Wednesday, 19 September 2018


මාධ්‍ය නිදහස හා ජනමාධ්‍ය


මාධ්‍ය නිදහස යන්න ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළත් දේශපාලන ක්ෂේත‍්‍රය තුළත් එක සේ සංවාදයට බඳුන් වන කාරණාවකි.
මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් ම පිළිගෙන, සහතික කර ඇති භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට අතිශය වැදගත් ය.
අතීතයේ දී තොරතුරු හා දැනුම ප‍්‍රකාශයට පත් කිරිම සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රම හා ප‍්‍රාථමික මූලාශ ඔස්සේ සිදු විය. එහෙත් වර්තමානය වන විට තාක්‍ෂණික දියුණුවත් සමඟ දියුණු සන්නිවේදන භාවිතයක් දක්වා විකාශනය වී ඇත. තොරතුරු සමාජගත වීමේ ක‍්‍රමික වර්ධනයක් සමඟ ප‍්‍රකාශන නිදහස පිළිබඳ සාකච්ඡුාවට ලක්විය.

අතීතයේ සිට මේ දක්වා වූ කාලච්ෙඡ්දය තුළ මිනිසාගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන නොනවත්වා ක‍්‍රියාවට නැංවෙයි.

”1215 මැග්නා කාටා ගිවිසුම”, 1776 ඇමරිකානු නිදහස් සටන, සහ 1971 අයිතිවාසිකම් ප‍්‍රකාශනය, 1789 ප‍්‍රංශ විප්ලවය ආදී ප‍්‍රකාශන, විප්ලව හරහා අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය බිහි වූ අතර මානව හිමිකම් නීතියෙහි පිබිදීම උදෙසා 19 වන සියවසේ දී තෝමස් හොබ්ස්, ජෝන් ලොක් වැනි දාර්ශනිකයන්ගේ මත පදනම් විය.

මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය 1948 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය, 1966 ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය, 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ අන්තර් ජාතික සම්මුතිය හා පසුව කී සම්මුති දෙකට අදාළ වෛකල්පිත සම්මුතීන් 02ක් අන්තර්ගත කරමින් සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පනත එළි දක්වීමත් සමඟ බලවත් ලෙස ස්ථාවර විය.

අයිතිවාසිකම් යන්න මානව අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම් ලෙස දෙආකාරයකට බෙදේ. විශ්වයේ සමස්ත මානව වර්ගයාට අදාල වන්නා වූ අයිතිවාසිකම් මානව අයිතිවාසිකම්වේ. මේ ආකාරයට වර්ධනය වන්නා වූ මානව අයිතිවාසිකම් අතරින් යම් යම් අයිතිවාසිකම් එක් එක් රාජ්‍යයන් විසින් තම රටේ සාමාජික, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික හා වෙන යම් ආවේණික තත්ත්වයන්ට උචිත වන ආකාරයට පමණක් උකහා ගෙන, එසේත් නැතිනම් අත්‍යවශයෙන් ම රැකිය යුතු යැයි තමන් පිළිගන්නා අයිතිවාසිකම් එ් එ් රටවල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර නෛතිකව බලාත්මක කළහ. එම අයිතිවාසිකම් අපි මූලික අයිතිවාසිකම්ලෙස හඳුන්වමු.

එ් අනුව මානව අයිතිවාසිකම් වලින් යම් යම් අයිතිවාසිකම් ක‍්‍රමිකව විකාශනය වීම හරහා මූලික අයිතිවාසිකම් බවට පත්වී ඇති අතර එ් අනුව එක් එක් රටවල් පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් එක හා සමාන නොවේ. උදාහරණයක් වශයෙන් අප ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවතුල මූලික අයිතිවාසිකමක් ලෙස ජීවත්වීමේ අයිතියපිළි නොගත්ත ද දකුණු අප‍්‍රිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ එය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනී.

ශ‍්‍රී ලංකාවේ වත්මන් (1978) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිච්ෙඡ්දය මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ඡා වෙයි.

10 වන ව්‍යවස්ථාව

            සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස (සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට, හා ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය)

11  වන ව්‍යවස්ථාව

01.       සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම
(නීතිය පසිඳලීම සහ ක‍්‍රියාත්මක කිරිම ද නීතියේ රැුකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය)

02.       කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය, හෝ උපන් ස්ථානය යන හේතු සාධක මත හෝ ඉන් කවරක් හෝ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේ ය.

13 වන ව්‍යවස්ථාව

            අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඬුවම් කිරිමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩ නීති පැනවීම තහනම් කිරිම

01.       නීතියෙන් නියම කරනු ලැබූ කාර්යය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තෙකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේ ය. යම් තැනැත්තෙකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද එ් හේතුව එ් තැනැත්තාට දැන්විය යුතු ය.

02.       අත්අඩංගුවේ තබා ගනු ලැබූ හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ සෑම තැනැත්තෙකු ම නීිතියෙන් නියම කරගත් කාර්ය පටිපාටිය අනුව ආසන්නත ම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු අතර, නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව එ් 
විනිශ්චයකාරවරයා විසින් කරනු ලැබූ ආඥව මත සහ ආඥවප‍්‍රකාර මිස, එ් තැනැත්තා තව දුරටත්, අත්අඩංගුවෙහි තබා ගැනීම හෝ රඳවා ගැනීම හෝ එ් තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම නොකළ යුත්තේ ය.

14 වන ව්‍යවස්ථාව

භාෂණයේ ,රැස්වීමේ, සමාගමයේ, රැුකියාවේ සහ යාම් - ඊම් යනාදියේ නිදහස

()     භාෂණයේ නිදහසට සහ ප‍්‍රකාශනය ඇතුළු අදහස් පල කිරිමේ නිදහස

()    සාමකාමීව රැස්වීමේ නිදහස

()    සමාගමයේ නිදහස

()     එකලාව හෝ අන් අය හා සමඟ ප‍්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාස ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප‍්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප‍්‍රකාශ කිරීමේ නිදහස

()     එකලාව හෝ අන් අය හා සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහස

()     එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යානුකූල රැුකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහස

()   ශ‍්‍රී ලංකාව තුළ යාම් - ඊම් නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරිමේ නිදහස

()     ශ‍්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහස

                                                                        යනාදියට හිමිකම් ඇත්තේ ය.

වර්තමානය වන විට ප‍්‍රකාශන නිදහස, මූලික මිනිස් අයිතිවාසිකම් යනාදිය පිළිබඳ කොපමණ නීති සම්පාදනය වී තිබුණත්, කොපමණ සාකච්ඡුා කළත් මාධ්‍ය හිංසනය නම් නතර වී නොමැත. මාධ්‍යයට කරනු ලබන බලපෑම් නතර වී නොමැත.

මාධ්‍යවේදීන් විවිධාකාර වූ ශාරීරික හා මානසික හිංසනයන්ට ලක් වී තිබේ. හිංසනය යනුවෙන් අර්ථවත් වන්නේ යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මඟින් හිරිහැරයට හෝ පීඩාවට පත් වීම ය. මෙම හිරිහැර කිරීම, අතුරුදහන් කිරීම, පැහැරගෙන යාම, රඳවා තබා ගැනීම යනාදිය ශාරීරික හිංසනයට අයත් වේ. රැුකියාව අහිමි කිරීම, මාධ්‍ය ආයතන වසා දැමීම, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නා බව ප‍්‍රකාශ කිරීම ආදිය මඟින් මානසික හිංසාවන් සිදුවේ.
ජනමාධ්‍යවේදයාගේ රස්සාව යනු ඇත්ත වසන් කිරිම ම රස්සාව කරගත් අය පිළිබඳ ඇත්ත කීම ය .”                                 
                                                                                                      -    බිල් මොයර්ස් -

මේ තුළින් පැහැදිලි වන්නේ ජනමාධ්‍යවේදියා යනු, සත්‍යය ගවේෂණය කරමින් නිවැරදි දේ වාර්තා කිරීම වෙනුවෙන් ක‍්‍රියා කරන්නෙකු බවයි. ඇත්ත වසන් කරන්නන්ගේ තොරතුරු සොයා යාමේදී ජනමාධ්‍යවේදියාට ඇතැම් අවස්ථාවල හිංසනයට ලක්වීමට සිදු වේ. එහෙත් ඔහුගේ කාර්යය වන්නේ නිසි පරිදි සත්‍ය තොරතුරු වාර්තා කිරිමයි. 

එක්සත් ජනපදයේ ඇති ප‍්‍රධානතම ආයතනය වන්නේ වෘත්තීමය පත‍්‍රකලාවේදීන්ගේ සංගමයයි. එහි සදාචාර පූර්විකාවේ දැක්වෙන පරිදි,
ජනතාව දැනුවත් කිරීම, සාධාරණත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනමය. පත‍්‍රකලාවේදීන්ගේ වගකීම නම් සත්‍ය සොයා ගොස් සිදුවීම් පිළිබඳව සාධාරණ විස්තරයක් සැපයීම ය. පත‍්‍රකලාවේදීන් මහජනයාට අවංක විය යුතු ය. වෘත්තීය අවංකභාවයේ පදනම වන්නේ පත‍්‍රකලාවේදීන්ගේ විශ්වාසනීයත්වය යි.
පුවත්පත් නැති ආණ්ඩුවක් ඇති සමාජයක් සහ ආණ්ඩුවක් නැති පුවත් පත් ඇති සමාජයක් අතර තේරිමකට බල කරතොත් නොපැකිලිව ම තෝරා ගන්නේ දෙවැන්නයි.
        -   තෝමස් ජෙෆර්සන් -

මේ අනුව පුවත්පත් මාධ්‍ය යනු, ගාමක බලවේගයක් හිමි සමාජයේ පෙර ගමන්කරුවෙකු බව පැහැදිලි වේ.මාධ්‍ය නිදහස යනු සිය පුරවැසියන්ට සහ ඔවුන්ගේ සමාගම්වලට මෙන්ම ප‍්‍රවෘත්ති වාර්තාකරුවන්ට සහ ඔවුන්ගේ ප‍්‍රකාශනවලට නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරිමට රජය දී ඇති ඇපය ය. ප‍්‍රවෘත්ති එකතු කිරිම සහ ජනතාව අතර බෙදා හැරීමට සහ තොරතුරු ලබා ගැනිමට ද මෙය අදාළ වේ. බොහෝ රටවල මෙය ආරක්ෂාව සඳහා ව්‍යවස්ථානුකූල හෝ නීතියට ප‍්‍රතිප‍්‍රධාන පවතී.

රාජ්‍ය තොරතුරු ලබා ගැනීමේදී තොරතුරු වර්ගීකරණයක් පවතී. සංවේදී වර්ගිකෘත්ත රහසිගත හෝ ජාතික අභිලාෂය ස`දහා අවශ්‍ය වශයෙන් තොරතුරු වර්ග කෙරේ. මේවායින් කුමක් අනාවරණය කළ යුතු ද යන්න රජය විසින් තිර කරයි. බොහෝ රටවල ජාතික අභිලාෂයේ සීමාවන් නිර්වචනය ස`දහා මාධ්‍ය නිදහස පිළිබඳ නීති යොදා ගැනේ.



Monday, 10 September 2018



තේ වෙනුවට coke





සවස කාර්යාලීය කටයුතු කලමනා අහවර වී, තෙහෙට්ටුවෙන් යුතුව තරුණ යුවල නිවසට පැමිණෙන්නේ සිය විඩාව නිවා ගැනීමේ මූලික පරමාර්ථය පෙරදැරිව වග පෙනී යයි. නිවසට ගොඩවූ විගස තරුණ බිරිය කෝප්ප දෙක පසෙකින් තබා වතුර කේතලයක් ලිප මත තබයි.

තරුණ සැමියා පසෙකින් තබන ලද වාහනයේ යතුර, සුඛෝපභෝගී ගෘහ භාණ්ඩ ඔස්සේ අනියමින් සන්නිවේදනය කරනුයේ මොවුන් විධායක පංතියේ රැකියා කරන, ධනවත් යුවලක් බවයි. එමෙන් ම සාමාන්‍ය පවුලක මෙන් නොව, මෙහි ඇත්තේ නවීන පන්නයේ උඳුනකි. එය සාමාන්‍ය ගෑස් ලිපකට වඩා මිල අධික වූවකි.

එමෙන් ම මෙහි සැමියාගේ ඇඳුම් පැළඳුම් තුළින් ද දිස් වනුයේ ඔහු ඉහළ පැලැන්තියේ රැුකියාවක් කරන මහත්මයෙකු බවයි. බිරිය ඇඳ ඇති ඇඳුම් කාන්තාවන් කාර්යාලීය කටයුතු සඳහා අඳිනු ලබන නවීන මෝස්තරයෙන් මසන ලද ඇඳුමකි. එතුළින් දිස්වනුයේ ද ඇය කිසියම් පෞද්ගලික අංශයක රාජකාරී කරන්නියක බවයි.

තවද බිරියගේ රතු පැහැති හැට්ටය තුළින් කෝක-කෝලා පිළිබඳ සන්නිවේදනය කෙරෙන අතර ම පසුකාලය තුළ ද රතු මිශ‍්‍රිත වර්ණ භාවිතයක් හඳුනා ගත හැකි ය.
මෙහිදී බිරිය තේ පානයක් සකස් කිරීමට සූදානම් වේ. වතුර කේතලයේ වතුර උණුසුම් වූ බවට නිකුත් කෙරෙන හඬ සවනට වැකුණු සැමියාට සිහිවන්නේ වෙනකකි. ඔහු සිය බිරිය විඩාපත්ව තේ පිළියෙල කරන්නට සැරසෙනු දැක වහා ගොස් ශීතකරණය තුළ වූ කෝක-කෝලා බෝතල් දෙකක් ඉන් ඉවතට ගනී. පසුව තේ කෝප්ප යුගල පසෙකට කරයි. එය ප‍්‍රබල සංඥාවකි. තවද කෝප්පයක් ගෙන ඊට වඩා කෝක-කෝලා පානය වඩා යහපත් එකක් බව පෙන්වා දෙයි.

මේ අවස්ථාව මෙම දැන්වීමේ ප‍්‍රබලත ම අවස්ථාව ලෙස පැවසීමේ වරදක් නැත. සාමාන්‍යයෙන් කවරවුව රටක, නගරයක, ගමක අයෙක් විඩාව, තෙහෙට්ටුව මඟහරවා ගැනීමට උණුසුම් තේ, කෝපි හෝ චොක්ලට් වැනි උත්තේජක පානයන් ලබා ගනී.
මෙහිදී පෙන්වා දෙනුයේ එවන් ප‍්‍රබෝධමත්, උත්තේජනයකට කදිම විසඳුම වනුයේ තේ පානය නොව, කෝක-කෝලා පානය බවයි.

මෙහිදී තරුණ සැමියාගේ කෙළිලොල් බව, ආකර්ෂණීය පෙනුම, ජවය පිරුණු හැසිරීම් රටා ආදිය යොදා ගෙන ඇති අතර මේවා තරුණ ප‍්‍රජාව ආකර්ෂණය කරගැනීමට සමත් ය. බිරිය ද ඔහුගේ හැසිරීමෙන් වික්ෂිප්තව සිටිනු පෙනේ. තාරුණ්‍ය තුළ, අලූත සිදුවූ විවාහය තුළ පවතින මිහිර, සැහැල්ලූව, සතුට, විනෝදය වැනි කාරණා වඩා ආකර්ෂණීය අන්දමින් මෙතුළ හුවා දක්වමින් මනෝමය වශයෙන් ග‍්‍රාහකයා තුළ පවතින සිහින ලොවකට ආමත‍්‍රණය කරනු ලබයි.

ධනවත් ලෙස, යානවාහන සහිතව, නවීන ගෘහභාණ්ඩ, නවීන විදුලි උපකරණ පිරුණු සුඛෝපබෝගී නිවසක තම සැමියා හෝ බිරිය සමඟ සතුටින් වෙසෙන්නට තාරුණ්‍ය තුළ ඇත්තේ අමරණීය සිහිනයකි. කෝක-කෝලා පානය එම සිහිනය යථාවක් කරවන බවට ග‍්‍රාහකයා වෙත සන්නිවේදනය කෙරේ.

ලොව වැඩි ම පිරිසකගේ පි‍්‍රයත ම පානය බවට පත්ව ඇති ‘‘තේමුලින් ම සොයා ගෙන ඇත්තේ චීනය විසිනි. දහවෙනි සියවසේදී පමණ ජිවත් වූ චීන අධිරාජ්‍යයෙකු වූ හුයිසුන් (1100-1126)  සැබෑ ම තේ රසවතෙක් ලෙස සැලකේ. කෝපි පානයට ද එවන් ම ඉතිහාසයක් ඇත.

එමෙන් ම චොක්ලට් සහිත උණුසුම් පානයක් ද මායාවරුන් විසින් මීට වසර දෙදෙහසකට පමණ පෙර නිර්මාණය කළ බවත්, අද වන විට මෙම පානය ද ලොව පුරා අතිශය ජනපි‍්‍රය වූ පානයක් වන බවත් නොරහසකි.

මෙලෙස මානව වංශකතාවේ අක්මුල් සමඟ ලේ නෑකම් පවත්වනු ලබන එවන් උත්තේජක පානයන් ඉවතලමින් කෝක-කෝලා හි ආගමනය, අද වන විට ඔවුන්ගේ අභිමතය පරිදි ම සමාජගතවී ඇත්තේ මෙම දැන්වීම් ඔස්සේ යොදා ගෙන ඇති ජනපි‍්‍රය සංස්කෘතිකාංග නිසාවෙනි. නිරන්තරයෙන් ප‍්‍රශ්නවල පීඩනයට පත්ව සිටින මිනිසුන්ට මෙම දැන්වීම් තුළින් පෙන්වන අධියථාර්ථය ඔස්සේ මැවෙන මනෝරාජිකය මිහිරි ය. එමෙන් ම දැන්වීමේ, පි‍්‍රයාව කෝක-කෝලා පානය කරන්න ඉඩ දෙන්න, යනුවෙන් පවසනුයේ සිත්ගන්නා සුළු මිහිරි සංගීතමය ස්වරයකිනි. එය ද ග‍්‍රාහක මනස කෝක-කෝලා මිළදී ගැනීමට පොළඹවා ලන්නකි. මෙතෙක් සාම්ප‍්‍රදායිකව, ගතානුගතික ලෙස පානය කළ තේ, කෝපි පානයත් වෙනුවට අනවශ්‍ය පාරිභෝජනයක්, අත්‍යවශ්‍ය එකක් ලෙසින් ග‍්‍රාහක මනස තුළ ගොඩනඟන්නට මෙම දැන්වීමේ යොදා ගෙන තිබෙන ජනපි‍්‍රය සංස්කෘතික ලක්ෂණ ප‍්‍රබල හේතුවක් බවට පත්ව ඇතැයි පෙන්වා දිය හැකි ය.

වීඩියෝව නැරඹීම සඳහා පිවිසෙන්න...

https://www.youtube.com/watch?v=rc4OPxPV9R4

Thursday, 30 August 2018


ඥනාර්ථ ප‍්‍රදීපය

මෙම පුවත්පත් ආරම්භ වන්නේ 1866 ජූනි මස 07 වන බ‍්‍රහස්පතින්දා දිනය. මෙම පුවත්පතෙහි පළමු කර්තෘවරයා වූයේ ජුවාන් ප‍්‍රනාන්දු මහතා ය. එතුමා සිංහල පාඨමාලාචාර්යවරයෙකි. ඥනාර්ථ ප‍්‍රදීපය ලෙස පළ වූ ප‍්‍රථම පුවත්පත මුද්‍රණය කරනු ලැබුවේ කොළඹ කොටහේන අනත් දරු පාසලේහි පළමු පුවත්පත පිටු 4 කින් සමන්විත වූ අතර එතුළ කාලීන වශයෙන් වැදගත් තොරතුරු සේ ම කතෝලික ආගමික කරුණු කාරණා මෙහි අන්තර්ගත කර තිබේ.

මෙම පුවත්පත පළවන මුල් සමයේ අගරදගුරු පදවියක් නොතිබූ අතර එකල පැවතියේ ඥණපදවියකි . එ් අනුව ‘‘පීඨ ඉලාරි පූජකවරයාපත‍්‍රයේ අනුශාසක වශයෙන් ආරම්භක සමයේ කටයුතු කර තිබේ.

ඥනාර්ථ ප‍්‍රදීපය සතියකට වරක් බැගින් ප‍්‍රකාශයට පත් කර ඇති අතර සෑම බ‍්‍රහස්පතින්දා දිනක ම පුවත්පත පළ කරන ලදී. මෙම පුවත්පත සාමාන්‍ය පුවත්පත් වෙළඳපල තුළින් මිලට ගන්නේ නම් එක පත‍්‍රයක් පැන්ස 03 ක් පමණ වූ අතර ,
කර්තුවකට (මාස 03 ට) මුදල් ගෙවා පුවත්පත වෙන් කර ගැනීමට ද පාඨකයාට අවකාශ සලසා තිබුණි. මාස 03 සඳහා සිලිං 2 යි පැන්ස 06 ක් ගෙවිය යුතු විය.

එකල පුවත්පත ‘‘ලංකාවේ හවුල් ගණන් නියම වූ කතෝලික සමාගමමඟින් නිකුත් කරන ලද අතර එම සමාගම පවුම් 2000 ආරම්භක ප‍්‍රාග්ධනයක් යොදවා සාමූහික සමාගමක් ලෙස ආරම්භ කරන ලදී.

මුල් කාලයේ පටන් ම ඥනාර්ථ ප‍්‍රදීපයේ මුදල් භාර ගැනීමට කොළඹ කොටහේන , මොරටුව , කළුතර , ගාල්ල , මහනුවර , මාතලේ , ගම්පොළ , තංගල්ල, කඩුගන්නාව, රත්නපුර , නුවරඑළිය , බදුල්ල , මීගමුව , ජාඇල , පමුණුගම , ආදී ප‍්‍රදේශ රාශියක් නියෝජනය කරමින් නියෝජිත මහතුන් පත්කර තිබිණි. ඒ අනුව පෙනී යන්නේ මෙම පුවත්පත ආරම්භක අවධියේ පටන් ම දීප ව්‍යාප්තව පැවැති බවයි.

පළමු පුවත්පතේ පටන් ම සඳහන් වන්නේ පුවත්පතෙහි ලිපි සැපයීමේදී අන් අයට අපහාස කිරීමට, සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට, අන් අය හෙළා දැකීමට කටයුතු නොකළ යුතු බවත් ‘‘සභාවේ යහපතත් සැදැහැවතුන්ගේ යහපතත් සඳහා ’’ ලිපි පළ කළ යුතු බවත් ය.

පළමු පුවත්පතෙහි   අපට ලියුම් එවන තැනැත්තන්ටයනුවෙන් ප‍්‍රකාශනයක් දක්වා තිබේ. එනම්,
 ඊර්ෂියා , ක්‍රෝධ පිරිමසා ගන්නා අදහසින් අපහාස කර ලියා එවන සෑම ලියුම් වළකනු ලැබේ

යනාදී වශයෙන් දක්වා ඇති අතර එතුළින් පෙනී යන්නේ පුවත්පත ආරම්භයේ පටන් ම සමාජ යහපැවැත්ම සකස් කරලීම උදෙසා කටයුතු කළ බවයි.

1866 ජූනි 7 වන දින පළවූ ප‍්‍රථම ඥනාර්ථ ප‍්‍රදීපය පුවත්පතෙහි මුල් ම කතුවැකිය තුළින් කියා සිටින්නේ ඥනාර්ථ ප‍්‍රදීපය ජනතාවගේ ආත්මීය සංවර්ධනය උදෙසා පළ කරන්නක් බවයි. එහි මාතෘකාව වනුයේ,

මූලාරම්භය හෙවත් ඥනාර්ථ ප‍්‍රදීප තත්ත්වය

පළමු පුවත්පතෙහි පළවූ ප‍්‍රවෘත්ති අතර කඩුගන්නාව දුම්රිය මාර්ගය කඩිනමින් සකස් වන බව පවසමින් ලිපියක් පළවී තිබේ.

 රේල්වේ නොහොත් දුම්රථය යන පාර ලෙස එහි ශීර්ෂ පාඨය සකස් කර තිබේ.
ආරම්භක පුවත්පතේ පටන් මේ දක්වා විවිධ කතුවරයන් , සංස්කාරකවරුන් යටතේ පුවත්පත තුළ විවිධ වෙනස්කම් නිර්මාණය වී ඇති අතර මෙම පුවත්පතේ මුල් ම කර්තෘ ජුවාන් ප‍්‍රනාන්දු මහතා වූ අතර ඔහුගෙන් පසුව එ්.එච්.පී දබරේරා , එ්.එම් ජයවර්ධන ආදී ලෙස කර්තෘත්වය ක‍්‍රමයෙන් වෙසන් වී තිබේ.

පුවත්පතෙහි කුතුවරුන් පිළිබඳ කතා කිරීමේදීත් ගරු මර්සලීන් ජයකොඩි පියතුමා ඉතා සුවිශේෂී චරිතයක් වෙයි. ඔහු පුවත්පතට සම්බන්ධ වී පුවත්පතේ වෙනස්කම් රාශියක් සිදු කර ඇති අතර ඔහු කර්තෘවරයා වන්නේ 1940 දශකය තුළයි.
1866 කොටහේනේ ප‍්‍රකාශයට පත් වූ පුවත්පත , 1900 ආරම්භයේ පටන් බොරැුල්ලට රැගෙන එන ලදී.

පළමු පුවත්පතේ පටන් ම කාලීනව අත්‍යාවශ්‍ය කරන කරුණු කාරණා පළ කරමින් ආගමික මෙන් ම කාලීනව වශයෙන් වැදගත් තොරතුරු සිදුවීම් ආදියද අන්තර්ගත කර තිබේ.

නිදසුන්

 වගා කටයුතු හා වාරි මාර්ග වල අවශ්‍යතාව පිළිබඳ ලිපි

 කොරළවැල්ලේ සිදු වූ මිනීමැරුමක් සම්බන්ධයෙන් ද ලිපියක් පළවී ඇත.

‘‘වෙළදාමනැමැති තීරුවක් වෙන් කර ඇති අතර අපනයනය කරන ලද භාණ්ඩ වල මිල ගණන් ආදිය එතුළ දක්වා ඇත. එය ව්‍යාපාරිකයන් සඳහා ප‍්‍රයෝජනවත් දෑ එහි වේ.

මෙම පුවත්පත 1866 සිංහල මාධ්‍යයෙන් ආරම්භ විය. 1869 දී ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ද පුවත්පත පළ කිරීම අරඹා තිබෙන අතර එය මැසෙන්ජර්නම් විය. එ් අනුව ආරම්භයේ පටන් ම අද දක්වා ම දියුණු මුද්‍රණ ක‍්‍රම භාවිතා කරමින් පෙරට වඩා ඉතා දියුණු මට්ටමින් පවත්වාගෙන එන බව ද පැවතිය යුතු ය. මේ වන විට වෙබ් ඔෆ්සෙට් මුද්‍රණ යන්ත‍්‍ර මගින් එහි මුද්‍රණය කරනු ලබයි. බෙදා ගැනීම් ජාලය ද පුළුල් වී ඇති අතර මෙහි සාමාන්‍ය පුවත්පත් වෙළෙඳපලෙන් මිළට ගැනීමට අවකාශයක් නොමැති අතර කතෝලික දේවස්ථාන වලින් මිළට ගැනීමට හැකි ය. එහෙත් මීගමුව හා ජාඇල ප‍්‍රසිද්ධ පොත් අලෙවි කරන ආයතන වලින් එම පුවත්පත් ලබා ගැනීමට හැකි විය.

මේ වන විට පුවත්පත සමතල රටාවන් මුද්‍රණ කොටස, වර්ණ පිටු භාවිතය ආදිය ඔස්සේ සතිපතා පිටු 32 ක් සහිත පුවත්පතක් ලෙස පළ කරනු ලබන අතර, විශේෂ අවස්ථා වලදී අතිරේක පුවත්පත් ලබා දීම ද සිදු කරයි.

වර්තමානය වන කතෝලික මුද්‍රණාලය නම්, කොළඹ අගරදගුරු හිමිපාණන් යටතේ පවතින ස්වාධීන ආයතනය මඟින් ඥනාර්ථ ප‍්‍රදීපය පුවත්පත පළ කරනු ලබයි. එය පාලනය කරනු ලබන අධ්‍යක්ෂකවරයා වනුයේ මහේන්ද්‍ර ගුණතිලක පියතුමන් ය.
1900 පමණ වන විට මුද්‍රණාලය හා පුවත්පතේ හිමිකාරීත්වය කොළඹ අගරදගුරු පදවිය ප‍්‍රදානය කරන ලද හෙයින් එම පදවිය හරහා පුවත්පතේ විකාශනය සිදුවිය. මෙම පුවත්පතේ වර්තමාන හිමිකාරීත්වය දරන්නේ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ය. ඔහු වත්මන් අගරදගුරු තුමා ය.

හිමිකාරීත්වය අගරදගුරු පියතුමා යටතේ පැවතිය ද, පුවත්පතේ සියලූ කටයුතු කලමනා සිදුවන්නේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන මහේන්ද්‍ර ගුණතිලක පියතුමන් අතිනි. සිංහල පුවත්පතේ (ඥනාර්ථ ප‍්‍රදීපය) වත්මන් කර්තෘවරයා වනුයේ ආචාර්ය ගුරු කැමිලස් ප‍්‍රනාන්දු පියතුමන් ය.

වත්මන් පුවත්පතේ අන්තර්ගතය දෙස බලන විට එය ආගමික ප‍්‍රවෘත්ති , අගමික , විදේශ ප‍්‍රවෘත්ති , සමාජීය වශයෙන් තිබෙන කාලීන ගැටලූ පිළිබඳ ලිපි, ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති , කතෝලික දහම පිළිබඳ දැනුවත් කිරීමේ ලිපි , පවුල් ජීවිතය සාර්ථක කර ගැනීම උදෙසා මඟ පෙන්වන ලිපි, කලාව සම්බන්ධ ලිපි, වෙළඳ දැන්වීම් අදිය තුළින් සකස් වී ඇත.
මෙහිදී වෙළඳ දැන්වීම් පළවන්නේ කිසියම් තෝරා බේරා ගැනීමකට යටත් කර වන අතර මංගල යෝජනා ආදිය පිළිබඳ පළ කිරීමේදී කිසිසේත් ම කුලය පළ කරනු නොලැබේ. ගබ්සාවන් හා සම්බන්ධ දේවල් පුවත්පතේ කීර්තිනාමයට හානි වන කවරවුම දැන්වීමක් පුවත්පතේ පළ නොකරයි.

මෙම පුවත්පතේ වාණිජකරණයට යටත් වූ වෙළඳ දැන්වීම් කලාවක් නොමැති අතර, පල්ලිවල තොරතුරු , මංගල්‍යයන් පිළිබ`ද විස්තර ආදිය පළ කරයි. එමෙන් ම පොත් පිළිබඳ මිය ගිය අයගේ සිහි කිරීම්, මංගල යෝජනා ආදිය පළ කරනු ලබයි. එහිදී අවශ්‍යයෙන්ම ප‍්‍රමිතිය පිළිබඳව දැඩි සැලකිල්ලක් කරනු ලබයිි .

මෙම පුවත්පත හුදෙක් කතෝලික දහම පිළිබඳ ප‍්‍රචාරය කරන ප‍්‍රකාශනයක් පමණක් ම නොවන අතර, අන්‍ය ආගමික සමඟින් සාමූහික සම්මිශ‍්‍රණයක් ලෙස ද විටෙක හඳුනා ගත හැකි අතර දේශපාලනික , ආගමික , සමාජීය , යන කාරණා සම්බන්ධයෙන් ද පුවත්පත තුළ තොරතුරු අන්තර්ගත කර තිබේ.


වැඩිදුර  තොරතුරු සැපයීම :- ශිරාන් මෛත‍්‍රී
සහකාර සංස්කාරක
ඥනාර්ථ ප‍්‍රදීපය
කතෝලික මුද්‍රණාලය


කුමාර සම්භවය


ශිව දෙවියන් හා පාර්වතී දෙවගනගේ පෙම් කතාව මෙහිදී ඉදිරිපත් කර ඇති අතර දෙවියන් යුවළ මිනිස් යුවළක්ගේ ලක්ෂණ හා ගතිගුණ ඇති පරිදි රසවත් ව විස්තර කර තිබේ.

හිමාලය පර්වතය, පාර්වතී නම් රූපයෙන් අග තැන්පත් කුමරියක ලබන බවත්, ඇය ශිව දෙවි`දුන් හා විවාහ පත්වන බවත් නාරද ඍෂීන් පැවසූ නිසා පාර්වතියව ශිව දෙවියන් වෙත යවන්නට ඇගේ පියා කල්බලා සිටි බව මෙහි දැක්වේ. එතුළින් එකල පැවති විවාහ චාරිත‍්‍ර වාරිත‍්‍ර මෙන් ම මිනිසා සතුව පැවති විශ්වාසයන් මෙන් ම ජ්‍යොතිෂ්‍ය ශාස්ත‍්‍රයේ පැවති දියුණුවත් පිළිබිඹු වේ. ඒ අනුව එකී සමාජ සංස්කෘතිය පිළිබ`ද ඇති ඥානය කාලිදාසයන් ට සිය නිර්මාණකරණය වඩාත් සාර්ථක කර ගැනීමට දායක වී ඇති බව කිව හැකි ය.

තාරක නම් රකුසාව මැඩ පැවැත්වීමට ශිවගේ හා පාර්වතීගේ එක්වී්මෙන් ලැබෙන දරුවෙකු අවශ්‍ය වූයෙන් වසන්ත ඍතුවෙන් හා රති නම් බිරිය හා එක්ව ශිව දෙවියන් තුළ කාමුක හැ`ගීම් ජනිත කරවීමට කාම දෙවියන් කටයුතු කරන අවස්ථාව තුළ ස්වභාවික පරිසර හා ශෘගාර රසය තුළ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව මනාව ප‍්‍රකට කරවයි.

පාර්වතිය හා ඇගේ මිතුරිය මල් පූජා කිරීමට පැමිණි මොහොතේ ශිව දෙවියන් විසින් පාර්වතිය දෙස බැලූ මොහොතේ දී කාම දෙවියන් තම ඊහරින් ශිව දෙවියන්ට විද්දේ ය. ඉන් කෝපයට පත් ශිව දෙවියන් තම ඇසකින් නික්මුණු ගිනිදැල් වලින් කාම දෙවියන් අළු කළ අතර එතැන් පටන් කාම දෙවියන් ‘‘අනංග’’ නම් විය.

ඍතුසංහාරයේ මෙන් ම මෙහිදී ද ස්වාභාවික වර්ණනාවන් සේ ම, කාමය උද්දීපනය කෙරෙන භාවිතාවන් දැකගත හැකි ය. මෙහි 3 වන සර්ගය තුළ කාමය හා ධර්මය යන අර්ථ 2 ක අතර ඇති භේදය, සටන් පිළිබද දක්වා ඇත. ඒ අනුව බලන විට අනංගයා මිනිසුන් තුළ ඇති කාමාශාව නිරූපණය කරවන අතර ශිව දෙවියන්ගේ චරිතය නිරූපණය කර ඇත්තේ ජීවිතයේ ආගමික හා ධාර්මික පරමාර්ථය ඔස්සේ කාම තෘෂ්ණාව මැඩ පැවැත්වීමට තැත් කරන ආකාරයයි. මෙතුළින් සමාජ සංස්කෘතිය පිළිබ`ද කාලිදාසයන් තුළ වූ තාර්කිකමය ගුණය විස`ද වේ.

තම ස්වාමියා වූ කාම දෙවියන්ට සිදු වූ විපත පිළිබ`ද සොවින් හ`ඩා වැටුණු රතී දෙව`ගන පැරණි සිරිතට අනුව ස්වාමියා සම`ග මරණයට මුහුණ පෑමට සූදානම් විය. මේ තුළින් ද කවිවරයා තුළ සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර වාරිත‍්‍ර ආදිය පිළිබද ඇති දැනුම උපකාරී කරගෙන තිබේ. ඉන්දියාව තුළ සිය ස්වාමියා මළ පසු ඔහු දැවෙන සොහොනට පැන මිය යෑමට කාන්තාවට උරුම වී තිබිණි. එය ඔවුන්ගේ සංස්කෘතික දායාදයක් විය. එය ද අභියෝගයකට ලක්කරමින් රතී දෙවගනගේ මෙකී මරණය දිව්‍ය වචනයක් තුළින් වැළැක්වී ය. මෙතුළින් කාලිදාසයන් ව්‍යංගයෙන් ඉදිරිපත් කර ඇත්තේ සැමියා මිය ගිය පසුව කාන්තාව සෑයට පැන මිය යාමේ සංස්කෘතිය යුක්ති සහගත වූවක් නොවන බව යැයි හැගේ.

මෙහි විවාහ මංගල්‍ය පිළිබද 7 වන සර්ගයෙහි දක්වා ඇති අතර, රාජ සභාව ඇසුරු කිරීමෙන් දැන ඉගෙන ගත් චාරිත‍්‍ර විධි, සම්ප‍්‍රදායන් මෙම විස්තරය සකස් කිරීමට කාලිදාසයන්ට බෙහෙවින් උපකාරී වන්නට ඇත.

Sunday, 26 August 2018

භාෂාව හා එහි ස්වභාවය

භාෂා මාධ්‍ය ඇති වීම, සිය අදහස් අනිකුත් අයට සන්නිවේදනය කිරීම ස`දහා තම කට හඬ ක‍්‍රමානුකූල ක‍්‍රමයකට හසුරුවා යොදා ගැනීම නැතහොත් කිසියම් ගැලපීම් රටාවකට අනුව ශබ්ද උච්චාරණය කිරීමේ, ක‍්‍රමයක් හුරුපුරුදු කොටගෙන එය වැඩි දියුණු කිරීමෙන් තම සමාජයේ සාමාජිකයින් සමඟ අදහස් හුවමාරු කර ගැනීම ස`දහා කතා කිරීමේ භාෂා නිර්මාණය කිරීමේ හැකියාව මානව වර්ගයට හිමි වීම සන්නිවේදන ඉතිහාසයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් වන්නේ ය. පුරාණ ලෝකයේ විවිධ මානව කණ්ඩායම් මෙසේ තමාට ආවේනික වු කතා කිරීමේ ක‍්‍රමයක් සංවර්ධනය කර ගැනීම නිසා වත්මන් ලෝකයේ අදහස් හුවමාරු කර ගැනීිම ස`දහා මාධ්‍ය කොට ගන්නා භාෂා දහස් ගණනක් දක්නට ලැබේ. මෙම සෑම භාෂාවක ම ආරම්භක අවස්ථාව විමසා බැලීමේ දී නව වචන එක්වීම, ශබ්ද වෙනස්වීම් ආදී වශයෙන් අද පවත්නා තත්ත්වයට ක‍්‍රමයෙන් එ්වා විකාශනය වෙමින් ආ හැටි අවබෝධ කර ගත හැකි ය. ලෝකයේ අනිකුත් සියලූ සතුන් අභිබවා මානවයාට මේ හැකිකම ඇති වුයේ අනිකුත් කිසිම සතෙකුට නොමැති කථා කිරීමේ හැකියාව, ස්වාභාව ධර්මය මගින් මානවයාට ලැබී තිබීම ය. එමණක් නොව අනිකුත් සියලූම සතුන් හා සැසඳීමේ දී මානවයාගේ කපාල ධාරිතාව ඔවුන්ට වඩා විශාල වන හෙයින් මිනිසාට අනිකුත් සතුන්ට වඩා යමක් සිතීම, නිර්මාණය කිරීම ආදී අංශ වැඩි දියුණු කර ගැනීමට තිබු හැකියාව ද මිනිසාට දෙපයින් නැඟී සිටීමේ හැකියාව හා සිය දෑත පාවිච්චි කරමින් වැඩ කිරීමේ හැකියාව ද ලැබී තිබීම අනිකුත් කිසිදු සත්ත්වයෙකුට නොහැකි පරිදි ඉතා හොඳ සන්නිවේදන ක‍්‍රමයක් නිර්මාණය කර ගැනීමට සාධකයක් වී ඇත. මෙසේ කතා කිරීමේ භාෂාවක් නිර්මාණය කර ගැනීම නිසා මානවයාට සිය අදහස් සිය සමාජයේ අනිකුත් සාමාජිකයන් සමඟ හුවමාරු කර ගැනීමට හැකියාව මෙන් ම අවස්ථාව ද උදා වුවා පමණක් නොව එක් එක් පරම්පරාව මගින් සමාජයේ සියලූම අංශ පිළිබඳ එතෙක් රැුස්කොට ගෙන තිබු දැනුම ඉදිරි පරම්පරාවට දායාද කර දීමේ හැකියාව ද හිමි වීමෙන් විශිෂ්ට මානව ශිෂ්ටාචාරයන් පහළ වීම සිදු වී ඇත.

මානව විද්‍යාඥයන් හා පුරාවිද්‍යාඥයන් විසින් දැනට අනාවරණය කරගෙන අති පරිදි ලොව අනිකුත් සතුන්ගෙන් වෙන්ව මානවයා ශිෂ්ටාචාර ගතවීම සිදු වන්නට ඇත්තේ මීට වසර ලක්ෂ දෙකකට පමණ පෙරාතුව ය. එම අවස්ථාවේ දී මානවයා කිසියම් ප‍්‍රමාණයකට ශබ්ද උච්චාරණය කිරීම හා කතා කිරීම කරන්නට ඇති බව සැලකේ. මේ තත්ත්වය ඇති වන්නේ හෝමෝ සේපියන්ස් නැමැති අවධියේ දී බව සැලකේ. මෙසේ මානවයා විසින් යම් දිනක නිර්මාණය කර ගත් භාෂාව සන්නිවේදනයේ දී ඉතා වැදගත් වී ඇත. එය අංශ දෙකක් යටතේ ක‍්‍රියාත්මක වී ඇත.

එහිදී ප‍්‍රථමයෙන් ඉහත සඳහන් කළ පරිදි භාෂණය හෙවත් කතා කිරිමේ භාෂාවක් නිර්මාණය කර ගැනීමත්, දෙවැන්න වශයෙන් එම භාෂණයේ ශබ්ද එක්තරා සංකේත ක‍්‍රමයක් භාවිතා කරමින් වෙනත් අයට සන්නිවේදනය කිරීමට ප‍්‍රයන්ත දැරීම නිසා නිර්මාණය වු ලේඛණ කලාවක් යනුවෙන් ය. ලේඛණ ක‍්‍රමයක් නිර්මාණය වීමට පෙරාතුව පටන් කතා  කිරීමේ භාෂාවක් ඇති වීමත් හේතුවෙන් තමා රැුස් කළ දැනුම හා අත්දැකීම් තම සමාජයේ අනිකුත් අයට සන්නිවේදනය කිරීමට හැකි වීම නිසා එම දැනුම දෙවැනි පරම්පරාවට ද දායාද කරදීමට හැකිවීම සමාජ සංවර්ධනය කෙරෙහි බෙහෙවින් බලපා ඇත. එම`ගින් මානවයාට තම පරිසරය තමාට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට හැකි විය. මානවයා ශිලාචාර වී සංස්කෘතියක් ඇති වීම කෙරෙහි මෙසේ කතා කිරීම මාධ්‍ය කොටගෙන සිය දැනුම සන්නිවේදනය කිරීමට පොහොසත් වීම ප‍්‍රධාන සාධකය වී ඇත. ලෝකයේ මුල් ම සමාජ වල පැවැති අධ්‍යාපන ක‍්‍රමය පිරික්සීමේ දී දේශන මාර්ගයෙන් ද භානක ක‍්‍රමය, මුඛ්‍ය පාඨ වශයෙන් ශබ්ද නගා කියවීමෙන් මතක තබා ගැනීම ද දක්නට ලැබේ. පුරාණ ඉන්දියාවේ බ‍්‍රාහ්මණයන් විසින් උපනිෂද් ඉගැන්වීමේ දී මේ ක‍්‍රමය භාවිත කිරීම මැඬි රැුළක ශබ්ද කිරීමට සමාන කර ඇත. ලේඛණ කලාව ආරම්භව තිබියදිත් කාලයක් යනතුරු මෙම ක‍්‍රමය ක‍්‍රියාත්මක වී ඇති ආකාරය භික්ෂුන් විසින් කොටස් වශයෙන් බෙදාගෙන බෞද්ධ විනය මුඛ පරම්පරානේ පවත්වාගෙන එ්ම දැක්විය හැකි ය. බෞද්ධ සාහිත්‍යයේ භානකවරුන් වශයෙන් සඳහන් වන්නේ මෙසේ මුඛ පරම්පරාවෙන් ධර්මය රැුකගෙන ආ භික්ෂුන් ය. එහෙත් මිනිසුන් විසින් රැුස්කල දැනුම කතා කිරීමෙන් පමණක් සන්නිවේදනය කිරීමේ දුර්වලතා දර්ශනය විය. එනම් කෙනෙකු විසින් කථනය මගින් සන්නිවේදනය කරන ලද දැනුම හෝ තොරතුරු තවත් කෙනෙකුට වෙනසකින් තොරව මතක තබා ගැනීමේ ශක්තිය කොතරම් කාලයක් තිස්සේ පවතී ද යන්න ය. එය එක් එක් පුද්ගලයා අනුව වෙනස් වීමට හැකි බව ය. එසේ දැනුම රැුස්කල යම් මානව කණ්ඩායමක හෝ සිටි දැනුම ඇති තැනැත්තා හදිසියේ මිය ගිය හොත් එතෙක් රැුස් කළ දැනුම නැති වී යෑමට හැකිවීම ආදී දුර්වලකම ඇති වේ. එවැනි සාම්ප‍්‍රදායික අධ්‍යාපන ක‍්‍රමයක දී ගුරුවරයා විසින් ගුරු මුෂ්ටිය තබා ගන්නේ යැයි යන සංකල්පය සමාජයේ දක්නට ඇත්තේ දැනුම සන්නිවේදනය කිරීමේ මෙම ක‍්‍රමය යටතේ ය. එසේ මුඛ පරම්පරාවෙන් දැනුම ලබා දීමේ දී ඉහත කී අයුරු ගුරුවරයා අවසානය දක්වා සිය දැනුම් සම්භාරය සහමුලින්ම ශිෂ්‍යයාට ලබා නොදී ගුරු මුෂ්ටි තබා ගැනීමෙන් පරම්පරා ගණනක් රැුස් කළ දැනුම නැති වී යෑමට ඉඩ සැලසුණි. පුරාණයේ පමණක් නොවන මෙම දුර්වලතා නිසා ශිල්ප ශාස්ත‍්‍ර ක‍්‍රම වලදී දැනුම නැති වී යෑම පාරම්පරික ශිල්ප ක‍්‍රම වලදී ද බොහෝ සෙයින් සිදු වී ඇත. මේ නිසා මිනිසාට සිය දැනුම සන්නිවේදනය කිරීමේ දී මීට වඩා සුරක්ෂිත හා නිශ්චිත උපක‍්‍රමයක් හෝ මාධ්‍යයක් සොයා ගැනීම ඵලදායක විය. භෞතික විද්‍යාත්මකව මානවයාගේ සංවර්ධනයත් සමඟ ම ඊටත් වඩා වේගයෙන් සමාජ සංස්කෘතික සංවර්ධනයක සිදු වී ඇත. මේ තත්ත්වය සන්නිවේදනයේ සංවර්ධනය කෙරෙහි ද බලපා ඇත.

භාෂාව යන්න නිර්වචන කිරීමේ දී සලකා බැලිය යුතු විශේෂ අංශ කිහිපයකි. ශිෂ්ටාචාරය හරහා මිනිසාගේ විශිෂ්ටතම නිර්මාණය වන භාෂාව විස්මිත බවක් ගනි. කෙසේ වුව ද මේ සියල්ල දෙස අවධානය යොමු කරමින් යම් ආකාරයක නිර්වචනයක් ඉදිරිපත් කිරීමට යොමු කළ යුතු අංශ කිපයකි. 01. වාග් විද්‍යා විෂය විය යුත්තේ මනුෂ්‍ය භාෂාවයි. 02. එහිදි භාෂණයට මුල් තැනත් ලේඛණයට දෙවන් තැනත් හිමි විය යුතුය. 03. නිර්වචනය කිරීමේ දී සංයුතිය මෙන්ම කාර්ය භාරය පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. 04. භාෂාව සමාජ නිර්මිතයක් බැවින් සාමාජීය කාර්යන්ටත් මුල් තැන දිය යුතුය. කාර්ය භාරය පිළිබඳව සැලකීමේ දී අදහස් පළ කිරීම, හැඟිම් පළ කිරීම, අභිලාෂයන් පළ කිරීම, සන්නිවේදනය, අන්‍යනෝය සහයෝගීතාවය හා ක‍්‍රියාකාරිත්වය ආදිය ප‍්‍රධාන වේ. මේ සියලූම අංශ කෙරෙහි සැලකිලිමත් වෙමින් නිර්වචනයක් ඉදිරිපත් කිරීම අති දුෂ්කර කාර්යයකි.

‘‘මිනිසා මිනිසෙකු වන්නේ භාෂාව නිසාය’’ - වීලේම් වෙන්හුම්

‘‘භාෂාව නම් මිනිසාගේ මානසික ක‍්‍රියාකාරිත්වයට පර්යාප්ත වන ප‍්‍රකාශනශිලී ගතියෙහි ආකෘතිය යි’’ - ලෙනාඞ් බ්ලූම්ෆීල්ඞ්

‘‘භාෂාමය පද්ධතියක් නම් අර්ථමය වෙනස්කම් මාලාවක් සමඟ බැඳුණු ශබ්දමය වෙනස් මාලාවකි’’ සොසුයයෝ

‘‘භාෂාවක් නම් මිනිසුන් සාමාජීය සමූහයක සාමාජිකයන් ද සංස්කෘතියක කොටස්කරුවන් ද වශයෙන් අන්‍යෝන්‍යමය ක‍්‍රියාකාරී හා සන්නිවේදනය සඳහා යොදා ගන්නා සම්මුතික වු වාග් සංකේත පද්ධතියකි.’’ බර්නාඞ් බ්ලොක්

ඉහත නිර්වචන සෑම අංශයක් කෙරෙහි ම සලකමින් විචාරයට ලක් කළහොත් පරිපූර්ණ කුමක්දැයි යන්න හඳුනාගත හැකි වෙයි. කෙසේ වුව ද  ඕනෑ ම භාෂාවක දක්නට ලැබෙන ආකෘතිකමය වු පොදු ලක්ෂණ කීපයක් මෙසේ දැක්විය හැක.

 ‘‘භාෂාවක් යන්න වාගාලාප හා වචන වලින් නිර්මාණය වී ඇති බව, වාගාලාප වචන නිර්මාණය වී ඇත්තේ කතා ශබ්ද අනුසාරයෙන් බව, වචන හා කථා ශබ්ද, සංකේත (සංඥ) සමූහයක් බව.

 ‘‘සංකේත හා අතර සම්බන්ධතාව සමාජ සම්මුතියක් වන අතර එ්වා සහජ සම්බන්ධයක් නොදක්වන බව.

 එ් එ් බසට සුවිශේෂි වු රටා හා රීති අනුව පද්ධතියක් ලෙස පිහිටන බව.

  ඕනෑම සාමාජයීය අවස්ථාවකට සරිලන ආකාරයෙන් නවතාවයන් සහිත වී ඇති බව.

භාෂාවේ ඉතිහාසය, භාෂාවේ ආරම්භය සම්බන්ධව විවිධ මත පවති. දෙවියන් වහන්සේ විසින් මෙය ආරම්භ කළ බවට ප‍්‍රකාශ කල ද භාෂාවේ ඉතිහාසය මිනිස් ශිෂ්ටාචාරය හා බැඳුණු බව පිළිගත යුතු කරුණකි. ශිෂ්ටාචාරය ම`ගින් විවිධාකාරයට පරිවර්තනය වු මිනිසා උපකරණ නිර්මාණය කිරීමත්, එ්වා පරිහරණය කිරීමත්, ඉදිරි පරපුරට එ්වායේ නිර්මාණය හා පරිහරණය පිළිබඳව කියා දීමත් සිදු කළ අතර එ් සඳහා භාෂාව භාවිතයට ද පෙළඹිණ. මේ ආකාරයට බලන කළ මීට අවුරුදු ලක්ෂයකට පමණ පෙර භාෂාව ඉපදී ඇති බව ඇතැමෙක් ප‍්‍රකාශ කරති. එසේ ම මෙම සංකල්පයට අනුව, අවුරුදු පන්ලක්ෂයකට පමණ පෙර භාෂා පැහැදිලි ලෙස දැක්වීම දුෂ්කර වන අතර වර්තමානය වන විට ලෝකයේ භාෂාවන් තුන් දහසක් පමණ භාවිතයේ ඇතැයි සැලකේ. (වැඩිම පිරිසක් චීන භාෂාව කතා කරයි* භාෂාවේ කාර්යභාරය, භාෂාව හඳුනා ගැනීමේ දී නැතහොත් නිර්වචනය කිරීමේ දී එහි කාර්යාභාරය හකුලා දැක්වීමක් සිදු කොට ඇති බව නිර්වචනයන් විමසා බැලීමේ දී පෙනී යන කරුණකි. බොහෝ විට පොදුවේ නැතහොත් සමාජමය කාර්යයන් ඉටු කිරීම ස`දහා භාෂාව උපයෝගී වන බව පෙනී යයි.

                                                                             රඝු වංශය


පැරණි වීර රජවරුන්ගේ චරිත කථාවන් පදනම් කර ගනිමින්, රාමායණය ගුරු කරගනිමින්, කාලිදාස ශූරීන් රඝු වංශය රචනා කර තිබේ.සූර්ය වංශයේ රජවරුන්ගේ වංශ කතා රාශියක් සංග‍්‍රහ කිරීමට මෙහිදී කාලිදාසයන් දැඩි ආයාසයක් ගෙන ඇති බව පෙනේ. වංශ විස්තර සඳහන් කිරීමේදී ඉතිහාස කතාවක් හෙළි කරන රචකයෙකු සේ ද උදාර නරවරයෙකුගේ චරිතය විස්තර කරන විට, වඩා රසවත් ද භාෂාව භාවිතා කර තිබේ.

මහා කාව්‍යයකට ඖචිත්‍ය ලක්ෂණ තැනින් තැන ඇතුළු කිරීමට ගත් උත්සහය තුළ මුඛ්‍ය රසයක් හෝ පාඨකයා කතා වස්තුවට සමීප කරවීමට හෝ කවිවරයා සමත් වී නැත.
මෙහිදී දිලීප රජු පුතෙකු නොමැති ව දුක් වූ අතර, ඔහු නන්දනී නම් දිව්‍ය ගව ධේනුව සිංහයෙකුගෙන් මුදවා ගෙන ඇගෙන් පුතෙකු ලබා ගැනීමේ වරය හිමි කර ගත්තේ ය. එතුළින් රඝු කුමරු උපන් අතර, එහිදී විශාල අශ්වමේද යාගයක් පවත්වන්නට විය. මේ අනුව, එකල ආගමික සංස්කෘතිය පිළිබ`ද කාලිදාසයන් සතුව දැනුම හා සමීපත්වය මත මෙම කාව්‍ය වර්ණනාවක් ගොඩනගා ගන්නට ඇතැයි අපට සිතිය හැක.

මෙම කව්‍ය තුළ රජවරුන්ගේ උත්සව අවස්ථා, රාජසභාව, ස්වයංවරය, විවාහ විධි, දිග්විජය, සංග‍්‍රාම, නගර, ජලක‍්‍රීඩා, පෙම්පුවත් පිළිබ`ද සේ ම ආගමික විශ්වාස, චාරිත‍්‍ර වාරිත‍්‍ර යනාදී විවිධ සංස්කෘතීන්ගේ ආභාෂය ලබාගෙන ඇති වග පෙනේ. දිලීප රජුගේ පුතු රඝු කුමරු රජු වූ පසු ව රාජ්‍යත්වයට පත්වන්නේ ඔහුගේ පුත‍්‍ර අජ කුමරු ය. ඉන් පසුව රාජ්‍යත්වයට පත් වූ දශරථ කුමරුන් පිළිබ `ද කතා පුවත රාමායණය තුළ ද දැක්වේ. රාම - රාවණා, රාමා - සීතා මෙන් ම ලක්ෂ්මණ පිළිබ`ද ඇති කතා පුවත් ද රාමායණය ගුරු කරගනිමින් රඝු වංශය තුළට කැටි කරන්නට කාලිදාසයන් සමත්ව ඇති බව ප‍්‍රත්‍යක්ෂ වේ.

සීතා පිළිබ`ද තොරතුරු පවසන අන්දම විමසා බලන කල කාලිදාසයන්ට තිබූ සමාජයමය අවබෝධය මනාව පසක් වේ. එකල සමාජ සංස්කෘතිය තුළ කාන්තාව යනු කවුරුන් ද ? ඈට එරෙහිව තිබූ බාධාවන්, ස්ත‍්‍රියකට එල්ලවන නින්දා, අපහාස යනාදිය පිළිබ`දවත් කාලිදාසයන් ලබා ගත් සමාජ සංස්කෘතික දැනුවත්භාවයක් මෙයින් පැහැදිලි වේ.
මෙහි අවසානයේ අග්නිවර්ණ නම් ස්ත‍්‍රී ලෝල වූ අවිනීත රජුගේ දුක්ඛිත මරණයත් සම`ග රාජවංශය අවසන් වී කාව්‍ය නිමාවන අතර එතුළින් කාලිදාසයන් සතු සමාජ දැනුවත්භාවය ප‍්‍රකට වේ.

ස්ත‍්‍රී ලොල් වූ දුශ්චරිතවත් පිරිස් ප‍්‍රතික්ෂේප කිරීම එදා පමණක් නොව අද සමාජයට ද පොදු කාරණාවකි. කාලිදාසයන් ද මෙකී සමාජ සංස්කෘතියට හිස නැමූ බව ද මෙතුළින් විද්‍යාමාන නොවන්නේ යැයි කාටනම් කිව හැකි ද?

මෙහිදී ස්වභාව සෞන්දර්ය වර්ණනාවන් රාශියක් ද හමුවන අතර එතුළින් ගැඹුරු හැ`ගීම් ඇති නොවුණත්, ස්වභාවය සෞන්දර්ය කෙරෙහි දක්වන දයාන්විත බවත් භාරතයේ ශ‍්‍රී සෞන්ර්යය හා සමාජය අරුත්බර සංක්ෂිප්ත ස්වරයෙන් වර්ණනා කොට ඇති ප‍්‍රබල ආකාරයත් නිසා එය කැපී පෙනේ.

උදා :- සරත් ඍතුවේ දී ලතාවෝ බාල ලදුන්ගේ පැහැපත් අත් ය. රන් දෙතොල් අතරින් දිස්වන ඔවුන්ගේ සුදු දත් පෙළ රත් පැහැගත් අශෝක පුෂ්පයන් තුළින් දිස්වන දෑ සමන් වැන්න.

රඝු වංශයේ 6 වන සර්ගයේ දී ඉනදුමතී කුමරියගේ ස්වයංවරය පිළිබ`ද දක්වා ඇති අතර මෙහිදී කුමාරියට ස්වකීය වල්ලභයා සිය කැමැත්ත මත තෝරා ගැනීමට අවසර ලබා දෙයි. මෙය එකල පැවති සිරිත් විරිත් සම්ප‍්‍රදායයි. එහිදී දක්ෂ සූදුකාරයෙකු නිසා කුමාරයෙක් ප‍්‍රතික්ෂේප කරන අතර සූදුවට ලොල් වූවන් තම පරිහානිය කෙරෙහි ගමන් ගනී, යන සමාජ සම්මතය කාලිදාසයන්ට ද ගෝචර වී ඇති වග පෙනේ. එමෙන් ම එකළ සංස්කෘතිය තුළ සුදුවට ලොල් වූ තරුණයින් පිළිබ`ද තිබූ ආකල්පමය ස්වභාව ය ද මෙතුළින් විසද වේ.

වර්ජිල් සිය ඊනිඞ් කාව්‍යයෙන් රෝමය වර්ණනා කොට අහම්බෙන් මෙන් රාජකීය පරම්පරාව හුවා දැක්වීමට ගන්නා උත්සහයට සමානව, කාලිදාසයන් ද සූර්ය වංශයේ ශ‍්‍රී විභූතිය දක්වමින් ගුප්ත රාජ වජශයේ උතුම් බව මෙන් ම බ‍්‍රාහ්මණ සංස්කෘතියේ පුනර්ජීවයත් වර්ණනාත්මකව දක්වා තිබේ.

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...