Thursday, 23 April 2020


ප‍්‍රචාරණය යනු ?

සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කරනු ලබන මිනිසා විසින් ම ජනනය කරන ජිවයක් මිසක ඊටම ආවේණික වූ සුවිශේෂී වූවක් නොමැත. සන්නිවේදනය මූලික මානව කි‍්‍රයාවලියකි. සන්නිවේදනයෙන් තොර මානව කි‍්‍රයාවලියක් ද හඳුනා ගැනීම අසීරුය.

භාණ්ඩ හා සේවා නිෂ්පදන කි‍්‍රයාවලිය අදියර ගණනාවක් පසුකරමින් වර්තමාන තත්ත්වයට පැමිණ තිබේ. මිනිසාගේ අවශ්‍යතා සංකීර්ණ තත්ත්වයට පත්වීමත් සමඟ ම සමාජය තුළ නිෂ්පාදනය වූ භාණ්ඩ හා සේවාවන්හි ප‍්‍රමාණාත්මක බව, සමාජයේ පාරිභෝගිකයන්ට සාපේක්‍ෂව අඩුවීම හේතු කොටගෙන භාණ්ඩ හා සේවාවන්හි හිඟයක් සමාජය තුළ නිර්මාණය වීමක් දක්නට ලැබුණි. නමුත් පසුව සිදුවූ කාර්මික විප්ලවය, බුද්ධිමය හා තාක්‍ෂණික පරිණාමයත් සමඟ තත්ත්වය වඩාත් වෙනස් වී නිෂ්පාදන අතිරේක තොග සකස් වන්නට විය. එහෙයින් එම නිෂ්පාදකයන්ට වඩා වේගයෙන්, වඩා වැඩියෙන් පාරිභෝගිකගත කරන්නට නිෂ්පාදකයන්ට දැඩි අවශ්‍යතාවයක් ඇතිවිය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රචාරණ ක‍්‍රමවේදයන් ජනිත වන්නට විය. භාණ්ඩ හා සේවා අලෙවිකරණය වේගවත් කිරීමට පිළියමක් ලෙස ප‍්‍රචාරණය ආරම්භ විය. ප‍්‍රචාරණය වර්තමාන ලෝකයේ ප‍්‍රබල අංගයක් බවට පත්ව ඇත. සමාජ සබතා යන්න මුදලට තීරණය වන ලෝකයේ වෙළඳ ප‍්‍රචාරණය යන්න සුවිශේෂී වූවකි. ආර්ථික, සමාජ, සංස්කෘතික ක්ෂේත‍්‍රයන් අභිබවමින් පරිණාමය වන විට දේශපාලන ක්ෂේත‍්‍රය දක්වා ප‍්‍රචාරණයේ ආධිපත්‍ය පැතිර තිබෙනු දැකිය හැක.

ප‍්‍රචාරණය යනු කුමක්දැයි හඳුනාගැනීමට ඒ පිළිබඳ විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කර ඇති නිර්වචන විමසා බැලීම වටී.

‘‘කිසියම් විශේෂිත වූ පුද්ගලයෙකු හෝ ආයතනයක් ලවා මුදල් ගෙවා කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳ කරනු ලබන අපෞද්ගලික වූ කරුණු ඉදිරිපත් කිරීමකි.’’

පිලිප් කොට්ලර්

පිලිප් කොට්ලර් :ඡුයසකසච ණදඑකැර* විසින් ප‍්‍රචාරණය පිළිබඳ ඉදිරිපත් කර ඇති නිර්වචනයෙන් පැහැදිලි වන්නේ ප‍්‍රචාරණය යනු මුදල් ගෙවනු ලැබූ අනුග‍්‍රාහකත්වයක් මඟින් මෙහෙයවන අපෞද්ගලික සන්නිවේදනයක් වන බවයි.

ඉහත නිර්වාචනයට අදාල ප‍්‍රධාන කරුණු හතරක් කෙරෙහි කොට්ලර්ගේ අවධානය යොමු වී තිබේ.


 කිසියම් ගෙවීමක්

එනම් මෙය ප‍්‍රචාරණය, ප‍්‍රසිද්ධියෙන් වෙන් කරන ප‍්‍රධානතම අංශය වශයෙන් පෙන්වාදිය හැකිය. ප‍්‍රචාරණයේදී එය කරන ආයතනය හෝ පුද්ගලයා කවුරුන්ද යන්න පාරිභෝගිකයා විසින් හඳුනා ගනියි. නමුත් ප‍්‍රසිද්ධියේදී එසේ අවබෝධ කර ගැනීමේ ශක්තියක් නැත.

 අපෞද්ගලිකව ඉදිරිපත් කිරීම

පොදුවේ සෑම අයෙකුටම භාණ්ඩ හෝ සේවය පිළිබඳව තොරතුරු සපයයි. පෞද්ගලික අලෙවියෙන් ද මෙය වෙනස් වේ.

 ලබාදෙන අදහස්, භාණ්ඩ හා සේවා පිළිබඳ දැනුවත් කිරීම

උදාහරණයක් ලෙස රක්‍ෂණ, බැංකු හා විවිධ සේවා සපයන ආයතන ඔවුන්ගේ භාණ්ඩය හෝ සේවය පිළිබඳව පමණක් ප‍්‍රචාරය කිරීම.

නියමිත වියදම් දරන්නෙකු සිටීම.

මෙහි දී ප‍්‍රචාරණය සඳහා වියදම් දැරීමට කිසියම් පුද්ගලයෙකු, ආයතනයක් හෝ නියෝජිත ආයතනක් සිටීමත්, එය පැහැදිලිව හඳුනා ගැනීමත් හැකි වීම. 

‘‘ප‍්‍රචාරණය යනු මුද්‍රිත ස්වරූපයකට පත් වූ වෙළඳාමකි.’’
ජේ.ඊ. කෙනස්

1894 වසරේ දී ජේ.ඊ. කෙනස් විසින් ඉදිරිපත් කර ඇති නිර්වචනය ප‍්‍රචාරණයේ වර්තමාන තත්ත්වය පැහැදිලි කරන්නක් නොවන බව හඳුනාගත හැක. මෙකී නිර්වචනය ඉදිරිපත් කරන කාල සීමාව වන විට ප‍්‍රචාරණය යන්න මුද්‍රිත මාධ්‍ය කෙරෙහි පමණක් අවධානය යොමුව ඇති බව පෙනේ. නමුත් වර්තමානය වනවිට ප‍්‍රචාරණය යන්න මුද්‍රිත ස්වරූපයකට පමණක් සීමා වූවක් නොවන බැවින් නිර්වචනය ප‍්‍රචාරණයේ මුල්කාලීන ස්වරූපය විග‍්‍රහ කරනු විනා වර්තමාන තත්ත්වය විග‍්‍රහ නොකරයි.

ප‍්‍රචාරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ විද්වතුන් ඉදිරිපත් කර ඇති නිර්වචන අතර මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසින් 1997 දී සම්පාදනය වූ සන්නිවේදන ශබ්දාගාරය ග‍්‍රන්ථයෙන් ඉදිරිපත් වී ඇති නිර්වචනය වැදගත් වූවකි.

්ාඩැරඑසිසබට යන ඉංග‍්‍රීසි වචනය දැන්වීම, දැනුම් දීම, වාණිජ ප‍්‍රචාරණය, වෙළඳ දැන්වීම් ලෙස අර්ථගන්වා ඇත. ඒ අනුව ඔහු ඉදිරිපත් කර ඇති නිර්වචනය මෙසේය. ‘‘කිසියම් ජනමාධ්‍යයකින් හෝ වෙනත් මාධ්‍යයකින් වෙළඳ භාණ්ඩයක් හෝ ව්‍යාපාරික සංකල්පයක් හෝ සමාජ දේශපාලන ඒකක ප‍්‍රචාරයන් හෝ සංදේශගත කිරීම සඳහා සකස් කෙරෙන සටහන් නැංවීමට භාවිතා කෙරෙන යෙදුමකි. වෙළඳ ප‍්‍රචාර මිලදී ගනු සඳහා පෙළඹවීමක් කෙරේ. මෙසේ පෙළඹවීමක් ඇති කරවීම යන අර්ථය ද එම යෙදුමෙහි අන්තර්ගතය.......’’ (මහේන්ද්‍ර, 1997, 18)
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
ප‍්‍රචාරණයේ අරමුණු පිළිබඳ විග‍්‍රහයක යෙදෙන අලෙවිකරණ විදාඥයින් තිදෙනෙකු වන මිචෙල් :ඵසඑජයැකක* කොන්චර්ස් :ක්‍දබඩැරිැ* හ්‍යුජි :්‍යමැටහ* ට අනුව,

‘‘...... භාණ්ඩ, සේවා හෝ අදහස් බලාපොරොත්තු විය හැකි විශාල පාරිභෝගික පිරිසකට අලෙවි කිරීම’’. ප‍්‍රචාරණයේ අරමුණ සේ දැක්විය හැක.

මෙම නිර්වචනයට අනුව ප‍්‍රචාරණයේ මූලික අරමුණ අලෙවිය වැඩි දියුණු කර ගැනීම බව තහවුරු වේ. නමුත් අලෙවිකරණ දෘෂ්ටියෙන් ප‍්‍රචාරණය දෙස අවධානය යොමු කිරීමේ දී භාණ්ඩ හා සේවාවන්හි අලෙවිය ඉහළ නංවා ගැනීම පමණක් ප‍්‍රචාරණයේ අරමුණ නොවේ. එය ඉතා පුළුල් වූ කි‍්‍රයාදාමයකි. උදාහරණයක් ලෙස ප‍්‍රචාරණයේ අරමුණු

- විශේෂිත ඉලක්ක වෙළඳපොල කොටසකට අලූත් භාණ්ඩයක් හෝ සේවාවක් හඳුන්වා දීම.
- අළෙවිකරුවන්ට සමාගමේ නිෂ්පාදනය සහ එහි උසස් ගුණාංග පිළිබඳ අවබෝධයක් ලබා දීම.
- ඉලක්ක ගැනුම්කරුවන් සමඟ සම්බන්ධතාවයක් ගොඩනංවා ගැනීම.
- මිලදී ගැනීමේ තීරණ ඉක්මණින් ගැනීමට පොළඹවාලීම.
- මිලදී ගැනීමේ තීරණය කි‍්‍රයාත්මක කිරීමට මිළදී ගන්නන්ට උදව් වීම යන පරාසය තුළ විහිදී යයි.

ප‍්‍රචාරණ අරමුණු නැතහොත් ප‍්‍රචාරණ ඉලක්ක හඳුනාගනු ලබන්නේ ප‍්‍රචාරණ වැඩසටහන් තීරණය කිරීමේ මූලික පියවරේදීම ය. මෙම ඉලක්කය බිහි වන්නේ ඉලක්ක පාරිභෝගික වෙළඳපොල
අවස්ථාවට අනුකූලව ය. එහිදී ප‍්‍රචාරණ ඉලක්ක, ප‍්‍රචාරණ අරමුණු වශයෙන් හඳුනා ගත හැක. ඉතා සරලව දක්වන්නේ නම් මෙම ප‍්‍රචාරණ අරමුණු අවස්ථා හතරකින් නිර්මාණය කරගත හැක.
ෂග ඉලක්ක පිරිස
ෂෂග සන්නිවේදන අරමුණු
ෂෂෂග අපේක්‍ෂිත වෙනස්වීම්
ෂඪග කාලය
ෑගත්‍ගඛග ඊරු්ජය ප‍්‍රකාශ කරන පරිදි ප‍්‍රචාරණයේ අරමුණ වෙනත් ස්වරූපයක් ගනී. ඔහු පවසන්නේ නිෂ්පාදනයට හා බෙදා හැරීමට යන පිරිවැය ප‍්‍රකාශතය, අවම මට්ටමකට ගෙන ඒම ප‍්‍රචාරණයේ අරමුණ බවය. ප‍්‍රචාරණ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේ දී පාදක කරගන්නා මූලික අරමුණු දෙකකි.
01ග තීරණය කර ඇති පණිවිඩයට ප‍්‍රචාරණ මාධ්‍ය සඳහා සාර්ථක මාර්ගෝපදේශකත්වයක් සැපයීම.
02ග ප‍්‍රචාරණ වැඩසටහනේ ප‍්‍රගතිය සහ කි‍්‍රයාකාරීත්වය තක්සේරු කිරීම.
මෙම ප‍්‍රධාන අරමුණු දෙක මත රඳා සිටිමින් කි‍්‍රයාත්මක කෙරෙන ප‍්‍රචාරණ අරමුණු පිළිබඳව හාපර් මයිකල් සහ එඞ්වර්ඞ් යනු අලෙවිකරණ විශේෂඥයෝ සඳහන් කරති. අරමුණු කීපයක් ළඟා කරගැනීම එක් අරමුණක් ළඟා කරගැනීමට වඩා පහසු බව ඔවුහු පවසති. මේ සෑම අරමුණක්ම වෙන් වෙන් වශයෙන් ගැනීම අසීරුය. ඒවා එකිනෙකට දැඩි සේ බැඳී පවතී. ඒවා නම්,
01ග දැනුවත් කිරීම :්අ්රුබැිි*
02ග පාවිච්චිය ගැන සිහිගැන්වීම :ඍැපසබාැර එද මිැ*
03ග ප‍්‍රයෝජනයට ගැනීම පිළිබඳ දැනීම හා හැඟීම් වෙනස් කිරීම :ක්‍ය්බටසබට චැරජැචඑසදබි ්ඉදමඑ එයැ මිැ දෙ එයැ චරදාමජඑ රෙදප*
04ග සන්නම්වල ගුණාංග පිළිබඳ හැඟීම් වෙනස් කිරීම. :ක්‍ය්බටසබට චැරජැචඑසදබි ්ඉදමඑ එයැ සපචදරඑැා ඉර්බා ්එඑරසඉමඑැි*
05ග ආකල්ප වර්ධනය :්එඑරසඉමඑැි රුසබදෙරජැපැබඑ*
කෙසේ වුවත් ප‍්‍රචාරණයේ අවසාන අරමුණ වන්නේ යමක් විකිණීමයි. එම විකිණීමේ අවසාන අරමුණ වන්නේ ලාභය ලැබීමයි. ලාභය පෙරදැරි කරගනිමින් විකුණුම් වැඩිකර ගැනීමට ප‍්‍රචාරණය භාවිතා කරන අතර, එහි සාර්ථකත්වය රඳා පවතින්නේ පාරිභෝගිකයා මතය. එසේම ලාභදායිත්ව අරමුණට අමතරව පහත සඳහන් ප‍්‍රධාන අරමුණු ප‍්‍රචාරණයේදී වැදගත් වේ.
පෞද්ගලික විකුණුම් වැඩිකර ගැනීම
ප‍්‍රචාරණය විකුණුම් වැඩිකරයි. එනම් ප‍්‍රචාරණයෙන් පසු පෞද්ගලික අලෙවිය අවශ්‍ය නොවේ.
ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම, ප‍්‍රචලිත කිරීම හා පුළුල් කිරීමට හැකියාව ලැබේ.
පොදුවේ විශාල පාරිභෝගික පිරිසකට එකවර ළඟා වීමේ හැකියාව
භාණ්ඩ බෙදා හැරීමට නියෝජිතයන් සොයා ගැනීමේ හැකියාව
නව වෙළඳපොළවල් හි අලූත් පාරිභෝගිකයන් සොයා ගත හැකිවීම
අනෙකුත් භාණ්ඩවල තත්ත්වයන් සොයාගෙන තමාගේ භාණ්ඩ උසස් තත්ත්වයට ගෙන ඒමේ හැකියාව.
තරඟකාරීත්වයට මුහුණදීමේ හැකියාව ලැබීම

Tuesday, 2 October 2018


මේඝදූතය

කාලිදාසයන්ගේ ශ්‍රේෂ්ඨතම කාව්‍ය රචනය ලෙස ‘‘මේඝදුත කාව්‍යහැ`දින්විය හැකි ය.ඊට ප‍්‍රධාන හේතුවක් වන්නේ, මේඝදූතය ඛණ්ඩ කාව්‍යයක් ලෙස අලංකාරිකයන් හැ`දින්වුව ද මෙහි ඇති උසස් බව නිසාවෙන් එය නිශ්චිත ලෙස වර්ග කල නොහැකි නිසාවෙනි.

කාලිදාසයන් ඉතා දැඩිසේ සොබාදහමට ආදරය කළ මානව හිතවාදී චරිතයකි. ඔහුගේ කාව්‍ය තුළ හෝ වේවා නාට්‍ය තුළ හෝ වේවා ඔහු සොබා සෞන්දර්ය ප‍්‍රබල ලෙස හුවා දක්වයි.

වළාකුලක් , දූතයෙකු වශයෙන් යොදා ගැනීම කාව්‍යකරණයේ නව්‍ය කඩඉමකි. මල්ලිනාථ නම් ව්‍යඛ්‍යානකරු දක්වන්නේ කාලිදාසයන් මෙහිදී වාල්මිකීන්ගේ ප‍්‍රයෝගයක් ආදර්ශයට ගෙන ඇති බව ය.

එමෙන් ම සීතා කුමරියගෙන් වෙන් වූ රාම කුමරු, හනුමාන් නම් වානර නායකයා අතේ ඇයට සංදේශයක් යවන ලද පුවත පදනම් කරගෙන මේඝදූතය රචනා කරන්නට ඇතියි කියා ද මතයක් ඇත.

මෙය භාව ගීතයක් යැයි ද හ`දුන්වයි. මන්ද යත් කාමුක ස්ත‍්‍රීන්ගේ සිතුවිලි හැඟවීමට යොදාගත් ස්වාභාවික දර්ශනයන්ගේ ශෝභාව හා ලාලිත්‍යය ද අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් දක්වන මෙහි පද්‍යයන් ගෙන් උපදවනු ලබන මුඛ්‍ය රසය ශෘංගාරය වන නිසාවෙනි.

මේඝදූතය නම් අපූරු කාව්‍යයේ පද්‍ය 120 ක් පවතී. මෙහිදී විරහ වේදනාවෙන් පෙළෙන යකෙකුගේ මනසේ ප‍්‍රලාපය කාලිදාසයන් විසින් ලාලිත්‍යයමය ආකාරයකට කවියට නගා ඇත.

මේඝදූතය රචනා කිරීමේ දී කාලිදාසයන් රාමායණයේ 4 වැනි පුස්තකයේ 28 වන සර්ගයේ එන වර්ෂා කාල වර්ණයෙන් අදහස් ලබා ගන්නා නිසැක ය. එක් තරුණයක් සෙනෙවියෙකුට, යකුන්ට අධිපති කුවේරයා විසින් මනස නම් පියුම් විල ආරක්ෂා කරන්නට පවරා තිබූ අතර, ඔහු සිය රාජකාරිය නිසි පරිදි නොකිරීම නිසාවෙන් කුවේරයා විසින් ඔහු වසරකට රටින් පිටුවහල් කරමින් ද`ඩුවම් දෙයි.
යක්ෂ තෙම, තාග්පුරයට ආසන්න මධ්‍යම ඉන්දියාවේ රාම ගිරයට වී කාලය ගත කරයි. මේ අතරතුර වැසි කාලයේ දී උතුරු දිග බලා පාවී යන වළාකුලක් දකින ඔහුට සොවින් බරව පසුවන සිය බිරිය වෙත සැනසිලිදායක බලාපොරොත්තු සහගත හසුනක් යැවීමේ අදහසක් පහළ වෙයි.

අම්රකුට පර්වතය පසුකරමින් යන අතරේ වැසි දියෙන් එහි ඇති වී තිබෙන ලැව් ගිනි නිවමින්, නර්මදා ග`ග හා වින්ධ්‍යා ක`දුවැටිය ද, පසුකොට විදිශා නුවර, වෙත‍්‍රවතී නදිය, අවන්තියේ උදේනි නුවර, ශුද්ධ වූ කුරුෙක්‍ෂත‍්‍රය, ගංගා නම් ග`ග සහ එය ආරම්භ වන ක`දු පෙළ ද මතුයෙන් ගොස් අවසානයේ කෛලාසය මතුයෙහි අලකාවට සැපත් වන මෙන් ඔහු වැහි වළාවකට අමතා කියයි.
අලකාපුර හා යක්‍ෂයාගේ නිවස ද වර්ණිත ය සිය පියඹුව සිහිනෙන් බයවී නොනැගිටිනු වස් විදුලියෙහි ආලෝක කදම්භය කණාමැදිරි එළිය තරම් අඩු කරන ලෙසත්, `ඩ පිට නොවන සේ අකුණු සැර වෙළා ගන්නා ලෙසත් යක්ෂයා වළාකුලට ආයාචනා කරයි.

නෙළුම් තුෂාරයෙන් බරව මැලවී යන්නාක් මෙන්, ඇය හද සොවින් මැලවී ගොස් ඇතැයි ඔහු පවසයි. සිය ප‍්‍රිය හිමියා ගීතියකින් පිදීමට ඈ සැරසෙන්නී, ගීතය අමතකව ගොස් ඈ හිමියාගෙන් වියෝවී ගත වූ දින ගණන් මල් වලින් ගැන බලයි.
දෙදෙනා නැවත එක් වීමේ ද හසුන ද වළාකුල ගෙන යා යුතු ව ඇත. එදිනට ආදරය දහස් ගුණයකින් වැඩි වෙයි.

සංස්කෘත සාහිත්‍ය කෘතීන් අතරින් ග‍්‍රීක ශෝක ගීතයට ළගින් ම නෑකම් කියන්නක් ලෙස මේඝදූතය පෙන්වා දිය හැකිය. ස්කිලර් ‘‘ මාරියා ස්ටුවට් ’’ නම් සිය ග‍්‍රන්ථයේ දී සතුරන් අත පත් දේවිය ලවා, තමා සිය තුරුණු විය සතුටින් ගත කළ දේශය පුරා දකුණු දිග බලා පාවී යන වළාකුලක් අත සුභ පැතුම් යවයි. ඇය ප‍්‍රංශ දේශය ස`දහට ම හැර දමා යන අතර ඈ පිළිබ`ද සැබෑ කරුණාවක් පාඨකයා තුළ උපදින මුත්, කාලිදාසයන්ගේ මේඝ¥තය එන යක්ෂයා හා ඔහුගේ අඹුව ද`ඩුවම් කාලය අහවර වූ පසු යළි එක්වීම ස්ථීර බැවින් ඔවුන් කෙරෙහි සැබෑ කරුණා රසයක් ජනනය නොවේ යැයි පැවසුව ද එය එතරම් පළල් වූ දෝෂයක් ලෙස නොගත යුතු ය.

මෙහි පෙම්වතුන්ගේ හද සොවින්, එකිනෙකා සිහි කරමින් ලබන ශෝකාත්මක සන්තුෂ්ටියත් නැවත එක්වීමේ අපේක්ෂා සහගත ආශාවත් දක්වන අන්දම ගත් විට ඊට පාදක වන්නට ඇත්තේ කාලිදාසයන්ගේ ජීවන අත්දැකීම් විය හැකි ය.
කාලිදාසයන්ගේ කාව්‍යය වත්සභට්ටි විසින් අනුකරණය කර ඇති අතර, ඉන්පසුව ඒවා අනුකරණය කිරීමේ අසාර්ථක ප‍්‍රයත්න කිහිපයක් දරා ඇත.

උදා :- ධොයිකගේ පවනදුත (12 වන සියවස), ජෛනයෙකු වූ ජිනසේන විසින් රචිත -පාර්ශ්වාභ්‍යුදය (8 වන සියවස)

සුන්දර කාන්තාවන් පිළිබ`ද සිදු කර ඇති වර්ණනාවන් තුළින් කාන්තාව පිළිබ`ද ඔහු සතු වූ දැනුම , සංස්කෘතිය ඉවහල් කරගෙන ඇතුවාට සැක නැත.
මහා කාල දේවලයෙහි නාට්‍යාංගනාවන් පිළිබ`ද වන කොටස ඉතා අලංකාරවත් ව දක්වා ඇති අතර ම එකල කාලි දෙවියන් හා සබැ`දි ආගමික සංස්කෘතිය හා ඒවටා බිහිව තිබූ නර්තන සම්ප‍්‍රදායන් හා චාරිත‍්‍රවිධි පිළිබ`ද ව ද කාලිදාසයන්ට මනා අවබෝධයක් තිබී ඇත.

දියසුළි සහිතව වේගයෙන් ගලා බසින නිර්වින්ද්‍යා නදිය දැඩි කාමුක හැ`ගීම් කියාපාන ස්ත‍්‍රියක මෙන් කාළිදාසයන් ට පෙනේ. තම සැමියා නොමැති සොවින් පසුවන බිරිය නිවසට වී හුදෙකලාවේ එකී විරහව වි`දවන අන්දම අතිශය රමණීය ලෙස කාලිදාසයන් විසින් පද්‍ය 3 කින් අපූරුවට දක්වා ඇත.

වියෝ දුකින් සිටින යක්ෂණිය, පෙර සිය සැමියා ගත කළ ප‍්‍රීතිමත් සමය සිහිකරමින් ශෝකය මැඩ ගන්නට ප‍්‍රයාස දරන අන්දම, සවිස්තරව දක්වා ඇත.
  • ·        වීණාව වැයීමට කැමති වුව ද ශෝකය නිසා කිසිම ස්වරයක් නිපදවීමට අපොහොසත් වන සැටි.

  • ·        ශාපය නිසා වෙන්වීමට සිදුවූ ඉදිරි දින ප‍්‍රමාණය ගනිමින් සිටින සැටි

  • ·        දවල් කාලයට වඩා රාත‍්‍රියෙහි දුක් වෙමින් තැවෙන සැටි.

  • ·        සිහිල් ස`දරැස් දෙස නොබලා යහනකට වැතිරි දින ගෙවමින් සිටින සැටි.

  • ·        එක්රැස් කොට ගොතන ලද රළු කෙස් කළඹ වරින්වර ස්පර්ශ කරමින් සිටින හැටි.

මේ අනුව කාලිදාස යනු, හුදු එක්තරා කවියෙක් පමණක් ම නොව සමාජය දෙස, සමාජ චරිතයන් දෙස ඔවුන්ගේ චිත්ත්‍යාභ්‍යන්තර ස්වභාවයන් හා සියුම් හැසිරීම් ඉරියව් පිළිබ`ද පවා මනා ඥානයක් තිබුවෙක් බව පැහැදිලි වේ.

මල්ලිනාථයන් පෙන්වා දෙන ආකාරයට කාම ශාස්ත‍්‍රයෙහි ස`දහන් වියෝ දුකින් පෙළෙන නාටිකාවන් ගත කළ යුතු අවස්ථා 10න් අටක් මේ විස්තරයට ගුරු කරගෙන ඇති බවය.

එමෙන් ම අවසානයේ යක්ෂයා ඈ වෙත එවන හසුනේ විනෝද වීම පිනිස කළ යුතු කාර්යන් 4ක් දක්වා ඇති අතර ම කාම ශාස්ත‍්‍රයට අනුකූල ලෙස එය සිදුකර ඇති බව විශ්වාස කරයි.

එම විනෝද කි‍්‍රයා (මේඝදූතයේ එන)

01. ප‍්‍රියාවගේ අංග ලක්ෂණ වලට සමාන වූ ස්වභාවික වස්තූන්ගේ ලක්ෂණ පරීක්ෂා කිරීම.

02. ප‍්‍රියාවගේ රූපය සටහන් කිරීම

03. සිහිනෙන් ප‍්‍රියාව දැකීම

04. ප‍්‍රියාව ස්පර්ශ කළ වස්තූන් ස්පර්ශ කිරීම

මේවා කාලිදාසයන්ගේ සැබෑ අත්දැකීම් හා මනා ලෙද සංයෝග වීම තුළ වඩා සාර්ථක පදවැල් නිර්මාණය වන්නට ඇතැයි සිතිය හැකි වේ.

Wednesday, 19 September 2018


මාධ්‍ය නිදහස හා ජනමාධ්‍ය


මාධ්‍ය නිදහස යන්න ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළත් දේශපාලන ක්ෂේත‍්‍රය තුළත් එක සේ සංවාදයට බඳුන් වන කාරණාවකි.
මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් ම පිළිගෙන, සහතික කර ඇති භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට අතිශය වැදගත් ය.
අතීතයේ දී තොරතුරු හා දැනුම ප‍්‍රකාශයට පත් කිරිම සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රම හා ප‍්‍රාථමික මූලාශ ඔස්සේ සිදු විය. එහෙත් වර්තමානය වන විට තාක්‍ෂණික දියුණුවත් සමඟ දියුණු සන්නිවේදන භාවිතයක් දක්වා විකාශනය වී ඇත. තොරතුරු සමාජගත වීමේ ක‍්‍රමික වර්ධනයක් සමඟ ප‍්‍රකාශන නිදහස පිළිබඳ සාකච්ඡුාවට ලක්විය.

අතීතයේ සිට මේ දක්වා වූ කාලච්ෙඡ්දය තුළ මිනිසාගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන නොනවත්වා ක‍්‍රියාවට නැංවෙයි.

”1215 මැග්නා කාටා ගිවිසුම”, 1776 ඇමරිකානු නිදහස් සටන, සහ 1971 අයිතිවාසිකම් ප‍්‍රකාශනය, 1789 ප‍්‍රංශ විප්ලවය ආදී ප‍්‍රකාශන, විප්ලව හරහා අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය බිහි වූ අතර මානව හිමිකම් නීතියෙහි පිබිදීම උදෙසා 19 වන සියවසේ දී තෝමස් හොබ්ස්, ජෝන් ලොක් වැනි දාර්ශනිකයන්ගේ මත පදනම් විය.

මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය 1948 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය, 1966 ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය, 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ අන්තර් ජාතික සම්මුතිය හා පසුව කී සම්මුති දෙකට අදාළ වෛකල්පිත සම්මුතීන් 02ක් අන්තර්ගත කරමින් සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පනත එළි දක්වීමත් සමඟ බලවත් ලෙස ස්ථාවර විය.

අයිතිවාසිකම් යන්න මානව අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම් ලෙස දෙආකාරයකට බෙදේ. විශ්වයේ සමස්ත මානව වර්ගයාට අදාල වන්නා වූ අයිතිවාසිකම් මානව අයිතිවාසිකම්වේ. මේ ආකාරයට වර්ධනය වන්නා වූ මානව අයිතිවාසිකම් අතරින් යම් යම් අයිතිවාසිකම් එක් එක් රාජ්‍යයන් විසින් තම රටේ සාමාජික, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික හා වෙන යම් ආවේණික තත්ත්වයන්ට උචිත වන ආකාරයට පමණක් උකහා ගෙන, එසේත් නැතිනම් අත්‍යවශයෙන් ම රැකිය යුතු යැයි තමන් පිළිගන්නා අයිතිවාසිකම් එ් එ් රටවල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර නෛතිකව බලාත්මක කළහ. එම අයිතිවාසිකම් අපි මූලික අයිතිවාසිකම්ලෙස හඳුන්වමු.

එ් අනුව මානව අයිතිවාසිකම් වලින් යම් යම් අයිතිවාසිකම් ක‍්‍රමිකව විකාශනය වීම හරහා මූලික අයිතිවාසිකම් බවට පත්වී ඇති අතර එ් අනුව එක් එක් රටවල් පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් එක හා සමාන නොවේ. උදාහරණයක් වශයෙන් අප ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවතුල මූලික අයිතිවාසිකමක් ලෙස ජීවත්වීමේ අයිතියපිළි නොගත්ත ද දකුණු අප‍්‍රිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ එය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනී.

ශ‍්‍රී ලංකාවේ වත්මන් (1978) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිච්ෙඡ්දය මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ඡා වෙයි.

10 වන ව්‍යවස්ථාව

            සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස (සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට, හා ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය)

11  වන ව්‍යවස්ථාව

01.       සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම
(නීතිය පසිඳලීම සහ ක‍්‍රියාත්මක කිරිම ද නීතියේ රැුකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය)

02.       කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය, හෝ උපන් ස්ථානය යන හේතු සාධක මත හෝ ඉන් කවරක් හෝ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේ ය.

13 වන ව්‍යවස්ථාව

            අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඬුවම් කිරිමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩ නීති පැනවීම තහනම් කිරිම

01.       නීතියෙන් නියම කරනු ලැබූ කාර්යය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තෙකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේ ය. යම් තැනැත්තෙකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද එ් හේතුව එ් තැනැත්තාට දැන්විය යුතු ය.

02.       අත්අඩංගුවේ තබා ගනු ලැබූ හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ සෑම තැනැත්තෙකු ම නීිතියෙන් නියම කරගත් කාර්ය පටිපාටිය අනුව ආසන්නත ම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු අතර, නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව එ් 
විනිශ්චයකාරවරයා විසින් කරනු ලැබූ ආඥව මත සහ ආඥවප‍්‍රකාර මිස, එ් තැනැත්තා තව දුරටත්, අත්අඩංගුවෙහි තබා ගැනීම හෝ රඳවා ගැනීම හෝ එ් තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම නොකළ යුත්තේ ය.

14 වන ව්‍යවස්ථාව

භාෂණයේ ,රැස්වීමේ, සමාගමයේ, රැුකියාවේ සහ යාම් - ඊම් යනාදියේ නිදහස

()     භාෂණයේ නිදහසට සහ ප‍්‍රකාශනය ඇතුළු අදහස් පල කිරිමේ නිදහස

()    සාමකාමීව රැස්වීමේ නිදහස

()    සමාගමයේ නිදහස

()     එකලාව හෝ අන් අය හා සමඟ ප‍්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාස ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප‍්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප‍්‍රකාශ කිරීමේ නිදහස

()     එකලාව හෝ අන් අය හා සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහස

()     එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යානුකූල රැුකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහස

()   ශ‍්‍රී ලංකාව තුළ යාම් - ඊම් නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරිමේ නිදහස

()     ශ‍්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහස

                                                                        යනාදියට හිමිකම් ඇත්තේ ය.

වර්තමානය වන විට ප‍්‍රකාශන නිදහස, මූලික මිනිස් අයිතිවාසිකම් යනාදිය පිළිබඳ කොපමණ නීති සම්පාදනය වී තිබුණත්, කොපමණ සාකච්ඡුා කළත් මාධ්‍ය හිංසනය නම් නතර වී නොමැත. මාධ්‍යයට කරනු ලබන බලපෑම් නතර වී නොමැත.

මාධ්‍යවේදීන් විවිධාකාර වූ ශාරීරික හා මානසික හිංසනයන්ට ලක් වී තිබේ. හිංසනය යනුවෙන් අර්ථවත් වන්නේ යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මඟින් හිරිහැරයට හෝ පීඩාවට පත් වීම ය. මෙම හිරිහැර කිරීම, අතුරුදහන් කිරීම, පැහැරගෙන යාම, රඳවා තබා ගැනීම යනාදිය ශාරීරික හිංසනයට අයත් වේ. රැුකියාව අහිමි කිරීම, මාධ්‍ය ආයතන වසා දැමීම, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නා බව ප‍්‍රකාශ කිරීම ආදිය මඟින් මානසික හිංසාවන් සිදුවේ.
ජනමාධ්‍යවේදයාගේ රස්සාව යනු ඇත්ත වසන් කිරිම ම රස්සාව කරගත් අය පිළිබඳ ඇත්ත කීම ය .”                                 
                                                                                                      -    බිල් මොයර්ස් -

මේ තුළින් පැහැදිලි වන්නේ ජනමාධ්‍යවේදියා යනු, සත්‍යය ගවේෂණය කරමින් නිවැරදි දේ වාර්තා කිරීම වෙනුවෙන් ක‍්‍රියා කරන්නෙකු බවයි. ඇත්ත වසන් කරන්නන්ගේ තොරතුරු සොයා යාමේදී ජනමාධ්‍යවේදියාට ඇතැම් අවස්ථාවල හිංසනයට ලක්වීමට සිදු වේ. එහෙත් ඔහුගේ කාර්යය වන්නේ නිසි පරිදි සත්‍ය තොරතුරු වාර්තා කිරිමයි. 

එක්සත් ජනපදයේ ඇති ප‍්‍රධානතම ආයතනය වන්නේ වෘත්තීමය පත‍්‍රකලාවේදීන්ගේ සංගමයයි. එහි සදාචාර පූර්විකාවේ දැක්වෙන පරිදි,
ජනතාව දැනුවත් කිරීම, සාධාරණත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනමය. පත‍්‍රකලාවේදීන්ගේ වගකීම නම් සත්‍ය සොයා ගොස් සිදුවීම් පිළිබඳව සාධාරණ විස්තරයක් සැපයීම ය. පත‍්‍රකලාවේදීන් මහජනයාට අවංක විය යුතු ය. වෘත්තීය අවංකභාවයේ පදනම වන්නේ පත‍්‍රකලාවේදීන්ගේ විශ්වාසනීයත්වය යි.
පුවත්පත් නැති ආණ්ඩුවක් ඇති සමාජයක් සහ ආණ්ඩුවක් නැති පුවත් පත් ඇති සමාජයක් අතර තේරිමකට බල කරතොත් නොපැකිලිව ම තෝරා ගන්නේ දෙවැන්නයි.
        -   තෝමස් ජෙෆර්සන් -

මේ අනුව පුවත්පත් මාධ්‍ය යනු, ගාමක බලවේගයක් හිමි සමාජයේ පෙර ගමන්කරුවෙකු බව පැහැදිලි වේ.මාධ්‍ය නිදහස යනු සිය පුරවැසියන්ට සහ ඔවුන්ගේ සමාගම්වලට මෙන්ම ප‍්‍රවෘත්ති වාර්තාකරුවන්ට සහ ඔවුන්ගේ ප‍්‍රකාශනවලට නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරිමට රජය දී ඇති ඇපය ය. ප‍්‍රවෘත්ති එකතු කිරිම සහ ජනතාව අතර බෙදා හැරීමට සහ තොරතුරු ලබා ගැනිමට ද මෙය අදාළ වේ. බොහෝ රටවල මෙය ආරක්ෂාව සඳහා ව්‍යවස්ථානුකූල හෝ නීතියට ප‍්‍රතිප‍්‍රධාන පවතී.

රාජ්‍ය තොරතුරු ලබා ගැනීමේදී තොරතුරු වර්ගීකරණයක් පවතී. සංවේදී වර්ගිකෘත්ත රහසිගත හෝ ජාතික අභිලාෂය ස`දහා අවශ්‍ය වශයෙන් තොරතුරු වර්ග කෙරේ. මේවායින් කුමක් අනාවරණය කළ යුතු ද යන්න රජය විසින් තිර කරයි. බොහෝ රටවල ජාතික අභිලාෂයේ සීමාවන් නිර්වචනය ස`දහා මාධ්‍ය නිදහස පිළිබඳ නීති යොදා ගැනේ.



ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...