව, සිහිවිකල බව, ආබාධිත බව කීම අපහාසාත්මක ප‍්‍රකාශයක් විය හැක.
එමෙන්ම කිසියම් පුද්ගලයෙකුගේ වෙළඳ ප‍්‍රසිද්ධිය හෝ ඔහුගේ වෘත්තීමය හැකියාව අවතක්සේරු කරන්නා වූ ප‍්‍රකාශන ද අපහාසාත්මක ප‍්‍රකාශයන් විය හැක. වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු, නීතිඥයෙකු අදාළ වෘත්තිය පිළිබඳ අදක්ෂයෙකු බව ප‍්‍රකාශ කිරීම අපහාසාත්මක විය හැක. ලොව පිළිගත් ගත්කතුවරයා පහත් පෙළේ ලේඛකයෙකු බව ප‍්‍රකාශ කිරීම ද මීට ඇතුළත් වේ.

අපහාසය සම්බන්ධ නඩුකර වල දී විත්තිකරුට තමාගේ නිදහසට ඉදිරිපත් කල හැකි විත්ති මාවත වන්නේ,
  • ·         අනුමැතිය ලබා දී තිබීම (පැමිණිලිකරු විසින්)
  • ·         ප‍්‍රකාශය සාධාරණය කිරීම
  • ·         යුක්ති සහගත අදහස් දැක්වීම
  • ·         අදාළ ප‍්‍රකාශයට වරප‍්‍රසාදයක් හිමිවී තිබීම
  • ·         සාධාරණ විවේචන

                                                                                     යනාදිය වේ. 

මෙම විත්ති වාචක සාර්ථක ලෙස ඔප්පු කිරීම තුළින් අපහාසයක් සිදු වී නොමැති බවට විත්තිකරුට ඔප්පු කළ හැක.
භාෂණයේ නිදහස යන්නට අපහාස නීතිය මගින් ඉහතින් දැක්වූ ආකාරයට සීමාකම් පනවා ඇත. මෙම සීමාකම් නොසලකා කි‍්‍රයාකරන පුද්ගලයන්ට අධිකරණ කි‍්‍රයාමාර්ගයකින් දඩුවම් ලබාදීමට හැකිවන අතර මෙවැනි ක‍්‍රමවේදයක් නොතිබුණා නම් සමාජයේ යහ පැවැත්මට එය හානි සිදු කරනු නො අනුමානය.

No comments:

Post a Comment

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...